Monday, November 7, 2016

(බොක්සින් සමාදි 96)................................ඉන් අන්තුරුව අම්මා මට ඇන්දවූ ගවුම එදා සමාදිට අන්දනලද ගවුමට වඩා ලස්සන යැයි මට තේරුනි.....මා ගවුමේ ලස්සන බලමින් සතුටුවුනෙමි......තරමක් දිගට වැවී තිබුන කොන්ඩය ලස්සනට පීරූ ඇය කටු ගසමින් හැඩකලාය.....මගේ කන්දෙකට එල්ලෙන කරාබු දෙකක් දැමූ අම්මා මේක අරන්දුන්නෙ ඔයාගෙ මාම එදා සමාදි ලොකුවුන කිව්ව දවසෙ. දැන් එයා ජනිත් හින්ද මේදෙක අයිති ඔයාට .....කාටවත් නොඇසෙනසේ රහසින් මෙන් කීවාය.....පෙන්ඩන්ට් එකක් දමන ලද රත්‍රන් මාලයක් පැලැන්දූ අම්මා මේක අරන් දුන්නෙ ඔයාගෙ ලොකු අම්ම......මේ වලලුදෙක සුදු පුන්චිගෙ.....රත්රන් වලලු දෙකක් අතට දැම්මාය.....මා ගැහැනු ලමයෙකු වූ පසු මෙතරම් රත්‍රන් ආභරන පැලදූ පලමු අවස්ථාව අදවිය......පිරිමි ලමයෙක් විදියට හිටියනම් මට මේවගේ ලස්සනට ඉන්න හම්බවෙන්නෙ නෑනෙ...මා කල්පනා කලෙමි....සියලු ආභරන වලින් සැරසුනු මා අම්මා මට දුන් බුලත් අත රැගෙන කාමරයෙන් එලියට ගියේ තාත්තාට බුලත් අත දී වැදීමටය ....ආච්චිටත් අම්මටත් සුදුපුන්චිටත් අයියටත් බුලත් අත දී වැන්දෙමි......ජනිත් මාදෙස සතුටින් බලා සිටිනු දුටුවෙමි.....මා අසලට පැමිනි ඔහු මගේ මුහුන සිපගත්තේය......එදා සමාදිගේ උත්සව දිනයේදී ඇයට දීමට ගත් තෑගි පාර්සලය අත තබගෙන ඇයගේ මුහුන සිපගැනීමට ලැජ්ජාවෙන් බලා සිටි අයුරු සිහිවිය....එහෙත් ජනිත් බවට පත්වූ ඇය.....කිසිම පැකලීමකින් තොරව මගේ මුහුන සිපගත්තේය.....මේ මට එදා හම්බවුන තෑගි ටික තියනවනෙ අද ඉදන් ඒ ඔක්කොම ඔයාගෙ.....ඔහු මගේ කනට කර පැවසුවේය.....ඒව තමා මම මේ දාගෙන ඉන්නෙ....මා පැලදගෙන සිටි රත්‍රන් ආභරන පෙන්වා පැවසුවෙමි.....මට එදා ඕව හම්බවුනාට බැලුවෙවත් නෑ බන්....උඹටනම් ඕව හොදට ගැලපෙනව.....ඇය පැවසූවිට.....මාව අද ලස්සනද බන් ...ඇසුවෙමි......ගොඩාක්.....ඔහු කීවේය.....මා සතුටින් සිනාසුනිමි......මගේ උත්සවය ඉතා චාම්වත් ලස්සනටත් පැවත්වූ බව පෙනෙන්ට තිබුනි.....එහෙත් මට සමහර කෑම තහනම් කර තිබුනු නිසා යම්කිසි දුකක් ඇතිවිය....මාත් ඔය කට්ට කෑවබන්...... මා අසල්ට පැමින පැවසූ ජනිත් .....මට එපාවෙලා හිටියෙ බන් ......මේ දවස් ටිකේ උඹටත් එපාවෙලා ඇති නේද ඇසුවේය.....මට නම් එහෙම එපා වුනේ නෑ....ගැහැනු ලමයෙක් උනාම මෙහෙම තමයි මම කීවෙමි......කාමරයකට කොටුවී මගේ නිදහස ඇහිරී තිබීම ගැන ජනිත් එසේ කතා කලත් මා එය එතරම් කරදරයක් ලෙස සැලකුවේ නැත......මා ලොකු ලමයෙක් වූපසු සිදුවීම් සතුටින් සිහිපත් කලෙමි......
මගේ මාසික ක්‍රියාවලිය ආරම්භවූ පසු මගේ සිරුර වේගයෙන් හැඩවෙන බව අම්මා පැවසූ අතර මටද ඒ වෙනස තේරුනි......මාව රූමත් තරුණියක් බවට පත්වීම සම්භන්දයෙන් බෙහෙවින් සතුටට පත්වුනෙමි....දින පතා මගේ පුරුෂ ලිංගය තිබුනු ස්තානයෙන් ඇතිවූ සිදුර ක්‍රමයෙන් ලොකුවන බවත් යටිඅතට පැල්මක් වැනි යමක් ඇතිවන බවත් දක්නට ලැබුනි...මේ අතර ජනිත් මට වඩා උසයන බව පෙනෙන්ට තිබුනි.....ඔහු දැන් මට වඩා උසිනුත් මහතිනුත් වැඩි නිසා අප දෙදෙනාගේ තිබුනු සමානකම් ක්‍රමයෙන් වෙනස්වෙන බව දක්නට ලැබුනි....මෙතෙක් කල් අප දෙදෙනාගේ තිබුනු සමාන කටහඩෙහි යම් වෙනසක් ඇතිවී ඇති බවද තේරුනි......අපි දෙන්න ඉස්සරවගේ උඹ මම වගේ මම උඹ වගේ රගපෑවනම් මේ වෙනකොට ඒක කරන්න බැරිවෙනව නේද.....මම ජනිත්ගෙන් ඇසුවෙමි.....ඒකනම් ඇත්ත තමයි හොදවෙලාවට මම කොල්ලෙක් වෙලා උඹ කෙල්ලෙක් උනේ....නැත්නම් මාර ප්‍රස්නයක් බන් වෙන්නෙ.....ඔහු පැව්සුවේය.....උබ කොල්ලෙක් උනේ නැත්නම් මේවෙනකොට උබට කොල්ලෙක් විදියට අදින්න බැරිවෙනව.....එහෙම උනානම් මට මොනව වෙයිද කියල හිතාගන්න බෑ.....ඔහු කීවේය.....ඒක නෙවෙයි උඹේ අර පොල්පැලේ භාරය ඔප්පුකරන්නෙ නැද්ද......ඔහු සිහිපත් කලේය.....ඒකත් කරන්න ඕනැනෙ.....කවද්ද දන්නෙ නෑ අම්මල අනුරාධපුරේ යන්නෙ?.....ඒ යනකොට මගෙ පොල් පැලෙත් ගෙනියන්න ඕනැ....මා කීවෙමි......අම්මටත් අමතකවෙලාද දන්නෙ නෑනෙ මතක් කරන්න වෙයි වගේ.....ජනිත් කීවේය.....
මා නිවාඩු ඇති හැමවිටම අම්මාට කුස්සියේ වැඩට උදවු කිරීම පුරුද්දක් කරගත්තෙමි....ගෙදර බඩුමුට්ටු පිලිවෙලට තබාගැනීම ගැහැනු ලමයෙකුගේ යුතුකමක් ලෙස සැලකූ මම නිතර නිවසත් ඒ අව්ටත් ලස්සනට තබාගැනීමට වෙහෙසුනෙමි......සමාදි ලමිස්සියෙක් උනාට පස්සෙ ගේ ලස්සන වෙලානෙ.....අපේ ගෙදරට පැමිනි ආච්චි කීවාය......එයා දැන් ඉස්සර වගේ නෙවෙයි අම්මෙ.....අම්මා කීවාය.....ඒක නේන්නම් ගැහැනු ලනයෙක් උනාම ගැහැනු ලමයෙක් විදියට ඉන්නඕනැ......සමාදි ඉස්සර හැසිරුනු ආකාරය සිහිපත් කල ආච්චි කීවාය.....
ටික දවසකින් අනුරාධපුරේ ගියෙ නෑනේද.....මා දිනක් අම්මාට අනුරාධපුරය ගැන සිහිකෙරුවෙමි......අනුරාධපුරේ කිව්වම මතක් උනේ මට භාරකුත් තියෙනව දෙන්න....පැවසූ අම්මා ...ලබන මාසෙ ඔයාලට නිවාඩුනේද තාත්තට කියල දිනයක් දාගම්මු......අම්මා කීවාය......එදාට මගේ පොල්පැලේ භාරයත් ඔප්පුකරන්න පුලුවන්.....මා සතුටට පත් උනෙමි......

No comments: