Thursday, November 10, 2016


(බොක්සින් සමාදි 108).............................පසුදිනය අපේ කොකිස් හදන දිනය විය.....අම්මා කොකිස් මිශ්‍රණය සෑදූ අතර මා එය සාදන අයිරු ඉගෙන ගැනීමට මහන්සිවුනෙමි....ඔයා මේව හදන්න උනන්දු වුනාට දැන් හදෙන ගොඩක් ගැහැනු ලනයි මේව හදන්න ඉගෙන ගන්න ඕනැකමක් නෑ......අනේ මන්ද අපි නැතිවුනාට පස්සෙ මේ කැවුන් හදන්නෙ කවුද කියල.....ඔයා මේව ඉගෙනගන්න එක ලොකු දෙයක්.....අම්ම දුකෙන් මෙන් කීවාය.....ඇත්තටම මාත් කෙල්ලෙක් වෙලාමඉපදුනානම් මේ උනන්දුව මටත් තියෙයිද......මම කොල්ලෙක් වගේ ඉපදිලා කෙල්ලෙක් වෙන්න ආශාවෙන් ඉදල ඇත්තටම කෙල්ලෙක් වුන හින්දද මේ තරම් ගැහැනු කරන වැඩවලට කැමති........මා කල්පනා කලෙමි. අම්මා කොකිස් අච්චිව මිශ්‍රණයේ ඔබා තෙල්තාච්චියෙන් තිබ්බාය....එම මිශ්‍රණය තෙලේ බැදෙන අයුරු මා බලා සිටියේ සතුටිනි.....මුලින් කොකිස් කිශිපයක් අච්චුවෙන් ගලවා ගැනීමට අපහරු වීම නිසා ඒවා කැඩුනි පසුව හොදින් ගැලවෙන බව දුටු අම්මා.....දුවට ඕනැද.....මට කොකිස් අච්චුව දුන්නාය....මා අම්මා කලාක් මෙන් මිශ්‍රණය තුල අච්චුව දමා තෙලේ තබීමට සූදානම් වනවිට.....ඔහොන දැම්මොත් අගේට හිටියි.....කොකිස් අච්චුවේ තැවරී තිබුනු මිශ්‍රණය පිසදාන්ට විය....අච්චුවෙ උඩට පිටි ගාව ගන්න එපා එතකොට ගැලවෙන්නෙ නෑ.....ඇය මට උපදෙස් දුන්නාය.....අන්න එහෙම උඩට ගාවගන්නෙ නැතුව ගන්න.....මා අච්චුවට පිටි තවරන දෙස බලා සිටි අම්මා කීවාය.....සමහර කොකිස් නොගැලවෙන බැවින් මගේ අතින් ඒවා කැඩුනි....අම්මෙ කැඩෙනවනෙ....මම කීවෙමි....වැඩිය බැදෙන්න ඉසෙල්ල කූරෙන් බුරුල් කරගන්න.....අම්මා කීවාය.....අද කොකිස් ද හදන්නෙ.....පැවසූ ජනිත් මටත් එකක් දෙන්නකො.....ඔහු මගෙන් කොකිසයක් ඉල්ලුවේය.....තෙල් චාච්චිය ලිපේ තියෙද්දි ගැහැනු අපිටනෙ කන්න හොද නෑ කිව්වෙ මෙයාට ගානක් නෑ නෙ සිතූ මම හොදට බැදුනු කොකිසයක් දුන්නෙමි.....කොයන්න නැතුව එකකුත්දීපන්කො ......කොයන්න නැති එකක් කිව්වෙ .....ඔහු පැවසූ දේ එකවරම නොවැටහුනු මම ඇසුවෙමි....කොකිස් වල කොයන්න නැතිවුනාම....ඔහු සිනාසෙනින් කීවේය.....මෙහාට එනව හොද බැදිච්ච එකක් දෙන්න මා කොකිස් අච්චුව ඔහුගේ මුහුනට ලන්කලෙමි.....අපෝ ඔය කොකිස් මට ඕනැනෑ....ඔහු තවත් කොකිස් කිහිපයක් අතට අරගෙන ගියේය......ජනිත් කොකිස් ගෙනයන දෙස බලා සිටි අම්මා....මේකට මේ ටික හදනකන් ඉන්න බෑනෙ තියෙන පෙරේත කමට.....ඔය යන්නෙ කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න.....ඔහු මිදුලට යනු දුටු අම්මා මා සමග කීවාය ....ඕවට තරහ ගන්න එපා අම්මෙ කොල්ලොනෙ.....කොල්ලො උනාම අපිවගේ ගෙටවෙලා ඉන්නෙ නෑනෙ.....මම කීවෙමි....කොහොමත් ජනිත්ගෙ දාන්ගලේ වැඩියි. ඔයා ඒ දවස්වල කොල්ලෙක් වෙලා හිටියත් ඔහොම දැගලුවෙ නෑ..අම්මා පැවසූවිට.......මාව ඔයාලට කොල්ලෙක් වගේ පෙනුනට මම එදා ඉදම්ම කෙල්ලෙක් නෙ අම්මෙ....... කීවෙමි.....ඒකත් ඇත්ත.....බාහිරෙන් කොල්ලෙක් වගේ පෙනුනට ඇතුලෙන් කෙල්ලෙක් නෙ......අම්මා සිනාසෙමින් කීවාය......අපි කැවුන් හදන අතර තුල තාත්තා පාර්සල් කිහිපයක් රැගෙන ඇවිත් කුස්සියේ මේසය උඩින් තැබුවේය......මොනවද ගෙනාවෙ..අම්මා ඇසුවාය...අවුරුද්දට උයන ඒව ඔතැන මාලු වගේකුයි මස් වගේකුයි ඇති ප්‍රිජ් එකට දාන්න.....කේක් වගේකුත් ඇති... කූබි එයි.... පරිස්සන් කරගන්න.....කී තාත්තා ඇදුම් මාරු කර ගැනීමට ගියේය....
රාත්‍රියේ ජනිත්... අයියා සමග තාත්තා ගෙන ආ අහස් කූරු යවනු දුටුවෙමි......ඔයත් එකක් යවන්නකො.....ජනිත් මට එකක් දී කීවේය.....අපෝ මට බෑ මට බයයි.....බය ගුල්ලි.....කී ඔහු මෙන්න බලපන්... අහස් කූරක් පත්තුකලේය....ඇත්තටම ජනිත් කොල්ලෙක් උනේ නැත්නම් අද එයාට කොයිතරම් දුකෙන්ද ඉන්න වෙන්නෙ.....දැන් කොල්ලෙක් උන හින්ද කොච්චර සතුටින්ද ඉන්නෙ මා ඔහු සතුටින් සෙල්ලම් කරන දෙස බලා කල්පනා කලෙමි........

No comments: