(බොක්සින් සමාදි 113)........................ඒයි ජනිත් අයියෙ අද මට මාර හැපී බන්....අපි ගෙදර පැමිනුන ගමන් මා ජනිත්ට අයියාගේ අතදෙකෙන් අල්ලාගෙන පැවසුවෙමි......ඒ මොකද....ඔහු ඇසුවේය......මාව දැන් නියම කෙල්ලෙක් වෙලාලු බන්......මගෙ ඔක්කොම හරිගිහින්ලු......කියමින් මම ඔහුගේ අත්වලින් අල්ලා උඩපනිමින් සතුටු වුනෙමි. අම්මෝ හරි එකක් හම්බවෙලා ඔය තරම් උඩ පනින්නෙ......මෙය බලාසිටි ලොකු අයියා කීවේය.....මේ ඔයාට ලොකු නැතිවුනාට මේක මට ලොකුයිනෙ.....මම කීවෙමි......ලොකු පුතේ කවුරු මොනවකිව්වත් මට දැන් හොඳ දුවෙක් ඉන්නව......මෙයත් කොල්ලෙක් උනානම් මට ඒ දුව නැතිවෙනව.......අම්මා එසේ පැවසූවිට ඔහු කිසිවක් පැවසුවේ නැත......
මගේ ජීවිතය ඉතා සතුටෙන් ගෙවෙන්ට විය....අයියා සාමාන්‍යය පෙල විභගය ලිව්ව අතර එහි ප්‍රතිඵල ද පිටවිය ...ඔහු ඉතා උසස් ලෙස සමත් වීතිබුනු බවින් අපි සැමදෙනාම සතුටට පත්වුනෙමු.......ඔහුට උසස් පෙල කිරීම සදහා කොළඹ උසස් විද්‍යාලයකට ඇතුලත් කිරීමට හැකිවීම....විශාල ජයක්ග්‍රහනයක් විය......ඉගෙනීමේ වැඩ වලට අමතරව ජනිත් අයියා සටන් කලාව අතහැරියේ නැත ඔහු බොක්සින් මෙන්ම කරාටේ ක්‍රීඩාවද ප්‍රගුන කලේය....මීලග වසරේ අපිව දහය වසරට සමත්විය........ඒ වනවිට මාගේ හැඩය රූමත් තරුනියකගේ හැඩය ගනිමින් තිබුනි.....මාගේ පියයුරු දෙක තවදුරටත් වර්ධනය වූ අතර කර පලල් ගවුමක් ඇන්ද විට පපු පෙදෙසේ පියයුරු අතර කානුව කැපී පෙනෙන්ට විය......අම්ම හැට්ටෙ ඇදගෙන ඉන්න කොටත් මේ විදියට තමා පේන්නෙ.....මගේ පපු පෙදෙස අම්මාගේ පපු පෙදෙසට සමාන කරමින් කල්පනා කලෙමි......මාව කොල්ලෙක් නොවුනනම් මට දැන් උබට වගේ පපුවක්නෙ බන් තියෙනෙ.......මගේ පපු පෙඩෙස දෙස බැලූ ජනිත් අයියා විහිලුවට මෙන් කීවේය......ඉතින් උඹ කෙල්ලෙක් වගේ හැදුනනම් මම වගේ ලස්සන කෙල්ලෙක් වෙනවනෙ.....මම පැවසුවෙමි.......කොච්චර ලස්සන උනත් මට ගැහැනු ජීවිතේ අල්ලන්නෙ නෑ බන් ....පැවසූ ඔහු උඹටම් ඒක හොදට අල්ලල ගියානේද ඇසුවේය........අනේ මන්ද බන් උඹ කොල්ලෙක් වෙන්න ආශාවෙන් හිටිය වගේ තමයි මාත් පුදුම ආශාවකින්නෙ හිටියෙ කෙල්ලෙක් වෙන්න....මම පැවසුවෙමි.....මේ මන් උඹෙන් අහන්න කියල හිටියෙ උඹට දැන්වත් කෙල්ලෙක් වෙලා ඉන්න එක කරදරයක් කියල හිතෙන්නෙ නැද්ද.....ඔහු ඇසුවේය........මොන කරදරයක් ද.....මේ ජීවිතේට මම ගොඩක් ආශයි..එක අතකට බලනකොට....මේ ගැහැනු ජීවිතේ හරිම සුන්දර ජීවිතයක් බන්......ඔව් ඉතින් මාසෙකට සැරයක් ලේ ගලනකොට.....ඒ සුන්දර කම මතක් වෙනව නේද......ඔහු මට ඇනිම් පදයක් කීවේය......ඔය කොල්ලන්ට ඒක ලොකු දෙයක් උනාට මටනම් ඒක ගානක්වත්නෑ......ඒ දවස්ටිකේ ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනැ.....මම කීවෙමි......අම්මෝ මාව කෙල්ලෙක් වෙලා ඕකවුනානම් මට මොනව වෙයිද දන්නෙ නෑ..හොද වෙලාවට මාව කොල්ලෙක් උනේ......ජනිත් අයියා කීවේය.......අපිදෙන්නට මාර වැඩේ නේද බන් උනේ....මම හිතන්නෙ අපි විදින දුක දැකල දෙවියො උබව කොල්ලෙක් කරන්න ඇති මාව කෙල්ලෙක් කරන්න ඇති.....හැබැයි මම නම් මේ කල වුදව්ව්ට හැමදාම දෙවියන්ට පින්දෙනව.........මම කීවෙමි........
අපිට සාමන්‍ය පෙල විභාගය තිබුනේ ලබන අවුරුද්දටය ඒනිසා අමතර පන්ති වලට යෑමටද සිදුවිය.....මගේ රූමත් බවනිසා පිරිමි ලමුන් මාදෙස ඇසගසන බව මා නොයෙක් වර දැක තිබුනි....ඔවුන් මාසමග කතාකරන්න පෙලබෙන්නේ මගේ එම රූමත් පෙනුම නිසා බව මට වැටහුනි......එහෙත් මා ඔවුන්ගෙන් බෙරුනේ මාතුලහ කෙල්ලන්ට පිහිටා තිබුනු.....කොල්ලන්ගෙන් බේරීමේ ගතිගුන නිසාය......ඕනැම කොල්ලෙක් එන්නේ මොකටදැයි කීමට ගැහැනු වූ අපිට අමුතුම නුවනක් තිබුනි......ජනිත් අයියාද නිතර මාදෙස ඇසගසාගෙන මාව ආරක්ශා කරන බව තේරුනේ....කොල්ලන්ගේ ගතිගුන ඔහුද හොදින් දන්නා බැවිනි.......කොල්ලෙක් මාසමග වැඩිපුර කතා කරනු දුටුවොත් ජනිත් අයියා මා අසලට පැමිනෙන බව මා හොදින් දැන සිටියෙමි......ඔහුගේ සැර ගතිය නිසා ඔහුව හදුනන පිරිමි ලමුන්ද ඔහුට විරුද්දව කිසිවක් කිරීමට මැලිවිය......එහෙත් උපකාරක පන්තිවලට පැමිනෙන පිරිමි ලමුන් ජනිත් අයියා නොහදුන බවින් මා සමග නොමනා විහිලු කරන්ට විය......ජනිත් අයියාගේ මැදිහත් වීම නිසා කල්ගතවනවිට ඔවුන්ගෙන්ද මට කරදරයක් නොවුනි......
No comments:
Post a Comment