(බොක්සින් සමාදි 119)......................
ඈ දුවේ කවුද ඒ ලමය.....ගෙදරදී අම්මා මගෙන් ඇසුවාය......එදා ආව එක්කෙනාද.....මම ඇසුවෙමි.......නෑ අර කිව්ව පිරිමි ලමය......එයා දැන් ඉන්නෙ අන්තිම අවුරුද්දෙ......ලගදි අවුට් වෙයි......එයාගෙ නංගි මගේ හොදම යාලුව.....එදා ආව තිලිනියි ඒයාගෙ නන්ගියි තව කීපදෙනෙක් ඉන්නව.....මම කීවෙමි......එහෙනම් අයියයි නංගියි දෙන්නම දොස්තරල......ඒකත් හොදයි.....එයාලට තව සහෝදරයො සහෝදරියො ඉන්නවද දන්නෙ නෑ.......අම්මා ඇසුවාය.......මම හිතන්නෙ ඒ දෙන්න විතරයි.....සුජානි කතාකරන්නෙ අයිය ගැන විතරයි.....ඒ ලමයගෙ ගතිගුන කොහොමද දන්නෙ නෑ නේද......මගෙන් ඇසුවාය.......ඒ අයිය ගැනනම් දන්නෙ නෑ අම්මෙ.....සුජානිනිම් හරිම හොදයි......ඔන්නම් මම එයාව එක්ක එන්නම්....මා කීවෙමි.....එහෙනම් අයියත් හොද ඇති.....පැවසූ අම්මා.....කොයි එකටත් ඒ ලමයට කියන්න හදහන අරන් එන්න කියල......හදහන් ගැලපෙනවනම් අපි මේක තාත්තට කියමු........අම්මා යෝජනා කලේය.....
මා අම්මාගේ යෝජනාව සුජානිට පැවසුවෙමි.....මම අයියට කියන්නම්.......ඒක අම්ම ගාව ඇත්තෙ මොකක්හරි කියල ඉල්ලගන්න පුලුවන් ....අපි කේන්දර ගැලපෙනවනම් අපේ අම්මටත් කියන්නම්......ඇය කීවාය......සතියකින් පමන පසු සුජානි......සුරන්ජිත්ගේ හදහන ගෙනවිත් තිබුනි.......කේන්දර බලන යාලුවෙක් මෙහෙ ඉන්නව කියල අපි දෙන්නගෙ කේන්දර දෙක ඉල්ල ගත්ත දැන් මේ කේන්දර දෙක කාට හරි කියල බලවල ඇත්තටම විස්තර ලියව ගන්න ඕනැ......ඇය කීවාය.....මා ඔහුගේ කේන්දරය අම්මාට ගෙනගොස් දුන්නෙමි.......පසුදිනම එය බලවා ඇතිබව දැන ගත්තේ මා ගෙදර ගිය ගමන් අම්මා පැවසූ දේ නිසාය.......කේන්දරනම් ගැලපෙනව කියල කිව්ව දුවේ......මේ ලමය හරි වාසනාවන්ත ලමයෙක් කියලත් කිව්ව.......විස්තර ලියල ඇති අපි මේගැන තාත්තට කියමු...වාසනාවන්ත ලමයෙක් නෙවෙයිද අම්මෙ ලගදිම දොස්තර කෙනෙක් වෙනවනෙ,,,,,,,මම කිවෙමි..........රාත්රී කෑමෙන් පසු තාත්තා මට අඩගසනු ඇසුනි.......දුව ඔයා දන්නවද ඔය ලමය ගැන විස්තර......මගෙන් ඇසුවේය.......නෑ තාත්තෙ එයාගෙ නන්ගි මගේ හොදම යාලුවෙක් මාගේ බැජෙකේ මාත් එක්ක ඉගෙනගන්නෙ.......මම කීවෙමි........කොයි එකටත් එයාලගෙ ගෙදර විස්තරත් හොයාගන්න......මමනම් කියන්නෙ ඔය වැඩේට දුවට තව කල් තියෙනව කියල.....තාත්තා කීවාය.......කමක් නෑ මහත්තය හොදනම් අපි එයාලව හදුන ගෙන තියාගම්මු.....උත්සවය මෙයා අවුට් උනාට පස්සෙ ගන්න පුලුවන්නෙ.......අම්මා කීවාය......
අපේ තාත්තාගේ අදහසත් කේන්දරයත් සම්භන්දව සුජනිට පැවසුවෙමි.......අයියේ ඔන්න ඔයාගෙ වැඩේ හරී......ඔන්න අපිට සලකන්න ඕනෑ.....සුජානි ඇගේ අයියාට මේ ආරංචිය දැනුම් දුන්නාය.......පසුදින මා හමුවට පැමිනි සුරන්ජිත්.......ඔයාගෙ තාත්ත මොකද කිව්වෙ ඇසුවේය.......ඔයාගෙ හත් මුතු පරම්පරාව ගැනම හොයල ලිඛිත වාර්තවක් දෙන්න කිව්ව......ඒකෙ තියන දේපොල ඔයට අයිතිවෙන කොටස......නිස්චල දේපොල චන්චල දේපොල...අනාගතේ බලාපොරොත්තුවෙන මාසික පඩිය.....ඒවත් ලියන්න කිව්ව.......මා විහිලුවට ඔහුට කීවෙමි.......හිසේ අත ගසාගත් ඔහු....මට දැන් කරගහන්න වෙන්නෙ කච්චෙරියක්ද .......ඔහු කීවෙය.......එවිටම සුජානි අපි අසලට ආවාය......සුරන්ජිත් මා පැවසූ විස්තර ඇයට කීවාය......ඇත්තද සමාදි......ඇය පුදුමයෙන් මෙන් බලා ඇසුවාය......අනේ නෑ මම විහිලුවක් කලේ.......ඒ වුනාට ඔයාල ඉන්නෙ කොහේද කියල අහගෙන එන්න කිව්ව......හරි මම එහෙට ඇවිල්ල විස්තර කියන්නද ඔහු ඇසුවේය.....මම තාත්තගෙන් අහල කියන්නම්.......මම කීවෙමි.....
සුලු විවේකයක් ලැබී තිබුනු ජනිත් අයියා රාත්රී ගෙදර ආවේය.......ජනිත් අයියෙ මට ජනිත් අයියට වැදගත් කාරනාවක් කියන්න තියෙනව......මම කීවෙමි......මොකක්ද......ඔහ
No comments:
Post a Comment