Sunday, November 6, 2016

(බොක්සින් සමාදි 93).............................උබ දන්නවද වැඩක්.....සවස සමාදිට කීවෙමි......මොකක්ද....ඇය ඇසුවාය....මාව කෙල්ලෙක් වෙනවට අම්ම කැමතියිලු බන්.....මම කීවෙමි...නෑ....පුදුමයෙන් පැවසූ සමාදි...අම්ම උඹත් එක්ක කිව්වද්?.....ඇසුවාය.....ඔව් බන් අද උදේ අම්ම මා එක්ක ගොඩක් විස්තර කිව්ව...මම පැවසුවෙමි.....ඔව් ඉතින් නැව පෙරලුනාම පෙරලුන පැත්ත හොදයි කියනවනෙ.....නැව නෙවෙයි බන් ඔරුව..ඔරුව පෙරලුනාම.....ඇගේ උපමාව නිවැරදි කලෙමි.....ඔව් ඉතින් උඹව කෙල්ලෙක් වෙන එක නවත්තන්න බැරි හින්ද....එහෙම කියන්න ඇති......ඒකත් නෙවෙයි බන්.....මම කීවෙමි.....අම්ම කියනව මාව කෙල්ලෙක් වෙලා ටික දවසක් ගියාම ගැහැනුකම එපාවෙලා ආයෙත් පිරිමි ඇදුම් අදින්න පටන්ගනී කියලලු මාව ආයෙත් කොල්ලෙක් කරන්න කිව්වෙ......මම පැවසුවෙමි.....දැන් බලනකොට මටත් එහෙම හිතෙනව බන්....කෙල්ලෙක් විදියට ඉන්න එක...උඹට කරදරක් විදියට හිතෙන එකක් නැද්ද......ඇය සැකයෙන් ඇසුවාය.....උඹට පිස්සුද බන් මට කවදාවත් එහෙම හිතෙන්නෙ නෑ.....මම කීවෙමි......ඇය සමච්චලයට මෙන් සිනාසෙනු දුටු මා....මෙයා හිතාගෙන ඉන්නෙ මෙයාට වගේ මටත් ගැහැනුකම එපාවෙයි කියල වෙන්න ඇති ....බලමුකො එහෙම වෙයිද කියල......මා කල්පනා කලෙමි.....සමාදී දුවේ මෙහෙ එන්නා....අම්මා මට කතාකලාය....අම්මගේ කාමරය තුලට රැගෙනගිය මට අම්මගේ අතේ තිබුනු කරාබු දෙක පෙන්වා.....මෙච්චර කල් ඔයාගෙ කන්වලට මේව දාන්න දුන්නෙ නැත්තෙ ඔයා කොල්ලෙක් වෙයි කියන බයට ....කරාබු දැම්මනම් කන්පෙතිවල සිදුරු ලොකු වෙනව.....කොල්ලෙක් උනොත් ඒක හරිනෑනෙ.....දැන් ඔයා ගැහැනු ලමයෙක් හින්ද මේ දෙක දාගෙන ඉන්න පුලුවන්......පැවසූ අම්මා.....මගේ කන් පෙති වලට එම කරාබු දෙක පැලැන්දුවාය.....නිතර කරාබු නොදා සිටීම නිසා කරාබුව පලදවන විට වේදනාවක් දනුනත් ගැහැනු ලමයෙකුට කරාබු දැමීම සුන්දරත්වය වැඩිවන බැවින් ඉවසාගෙන සිටියෙමි......කරාබු දෙක පැලදගත් මට මාදැන් නියම ගැහැනු ලමයෙක් යන හැගීම ඇතිවිය.........
එදා සිට මගේ ගැහැනු ජීවිතයට කිසිවෙකු විරුද්ද නොවීම ගැන සතුටු වුනෙමි.....ගැහැනු ලමයෙකු හැසිරෙන ආකාරය ගැන අම්මා නොයෙක් වර මට අවවාද දුන්නාය....පිරිමි ලමයෙකු මෙන් නොව ගැහැනු ලමයෙකු වූ මට සමාජයේ යම්කිසි නීති පද්ධතියකට යටත් වීමට සිදුවිය.....පිරිමි ලමයෙකුට තිබුනු ඒ නිදහස් ජීවිතය.... සීමාවකට කොටුවිය.....එහෙත් මා ඒ නීති මාලාවට විරුද්ධ නොවුනේ සෑම ගැහැනු ලමයෙකුටම මෙම නීති මාලාවලට යටත් වීමට සිදුවන බැවිනි.....කෙතරම් නීති තිබුනත් මෙම ගැහැනු ජීවිතයේ මා ගතකල පිරිමි ජීවිතයට වඩා යම්කිසි සුන්දරත්වයක් ඇතිබව තේරුනි......පාසැලේ සිටි යහලුවන්ට වඩා යෙහෙලියන් හොදබව තේරුනේ මා සමාදිමෙන් සැරසී පාසැල් ගිය කාලයේදීමය......ඔවුන් සමග ගතකරන කාලය ඉතාම සතුටුදායක විය... වෛද්‍යවරයා ..මා ගැහැනු ලමයෙකු ලෙස තීරනය කලාට පසුව මාත් අනිත් ගැහැනු ලමයින් මෙන් ගැහැනු ලමයෙකු ලෙස සිතීමට පටන්ගත්තෙමි.....ඔහු පවසන පරිදි මට ඉතුරුවී ඇති පිරිමි ලිංගයේ කුඩා කොටස තව ටිකදිනකින් නැතිවී යන බව තේරුම් ගත්තෙමි......එවිට මා පිරිමිකමෙන් නිදහස් වනබව කල්පනා කලෙමි.......පන්තියේ අධ්‍යාපන කටයුතු හොදින් කල අතර නැටුම් පන්තියටද නොකඩවා සහභාගී වුනෙමි......විශාකා ටීචගේ ගෙදර තිබුනු නැටුම් පන්තියට යෑමට හැකිවුනේ මා කෙල්ලෙක් වෙන බව අම්මා පිලිගත්තාට පසුවය.....
දවසින් දවස කාලය ගතවිය......මට තිබුනු පිරිමි ලින්ගික කොටස වෙනදාට වඩා වේගයෙන් කුඩාවෙන බව දුටු මට මා ගන්නා බෙහෙත් නිසා එසේ ඉක්මන් වනබව තේරුනි....මගේ පියයුරුද දිනෙන් දින වර්ධනය වන්ට විය.....දැන් මට තිබුනු පිරිමි ලිංගය ඇගිලි වලට අසුනොවන නිසා නිතරම ගැහැනු ලමයෙකු ලෙස වාඩිවී මුත්‍රා කිරීමට සිදුවීම ගැන සතුටට පත්වුනෙමි....
(දයාබර පාඨකයෙනි මෙතෙක් සමාදි යනුවෙන් හැදුන්වූ මගේ නිවුන් සහෝදරිය දැන් පිරිමි ලමයෙක් වී සහෝදරයෙක් බවට පත්වී ඇත ...ජනිත් යනුවෙන් හැදින ගත් මාව ගැහැනු ලමයෙක් වී ඇත.....මේ නිසා මෙතැන් සිත සමාදිට...ජනිත් යන පිරිමි ආමන්ත්‍රණයෙන් ඇමතීමට සිදුවන අතර.....මාව හදුන්වාගන්නේ සමාදි....යන ගැහැනු ආමන්ත්‍රණයෙනි)
ජනිත් ගේ බොක්සින් පුහුනුව ඉතා සාර්තකව සිදුවන බව දක්නට ලැබුනි......තාත්තා ඔහුව බොක්සින් සන්ගමයකට සම්භන්ද කලේ ඔහුගේ පුහුනුව වැඩිකර ගැනීම සදහාය.......අයියා පාසැල් ක්‍රිකට් කන්ඩායමට තෝරාගැනීම අප සැමගේ සත්ටට කරුනක් විය......

No comments: