Tuesday, November 22, 2016



(බොක්සින් සමාදි 130) .................................................... ජනිත් අයියා නිවාඩු ලැබෙන සැම දිනකම අපිව බැලීමට පැමිනියේය.....ඔහු ගේ ප්‍රථම ප්‍රේමයෙන් පරාද වීම ගෙන ඔහු කලකිරීමෙන් කතා කරන්ට විය......ජනිත් යනු ලෙහෙසියෙන් පරාජය භාරගන්න කෙනෙක් නොවන බව මා කුඩාකල සිටම දෙනගෙන සිටියෙමි.....මොනවද අයියෙ ඕක ගැන කල්පනා කරන්නෙ.....යාලුවෙලා සතියනෙ හිටියෙ මාසයක් වත් හිටියනම් කමක් නෑ මා කීවෙමි......සතිය වගේ නෙවෙයි බන් මම ඒකිව යාලුකරගන්න කාපු කට්ට මමයි දන්නෙ.....ඒ මහන්සිය අපතෙ ගිය එකටයි මට එපා වුනේ.......ඔහු කීවේය......මා ඔහු පැමිනෙන හැම දිනකම ඔහුගේ සිත සෑදීමට උත්සාහ කලද නොහැකිවිය.....අයිය හොදකෙනෙක් කසාද බදින්නකො එතකොට ඔක්කොම මගහැරිල යයි.....මම පැවසූවිට.....මට කසාද ඕනෙ නෑ බන් මම බදින්නෙ නෑ....ඔහු කීවේය.....එහෙම කොහොමද අයිය බදින්න ඕනැ.....මම කීවිට......අයියා එතරම් ගනන් නොගෙන මග හැරියේය........
මාස හයක් පමන ගතවිය......මට තාත්තාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනි......දුවේ මේක ඇහුව කියල කලබල වෙන්න එපා....මොකද්ද තාත්තෙ...... මම ඇසුවෙමි...ජනිත් අයියට වෙඩි වැදිල කොලඹ ගෙනැල්ල......මට මෙය අදාහා ගත නොහැකි ආරන්චියක් විය....මා ඉක්මනටම සුරන්ජිත්ට කතා කලෙමි......අනේ අයියේ මගේ අයිය වෙඩි වැදිල කොලඹ ගෙනැල්ලලු .....මට ඉක්මනට එයාව බලන්න ඕනැ.....මම හඩමින් කීවෙමි.....සුරන්ජිත් මා සමග කොලඹ දක්වා පිටත්වුනෙමු.....අපි කොලඹ රෝහලට යනවිට අයියා සැත්කම් වලට භාජනය කර ඇදේ සිටියේය......මා අහොදෙස බැලූවිට ඔහුගේ ජිවිතයට අනතුරක් ඇතිබව මගේ දැනුමෙන් තේරුම් ගත්තෙමි......මා අයියා අසලට ගියෙමි....ඔහු එවිට හොද සිහියෙන් සිටිනබව මා දුටුවෙමි.....මා ඔහුගේ ඇගට තබන විට ඔහු මගේ අත අල්ලාගෙන නංගි යනුවෙන් හිමින් කීවේය.....මා ඔහු බැලීමට පැමිනීම ඔහු සතුටු වන බව ඔහුගේ ඇස්වලින් තේරුම් ගත්තෙමි....... අයිය බයවෙන්න එපා අයියට මොකුත් වෙන්නෙ නෑ.....මා ඔහුගේ සිත සනසවමින් කීවෙමි.....ඔහු මගේ මුහුන දෙස බලා ගෙන මගේ අත තදින් අල්ලන බව මට තේරුනි......මා ඔහුගේ මුහුන දෙස ආදරයෙන් බැලුවෙමි.....ඔහු ඇහිපිල්ලන් නොගසන බව මට වැටහුනි.....එවිටම ඔහුගේ මුහුන පැත්තකට ඇලවිය.....අනේ අයියේ...... මට කියවුනේ එපමනකි......මා නැවත ඇස් අරිනවිට මා සිටියේ රෝහලේ ඇඳක් මතය......සුරන්ජිත් මගේ අත අල්ලාගෙන සිටියේය.......දුක් වෙන්න එපා සමාදි එයාගෙ ආයුශඑච්චර වෙන්න ඇති....ඔයා හිත හදාගන්න.......මා හඩනවිට ඔහු මාව වත්තම් කරගෙන එලියට ගියේය.....ජනිත් අයියා නැතිවීම මගේ ජීවිතයේ භාගයක් පමන නැතිවුනාසේ දැනෙන්ට විය.......අපි දෙදෙනා කුඩාකල කල දේවල් මට එකින් එක මැවී පෙනෙන්ට විය......මාගෙත් අයියාගේත් කිසිම රහසක් නොවුනේ අපේ අම්මාගේ කුසතුල සිටම අපි එකටම සිටීම බව මට සිහිවිය.......
ජනිත් අයියාගේ අවමගුල් කටයුතු හමුදා ගෞරවය මැද සිදුවිය.......මා ඔහුවෙනුවෙන් කිරීමට තිබෙන එකම උතුකම වන නිතර පින්දහම් කර ඔහුට පින් අනුමෝදම් කලෙමි......අයියා නැතිවී මාස හයක් පමන ගතවිය......මට නැවත දරු සුරතල් බැලීමේ ලකුනු පහලවිය.......මේ සැරේ දුවෙක් හම්බවෙනවනම් හොදයි දැන් පුතෙක් ඉන්නවනෙ හැම දෙනාම පවසන්ට විය......දුවෙක් උනත් පුතෙක් උනත් අපේ දරුවෙක්නෙ.....මා එවිට පැවසුවෙමි......
මාස කිහිපයක් පසුවනවිට මගේ කුසතුල සිටින්නේ දුවෙක් බව ස්කෑන් පරික්ශාවෙන් දැනගැනීමට ලැබුනි......මට ගැහැනු ලමයෙක් ලැබෙන්න සිටීම මගේ අම්මාට දැඩි සතුටක් ගෙනදෙන කරුනක් විය.......ඇය ගැහැනු ලමුන්ට කැමති තැනැත්තියක් වීම එයට හේතුව විය.........
කාලය සම්පූරන විය මගේ දුව සාමාන්ය උපතකින් ලැබුනි......ඇය ඉතා ලක්සන බෝනික්කියක් මෙන් දිස්විය.....මා දුව ආදරයෙන් තුරුලුකර ගත්තෙමි.......කාලය ගෙවී යන්ට විය දරු දෙදෙනා දිනෙන්දින ලොකුවිය දුව දවසින් දවස ලස්සන වීමත් ඇගේ සුරතල් කටකාර කමත් නිසා කාගෙත් ආදරය ඇය වෙත ඇදෙන්ට විය .......දුව මටත් මගේ අම්ම කෙරෙහිත් දැඩි ලෙන්ගතුකමක් ඇතිවිය අම්මා දුවට ආදරය කිරීම එයට හේතුව විය.....
දුවට වයස අවුරුදු තුනක් පමනවිය......දිනක් ඇය අත්දෙකට සිලි බෑක් දෙකක් දමාගෙන ඇදේ කොට්ටයට ගසන අයුරු මා දුටුවෙමි........මුකක් ද පැටියො කරන්නෙ මා ආදරයෙන් ඇසුවෙමි......මම බොක්ස ගහනව අම්ම දන්නෙ නැද්ද බොක්ස ගහන්න......ඇය මගෙන් ඇසුවාය.......මම හිතන්නෙ මෙයාටත් අපේ තාත්ත බොක්සින් ගහන්න උගන්නල වගේ.....මට සිතුනි......සීයද කියා දුන්නෙ මම ඇසුවෙමි.....ඔව් ඇය හිසෙන් කීවාය...... තාත්ත මෙයාටත් බොක්සින් කියාදෙයි වගේ මට සිතුනි.....මේ වනවිට තාත්තා විස්රම ගැනීමට ආසන්නව සිටියේය.....එයා පැන්සන් ගිය දාට ෆුල් ටයිම් බොක්සින් කියා දෙයි වගේ.....මට සිතුනි......
අපි මගේ ගෙදර ගියවිට දුව ජනිත් අයියා සිටි කාමරය තුල කුමක්ද සොයනු දුටුවෙමි.....මොනවද දුව හොයන්නෙ ....මම ඇසුවෙමි....කෝමගෙ ග්ල්ව් දෙක .....මොන ග්ලව් ද.....මම ඇසුවෙමි....ගල්ව් නැතුව කොහොමද මම බොක්ස ගහන්නෙ ..ඇය කීවාය......මෙයා දන්නෙ කොහොමද ජනිත් අයියගෙ ගලවුස් මෙහෙ තියෙනව කියල......තාත්ත ඒවත් පෙන්නල වගේ .....මා සිතුවෙමි......මා ජනිත් අයියගේ ග්ලවුස් දෙක සොයාගෙන එය අත තබාගෙන ටික වෙලාවක් කදුලුසැලුවෙමි......අයි අම්මෙ අඩන්නෙ ..අම්මත් චූටි ලමයෙක් වගේනෙ......දුව කීවාය.......නෑ මගෙ දුවේ ...කදුලු පිසදාගත් මම ඒ දෙක ඇයට දුන්නෙමි.....ඇය ඉතා ආශාවෙන් එය අතට ගත්ත්තාය.......

No comments: