Wednesday, November 2, 2016


(බොක්සින් සමාදි 86)................................අම්ම ඒවගෙ වැඩක් කලොත් ආයෙත් මම කවදාවත් පිරිමි ඇදුම් අදින්නෙ නෑ....ඩොක්ට කිව්වොත් එහෙම ..ආපහු...එයාට මාව කොල්ලෙක් කරන්න පුලුවන් කියල....මම ඩොක්ට ගාවට යන්නෙත් නෑ......ඔන්නම් එයාල මට බනියි නැත්නම් ගහයි....වැඩිම උනොත් ගෙදරින් පන්නයි.....ගෙදරින් පැන්නුවොත් කොහේ හරි ගෙදරක වැඩකාර කමකට හරි යනව.... මගේ හැඩේ කෙල්ලෙක් වගේ හින්ද හැමෝම මාව කෙල්ලෙක් විදියට පිලිගනී.......මම මෙසේ හිතාගත්තෙමි......
මට මොනව වෙයිද බන්....දහවල් කෑමෙන් පසු සමාදි අසලට ගිය මම ඇසුවෙමි......මොනව වෙන්නද ඔය ඉන්නෙ හොදට...ඇය..මාදෙස බලා සිනාසෙමින් කීවාය.....විහිලු නෙවෙයි බන්.....අම්ම ඩොක්ටට කියයිද දන්නෙ නෑ මාව කොල්ලෙක් බවට පත්කරන්න මිස කෙල්ලෙක් බවට පත්කරන්න එපා කියල.....ඒ මොකද උඹ එහෙම කියන්නෙ.....සමාදි ඇසුවාය.....අම්ම කැමති නෑ බන් මාව කෙල්ලෙක් වෙනවට.....මම කීවෙමි......ඒකනම් මටත් තේරෙනව.....කෙල්ලො ඉන්නකොට අම්මට ලොකු වගකීමක් එනවනෙ....කොල්ලන්ට ඒවගෙ වගකීමක් ගන්න ඕනෙ නෑ...තනියම උනත් ගෙදර දාල යන්න පුලුවන්නෙ.....සමාදි කීවාය.....ඒවුනාට මම ආයෙත් කොල්ලෙක් වෙන්න කැමති නෑ බන්..මම කීවෙමි...උඹ දුක් වෙන්න එපා බන් ...අපි බලමු මොකද වෙන්නෙ කියල....මම උබට ඕනැ උදව්වක් කරන්නම් .....ඇය පොරොන්දු වූවාය......
පසුදින පෑසැල් ගිය මට නැටුම් උගන්නවන ගුරුතුමිය හමුවීමට පැමිනෙන ලෙස පනිවිඩයක් ලැබුනි.....මා විවේක කාලයේදී මගේයෙහෙලියක් සමග ඇය හමුවීමට ගියෙමි......ආ නෙලුම්..එන්න එන්න..මා දුටු ගමන් ගුරුතුමිය අඩගැසුවාය.....මගෙ නම නෙලුම් නෙවෙයි ටීච...මගෙ නම සමාදි....නෙලුම් කියන්නෙ නාට්ටියේ රග පෑව නම......ඔයාගෙ නම අමතක උන හින්ද එහෙම කතාකලේ.....ඔයා නෙලුම් මලක් වගේ ලස්සන හින්ද නෙලුම් කියල කතා කලත් කමක් නෑ නේද චිත්‍රා මිස්.....ඇය අසල සිටි අපේ පන්තිභාර ගුරුතුමිය දෙස බලා කීවාය.....චිත්රා ටීච සිනාසුනාය.......ඇයි සමාදි ඔයා කොන්ඩෙ කොටට කපල කන්වලට කරාබුත් නොදා කොල්ලෙක් වගේ ඉන්නෙ.....මගෙන් ඇසුවාය......කොන්ඩෙ වවන්න ඕනැ ටීච....මම කීවෙමි.....කරාබු දාන්න පුලුවන්නෙ....ඇයි කරාබු දාන්නෙ නැත්තෙ.....අම්ම මම කරාබු දානවට කැමති නෑ....මම කීවෙමි......ඒක තමයි විශාක මිස්.....මමත් කිව්වෙ නාට්ටියට හොදට පේන ලොකු කරාබු දෙකක් අරගන්න කියල...අම්ම කැමති නෑ කිව්ව.... ඒ හින්ද තමයි මාගාව තිබුන කරාබු දෙකක් ගෙනල්ල නාට්ටියට ගැලපෙන්න පැලැන්දුවෙ......කරාබු නොදා ඉදල තවු දෙකත් පුන්චි වෙලා තිබුන... අමාරුවෙන් තමා දැම්මෙ......කොන්ඩෙට විග් එකක් මෙයා ගෙනත් තිබුන...... ඒකෙන් කොන්ඩෙ කපල කියල අහුවුනේ නෑ.....චිත්‍රා මිස් දිගටම මා ගැන විස්තර ක්රන්ට වූවාය.......ඔයා කොන්ඩෙ වවල කරාබු දාල ඉන්න කොට මීට වඩා කොයිතරම් ලස්සනද කියල ඊයෙ තමා දැක්කෙ......අම්මට කියන්න කරාබු දෙකක් අරන්දෙන්න කියල.....හොද කරාබු ගන්න සල්ලි නැත්නම් ඉමිටේසන් දෙකක්වත් අරන්දෙන්න කියන්න.....විශාකා ටීච පැවසුවාය......මෙයාල සල්ලි නැති අය නෙවෙයි අනේ....මෙයාගෙ තාත්ත හමුදාවෙ මේජර් කෙනෙක්....හමුදාවෙ බොක්සින් උපදේශක ....සමාදිත් බොක්සින් දන්නව චිත්‍රා මිස්.....කීවාය.....ඇත්තද....මම ඒබව දන්නෙ නෑනෙ......එහෙනම් තාත්තට කියන්න කරාබු දෙකක් අරන් දෙන්න කියල......විශාකා ටීච කීවාය......ඒක නෙවෙයි මම ඔයාට එන්න කිව්වෙ......අපේ නැටුම් පන්තියට එන්න කියල කියන්න....ස්කෝලෙ පන්තියෙ උගන්නන්නම් වැඩිදුර ඉගෙනගන්න අපේ ගෙදර පන්තියට එන්න.....වැඩි ගානක් ගන්නෙ නෑ .....තාත්තට ඒක වියදම් කරන්න බැරිකමක් නෑනෙ.....ටවුම කිට්ටුව හින්ද එන්නත් ලේසිනෙ.....අම්මට කියල බලන්න.....එතකන් ස්කෝලෙ පන්තියට එන්න.......ඇය කීවාය..
මගෙ කන් දෙක පාලුයි.... ඇයි කරාබු දාන්නෙ නැත්තෙ කියල නැටුම් ටීච මගෙන් ඇහුවනෙ......එදා සවස සමාදිට කීවෙමි......ඉතින් අම්මගෙන් ඉල්ලල දාගනින්කො.....සමාදි කීවාය.....කිව්ව බන් මට ආයෙත් කොල්ලෙක් වෙන්න වුනොත් කන්වල තව් ලොකුවෙයි කියල බයයිලු.....මම කීවෙමි.....අම්මටත් විකාර බන්.....සමාදි තරහෙන් මෙන් පැවසුවාය.....ඩොක්ට හම්බවෙනකන් මේ එකවත් හම්බවෙන එකක් නෑ බන් තව දවස් දෙක තුනනෙ බලමුකො.....මා පැවසුවෙමි.....

No comments: