Wednesday, November 2, 2016



(බොක්සින් සමාදි 87).............................. උදයෙන්ම මගේ රුධිර සාම්පල ලබා දීමට ගියේ අනිද්දා වෛද්‍යවරයා මුනගැසීමට යෑමට නියමිත බැවිනි.....අතේ ලේගැනිමෙන් වේදනාවක් අතිවුවහොත් මට නාට්ටිය රගපැමට අපහසු වේයයි සැකයක් ඇතිවූ බැවින් ඊයේ රුදිරය දීමට නොගියෙමු.....තාත්තා මාව උදෙම්ම පරීක්ෂණා ගාරයට එක්ක ගියේය මගේ අතේ පටියක් බැන්ද සේවිකාව බෙහෙත් විදින කට්ටක් අතේ හම ඇතුලට යවා ලේ ගන්නාවිට මට බය හිතුනි....මේක ටිකක් වෙලායන රිපෝට් එකක් හින්ද හෙට හවසට එන්න.....සේවිකාව පැවසුවාය.....මාව වෛද්‍යවරයාට පෙන්වීමට නියමිතව තිබුනේ අනිද්දාටය......මා පාසැල් යෑමට සූදානම් වී පැමින සිටි බැවින් ඇද සිටියේ පාසැල් නිල ඇදුමය.....අතේ ලේ ගවුමෙ ගෑවෙන්නෙ නැතුව තියාගන්න.....අම්මා මට පැවසුවේ සුදුපැහැති ගවුමේ ලේ පැල්ලම් හොදින් පෙනෙන නිසාය......පාසැලට මාව ඇරලූ තාත්තා අම්මත් සමග ආපසුගියේය......පලමුවරට මා විශාකා ටීචගේ නැටුම් පන්තියට ගියේ අදය......මට පාඩන් කිහිපයක් කියාදුන් ඇය නැටුමේ ඉරියවුද කියාදුන්නාය.....ඇය කියාදෙනවිට මට නැටුම් ගැන ආශාවක්ද ඇතිවිය.....එහෙත් දිගටම මේ පන්තියට එන්න වෙයිද දන්නෙ නෑ.....ඒක තීරනය කරන්න වෙන්නෙ හෙට නෙවෙයි අනිද්ද......මාව කොල්ලෙක් කියල ඩොක්ට කිව්වොත් මේ නැටුම් පන්තියට ඇවිල්ල ඉවරයි......අනේ කවදාවත් එහෙම වෙන්න එපා.....මාව ආයෙත් කොල්ලෙක් නම් වෙන්න එපා මා සිතෙන් පතන්ට වුනෙමි....සමාදිට හොදට ඇග නවන්න පුලුවන්......හොදට පිටිපස්සත් තියෙන හින්ද නටනකොට ලස්සනයි......ගුරුවරිය කියාදෙන ඉරියව් වලට නටනවිට ඇය මට පැවසුවාය......සමහර ගැහැනු ලමයින්ට වඩා මගේ පිටිපස කැපී පෙනෙන බව මාද දැනගෙන සිටියෙමි.......සමාදිගේද මාගේමෙන් පිටුපස ලොකුවට තිබුනද දැන් එය අඩුවී ඇතිබව මට පෙනුනි......කොල්ලන්ට කෙල්ලන්ට වගේ පිටිපස්ස ලොකුවෙන්නෙ නැති හින්ද වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තෙ.....මට සිතුනි.......ඔයා දිගටම මේ පන්තියට එන්න.....ඔයාට හොද අනාගතයක් තියෙනව......පන්තිය අව්සානයේ ගුරුතුමිය පැවසුවාය......
මම විශාකා ටීචගෙ නැටුම් පන්තියට ගියාබන්.....සමාදි මුනගැසුනු මම කීවෙමි......කොහොමද හොදයිද....ඇය ඇසුවාය.....නියමයි බන් මට හරි ආශ හිතුන ඒ ටීචගෙන් ඉගෙනගන්න.....ඒත්......මොකද බන් ඒත් කියල නැවැත්තුවෙ.....සමාදි ඇසුවාය......මට දිගටම ඒ පන්තියට යන්න වෙයිද දන්නෙ නෑ බන්.....මම කීවෙමි.....ඕක ගැන කල්පනා එපා බන් මටනම් විස්වාසයි උඹට දිගටම යන්න පුලුවන්වෙයි කියල.....සමාදි කීවාය.....එහෙම වෙනවනම් හොදයි....මම දිග සුසුමක් හෙලුවෙමි......
අම්මෙ සමාදි දැන් නැටුම් ඉගෙන ගන්නවනෙ.....ගෙදර ගිය පසු සමාදි අම්මාට කීවාය.....ඔව් ඉතින් කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් නැටුම් ඉගෙන ගත්ත කියල අහක යන්නෙ නෑනෙ.......අම්මාගේ එම උත්තරයෙන් මාව තාම කොල්ලෙක් යන කල්පනාව තිබුනු බව තේරුම් ගත්තෙමි......අම්මගෙ හිත වෙනස් කරන්න පුලුවන් ඩොක්ටට විතරයි.....ඒ වුනාට අම්ම ඩොක්ටගෙ හිත වෙනස් කරල මාව කෙල්ලෙක් උනත් කොහොම හරි කොල්ලෙක් කරන්න කියයිද දන්නෙ නෑ.....මා කල්පනා කලෙමි.....
මගේ වෛද්‍යවරයා හමුවීමට යන දිනය උදාවිය.....අපි පාසැල් ගොස් පැමිනි පසු ඒ සදහා ලෑස්ති වන ලෙස අම්මා පැවසුවාය.....වෛද්යවරයාට මාව පරීක්ෂා කිරීමට පහසු වන ලෙස එදා ඇදගෙන ගිය සාය සහ බ්ලවුසය ඇදගැනීමට දුන්නාය......ලොකු පුතේ අපි ගිහින් එනකන් මල්ලිත් එක්ක ගෙදර ඉන්න......රෑවුනොත් දොර වගගෙන ඉන්න....රෑට කන්න මොනව හරි ගේන්නම්......අම්මෙ මට කොත්තුවක් ඕනැ....සමාදිගේ ඉල්ලීම විය.....බලපන්කො මාව දැන් ගෙදර දාල යනවනෙ.....ඉස්සර කවදාවත් මාව මෙහෙම දාල යන්නෙ නෑ අම්ම යන්නෙ කොහේද මාවත් එක්ක යනව......ඒ එදා මම කෙල්ලෙක් වගේ හින්ද....දැන් බලහන්කො බය නැතුව ගෙදර ඉන්න කිව්ව හැටි.....හැබැයි පුතෝ උඹත් කෙල්ලෙක් උනොත් එදා මම කාපු කට්ටම කන්න වෙනව.....සමාදි කීවාය...මාව කෙල්ලෙක් වෙනවනම් ඕනැ කට්ටක් කන්නම් බන්.....මම කීවෙමි.....

No comments: