අපි මීලගට අනුරාධපුරය ගමනට සූදානම් උනෙමු......අලුතින් ගත් ඇදුම් කිහිපයක් අම්මා මාවෙනුවෙන් බෑක් එකට අසුරනු දුටුවෙමි.......දුව අර පොල්පැලේ ගෙනියන්න මතක තියාගන්න.....ඔයා උනයි කියන භාරෙ ඔප්පුකරන්න....පැවසූ අම්මා......මොකක්ද දුවේ ඒ භාරෙ...මට කියන්න බැරි එකක්ද....ඇසුවාය....ටිකක් කල්පනාකල මම...කියන්න බැරි එකකුත් නෙවෙයි අම්මෙ....කීවෙමි.....ඉතින් කියහන්කො.....ඇය කීවාය......මාව ඉක්මනට ගැහැනු ලමයෙක් වෙන්න කියල දෙවියන්ට භාර වුනා අම්මෙ.....මම පැවසූවිට....මාදෙස පුදුමයෙන් මෙන් බලාසිටි අම්මා.....එතකොට ඔයා ඉස්සර ඉදන්ම කෙල්ලෙක් වෙන්න කැමැත්තෙන්ද හිටියෙ.....ඇසුවාය.......මම ඔව් යනුවෙන් හිසින් පැවසුවෙමි.......මම ඒවගක් දන්නෙ නෑනෙ....ඒකතමා මෙයා ඉස්සරත් සමාදිගෙ ඇදුම් ඇදගෙන හිටියෙ.....සමාදිටනම් කොල්ලෙක්වෙන්න ඕනැ කියන පිස්සුව හොදට ඉහට ගහල තිබුනෙ......ඒත් මම හිතුවෙ නෑ ඔයාට කෙල්ලෙක් වෙන්න ඕනැකමක් තියෙනව කියල...මෙච්චර වටිනා පිරිමිකම තියාගෙන කෙල්ලෙක් වෙන්න ආශාවෙන් ඉන්නව කියල හිතන්නවත් පුලුවන්ද.......ඒකතමා මෙයාල ඒදවස්වල ඇදුම් මාරුකරගෙන අපිව රැවැට්ටුවෙ......ඩොක්ට එදා ඔයා ගැහැනු ලමයෙක් වෙනව කියල කිව්වම මට හිතුනෙ ඔයාට දුක හිතෙයි කියල......මම බයවුනා ඔයාට පිරිමි කම ඕනැ වෙයි කියල........ඔයාගෙ ආශාව මම කලින් දන්නවනම් ඩොක්ටට ඔයාව ආපහු කොල්ලෙක් කරන්න කියන්නෙ නෑනෙ.......එහෙනම් පොඩිකාලෙ ඉදන් සමාදිට කොල්ලෙක් වෙන්න උවමනාව තිබුන වගේ අපි නොදන්නව උනාට ඔයාටත් කෙල්ලෙක් වෙන්න උවමනාව තිබිල තියෙනව.......පුදුමෙ කියන්නෙ ඔයාලගෙ ඒ ප්‍රාර්ථනා ඒ විදියටම ඉස්ටවුන එකයි........ඔයාලගෙ ආශාවන් දිහාබලල දෙවියො ඔයාලගෙ පැතුම් ඉටුකරන්න ඇති මගෙ දුවේ.....අම්මා මාව තුරුලට ගෙන මුහුන සිපගත්තාය......මට පේනව දැන් ඔයාල දෙන්න ඉස්සරට වඩා ගොඩක් සතුටින් ඉන්නව කියල......ඔයා කෙල්ලෙක් උනත් ඔයා ඒගැහැනුකමට කැමතිනම් ඔයාගෙ ඒ සතුට මගෙත් සතුටක් දුවේ......ඇය මගේ හිස ආදරයෙන් අතගෑවාය.....දැන් මටත් දුවෙක් ඉන්නව මට හොද ලස්සන දුවෙක් ඉන්නව.....අම්මා මාව ඇගට තදකර ගනිමින් කීවාය.... මට මතක ඇතිකාලෙක අම්මා මට මෙතරම් ආදරය කල කලක් මතක නොතිබුනි......අම්මා මට මෙතරම් ආදරය කිරීමට හේතුව මා ඇය පර්තනා කරන ආකාරයේ ගැහැනු ලමයෙක් වීමනිසා බව මම තේරුම් ගත්තෙමි......මට තිබුනු පිරිමි ජීවිතය අතහැර ගැහැනු ලමයෙකු වී අම්මා සතුටු කිරීමට ලැබීම මගේ වාසනාවක් විය......කිසිවෙකුට නොකිව්වත් කුඩාකල සිට මා පැතූ ඒ ගැහැනු කම ලැබීම මගේ පිනක් පලදුන්නා සේ මට හැගුනි.......
No comments:
Post a Comment