Monday, November 7, 2016

(බොක්සින් සමාදි 97)...............................අපේ දෙසැම්බර් නිවාඩුකාලය ලැබුනි.....මීලග අවුරුද්දේ අපිට යෑමට නියමිතව තිබුනේ නවයේ වසරටය.....අයියාගේ සාමාන්ය පෙල විභාගයත් එම වසරේ පැවැත්වෙන නිසා ලබන වසර ඔහුගේ වැඩ අධික වසරක්විය......දුව සමාදි ඔයා අසනීප වෙන්නෙ කවද විතරද.....අම්මා ඇසූ දෙය ලමිස්සියෙක් ලෙස තේරුම් ගත් මම.....තව සති දෙකක් විතර තියනව අම්මෙ.....මම කීවෙමි.....එහෙනම් අනුරාධපුරේ යන්න ලඟදීම දිනයක් දාගම්මු.....ඕක වුනාම ඒවගෙ සුද්ධ තැන් වලට යන්න හොද නෑනෙ.....කීවාය. අම්මා එසේ පැවසූ විට මා වෙන්කර තබා ගත් පොල් පැලය සිහිවිය......මට එය බැලීමට යෑමට වුවමනාවිය.....එහෙත් මා ඉස්සර මෙන් කොල්ලෙක් නොවන නිසා තනියම වත්ත උඩහට යෑමට නොහැක......මා ජනිත් අසලට ගියෙමි.....අර පොල් පැලේ බලන්න යමුකො ජනිත් ...මම කීවෙමි...මම පොඩි වැඩක් බන් ගිහින් බලල වරෙන්කො....ඔහු පොතක් දෙස බලාගෙන මා සමග කීවේය.....මට තනියම යන්න පුලුවන්නම් උඹට කතාකරන්නෙ නෑනෙ......මම කීවෙමි.....මොකක්ද බන් ඔතෙන්ට තනියම යන්න බැරිද.....මම නිතරම තනියම යන්නෙ වත්ත උඩහට.....ඔහු කීවේය......ඒ උඹ කොල්ලෙක් හින්දනෙ කෙල්ලෙක් උන මම කොහොමද බන් තනියම යන්නෙ අනිත් එක ටිකක් කැලේ වගෙත් තියෙනව....මම කීවෙමි...උඹ මහ ලොකුවට හිතාගෙන හිටිය නේද කෙල්ලෙක් උනාම ජොලි කියල දැන් තේරෙනව නේද ජොලියෙ තරම.....තනියෙම කොහාටවත් යන්නත් බෑ.....ඔහු ගැහනියක් වීමේ විපාක පෙන්වාදෙමින් පැවසුවේය......මේවගෙ පොඩි පොඩි කරදර තිබුනට මටනම් හිතෙන්නෙ මාව කෙල්ලෙක් උනාට පස්සෙ ඉස්සට වඩා ජොලියෙ ඉන්නව කියල.....ඉස්සරට වඩා හිතට හරිම සැහැල්ලුවක් බන් දැනෙන්නෙ.....මම පැවසුවෙමි......යමුකො.....ඔහු මා සමග යෑමට සූදානම් විය......පොඩ්ඩක් හිටහන් අම්මට කියල එන්න.....මම කීවිට .....අම්මට කියන්න දෙයක් නෑ බන් මෙන්න මෙහාට වරෙන් ......මම ඔහේට යන යන වෙලාවට අම්මමට කියල යන්නෙ නෑනෙ.....ඔහු කීවේය. ඒ උඹ දැන් කොල්ලෙක් හින්ද ඒ උනාට මම දැන් කෙල්ලෙක් .....කෙල්ලෙක් උනාම කොහේ හරි යනකොට අම්මට කියල යන්න ඕනැ.....මම කීවෙමි......කෙල්ලෙක් උනාම එහෙමත් නීතියක් තියෙනවද....ඔහු ඇසුවේය.....කොල්ලන්ට නැති නීති ගොඩක් කෙල්ලන්ට තියෙනව.....පැවසූ මම.....අම්මා අසලට ගොස්.....අම්මෙ මම වත්ත උඩහට යනව.....තනියම යන්නෙ එහෙම නෑ.....අම්මා කීවාය.....තනියම නෙවෙයි අම්මෙ.....ජනිත් එනව කිව්ව.....හ්ම්ම්ම්.....කී අම්මා මට අවසර දුන්නාය......මොකද බන් අම්ම උබව ඔයතරම් පරිස්සම් කරන්නෙ.....ජනිත් ඇසුවේය.....කෙල්ලෙක් උනාම පරිස්සම් කරන්න ඕනැනෙ බන් කොල්ලො වගේ නෙවෙයිනෙ.....මම කීවෙමි.....උඹ මොනව කිව්වත් කෙල්ලෙක් වෙන එක කරදරයක් කියල උඹට දැන්වත් තේරෙන්නෙ නැද්ද.....ඔහු ඇසුවේය......උඹට ඒක කරදරයක් වෙලා තිබුනට මට කරදරයක් නෑනෙ.....මම කීවෙමි. අපි පොල්පැලේ අසලට යනවිට එය තරමක් විශාල වී තිබුනි......මේක ලොකු වැඩි නැද්ද බන් මීට වඩා පොඩි එකක් නැද්ද......මා වෙන්කල කාලයට වඩා වැඩී තිබුනු පැලය දෙස බලා ජනිත් කීවේය.....තියෙනවනම් බලමු ....අපි ආයෙත් කුඩා පොල් පැලයක් හොයමින් වත්ත පුරා ඇවිද්දෙමු........එක් වරම ජනිත් නොපෙනී ගිය බැවින් මා වටපිට බැලුවෙමි......පදුරක මුවාවී සිටි ඔහු හිටගෙනම මූත්‍රා කරන ආකාරය දුටු මට සිනාවක් පහල විය.......මාත් ඒ කාලෙ ඔහොම තමා මූත්‍රා කලේ දැන් මට කවදාවත් ඔය විදියට කරන්න බෑ.....මට සිතුනි.....එහෙත් පිරිමි ලින්ගය නැතිවී ගැහැනු ලින්ගය පහලවීම ගැන සතුටක් දැනුනි.......ඔහු එනවිට පොල් පැලයක් ද රැගෙන එන බව දුටුවෙමි......හාවෙක් අල්ලන්න ගියා බන් හොදවෙලාවට මේක දැක්කෙ.....එම පොල් පැලය ගෙනයෑමට සුදුසු බව මටද පෙනුනි.......හාවෙක් නම් නෙවෙයි මීයෙක්නම් අල්ලගෙන ඉන්නව මම දැක්ක....මා සිනාසෙමින් කීවෙමි......උඹට ඉතින් ආශාවටවත් අල්ලන්න හිටිය මීයත් නැතුව ගියානෙ.....ඔහු කීවේය.....ඌ බෙනේ අස්සට රින්ගුව.....දැන් මට උගෙන් කිසි කරදරයක් නෑ.....මම පැවසූ විට ජනිත් හයියෙන් සිනාසුනේය......

No comments: