(බොක්සින් සමාදි 92)...............................අම්ම කියන ඒව අහල උඹේ අදහස වෙනස් කරගත්තද.....සමාදි ඇසුවාය.....අපෝ නෑ.....කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕනැනෙ....මම පැවසුවෙමි.....එහෙනම් ඔය ගැන හිතහිතා ඉන්නෙ නැතුව......අම්මට කියහන්......ඇය කීවාය.....තාත්ත ආවට පස්සෙ කියනව.....මම කීවෙමි.
සවස තාත්තා පැමිනි පසු මා අම්මා අසලට ගියෙමි......මොකද මම කිව්ව එක ගැන කල්පනා කලාද.....අම්මා ඇසුවාය.......ඔව්....මම කියනවිට......මොකද දෙන්නගෙ කතාව.....තාත්තා අපිදෙස බලා ඇසුවේය......මෙයාගෙන් මම ඇහුවෙ අර කාරනාව ගැන.....ඕක ඔයතරම් හිතන්න දෙයක් නෑනෙ නෝන.....කෙල්ලෙක් වෙන්න සමාදිට සුදුසුකම් තියෙනවනම්.....එයා ඒකට කැමතිනම්......වෙන කතාකරන්න දෙයක් නෑ.....පැවසූ තාත්තා.......ඔයා කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න කැමතිනම් මෙන්න මේ බෙහෙත් පෙත්ත දැම්ම බොන්න නැත්නම් අහකට විසි කරන්න.....මගේ ගැහැනු හැඩය ඉක්මන් කිරීමට වෛද්‍යවරයා එදා දුන් බෙහෙත් පෙති කවරය දුන්නේය....ඉතා කැමැත්තෙන් එය අතට ගත් මා වතුර කෝප්පයක් රැගෙන ඇවිත් තාත්තා ඉදිරිපිටම පෙත්තක් බීවෙමි......දැන් හරිනෙ දැන් නෝන සමාදිට කරදර කරන්න එපා.....තාත්තා අම්මාට පැවසුවේය......කිසිවක් නොකී අම්මා මාදෙස බලාසිටියාය.......
පසුදින පාසැල් නිවාඩු දිනයක් විය.....උදේ අයියා උපකාරක පන්ති ගිය අතර ....සමාදි යහලුවන් සමග සෙල්ලම් කිරීමට පිට්ටනියට ගියේය .....ගෙදර හිටියේ මාත් අම්මාත් පමනි.....මම පොතක් ගෙන එය කියවීමට සාලයේ පුටුවෙන් වාඩිවුනෙමි......සුලුවෙලාවකින් මා අසලට පැමිනි අම්මා මගේ දුවේ කියමින් මගේ මුහුන සිපගත්තාය....මොකද .කවදාවත්නැතුව එකපාරට මාව සිපගත්තෙ.....කවදාවත් අම්ම මට දුව කියල කතාකරලත් නෑ ...අද දුව කියලත් කතා කලා......මොකක්ද මේ අම්මට අද වෙලා තියෙන්නෙ.....මා පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි.....මා අසලන් වාඩිවුනු ඇය.....මගේ හිස ඇගේ පපුවට තුරුලු කර ගත්තාය.....අනේ මගෙ දුවේ මම ඔයා ගැහැනු ලමයෙක් වෙනවට අකමැත්තෙන් නෙවෙයි හිටියෙ....මට බය හිතුන දුවේ ඔයා ගැහැනු ලමයෙක් උනාම ඔයාට ඒ ජීවිතේ එපාවෙයි කියල......මට අද තේරුනා ඔයා ඒජීවිතේට ගොඩක් ආශ කරනබව...අයිය හම්බවුනාට පස්සෙ මම ගොඩක් ආශාවෙන් හිටියෙ ඊලග දරුව දුවෙක් වෙනවට.....ඔයාල දෙන්න හම්බවුනාම....මගේ සිනෙ සැබෑවුනා කියල මට තේරුනා.....ඒත් සමාදි කොල්ලෙක් විදියට හැසිරෙනව දැක්කම මට ගොඩක් දුක හිතුන.....මට ඕනැ වුනේ එයා හොද ගැහැනු ලමයෙක් විදියට හදන්න......ඒත් එයා එන්න එන්නම පිරිමි ලමයෙක් විදියට ඉන්න ගත්ත......ඩොක්ට එදා එයා කොල්ලෙක් වෙනව කිව්වම මට ගොඩක් දුක හිතුන.....ඒත් එයාගෙ පැත්තෙන් කල්පනා කරල සතුටුවුනා.....එයා ප්‍රාර්ථනා කරන ජීවිතේ එයාට ලැබුන කියල......ඔයා කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නව ටත් මගේ කැමත්තක් තිබුනෙනෑ.....මට ඕනැවුනේ කොල්ලෙක් කොල්ලෙක් වගේ ඉන්නව දකින්න..ඒවගේම.....කෙල්ලෙක්කෙල්ලෙක් වගේ ඉන්නව දකින්න.....ඒත් සමාදිගෙ ජීවිතේ කොල්ලෙක් වගේ උනා.....ඒමදිවට ඔයා එදා කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නව දැක්කම තවත් දුක හිතුන.....ඒකයි ඔයාට මම ගැහැනු ඇදුම් අදින එක තහනම් කලේ.....ඒත් ඔයාගෙ පපුව ගැහැනු ලමයෙක් වගේ ලොකුවුන හින්ද ඒක හන්ගගන්නයි ලොකුලමයෙක් වෙලා මාස ගානක් ගියත් සමාදිගේ පපුව එන්නෙ නැති එකයි වහගන්න පුලුවන් හින්ද තමා ඔයාට සමාදි වගේ ඉන්න කිව්වෙ....මට හිතුනෙ නෑ ඔයා ගැහැනු ලමයෙක් වෙයි කියල......ඒ හින්ද මම ආයෙත් කල්පනා කලා ඔයාව ආයෙත් පිරිමි ලමයෙක් වගේ හදන්න........ඔයා ගැහැනු ලමයෙක් කියල කිව්වට පස්සෙ මට බය හිතුන ඔයාව ගැහැනු ලමයෙක් උනාට පස්සෙ ඇතිවෙන වෙනස් කම් හින්ද ..ගැහැනුකම එපාවෙලා....එදා සමාදි වගේ ඔයත් කොල්ලෙක් විදියට ඇදගෙන ඉදියි කියල.....ඒකයි මම එදා ඩොක්ටට කිව්වෙ ඔයාව ආයෙත් හිටිය හැටියට කොල්ලෙක් කරන්න කියල......නැතුව ඔයා ගැහැනු ලමයෙක් වෙනවට අකමැත්තෙන් නෙවෙයි දුවේ.......ඇය මගේ හිස අතගාන්ට විය......මම අද ගොඩක් සතුටු හිතුන සමාදි කොල්ලෙක් උනාට මට ආයෙත් දුවෙක් ලැබුන කියල......අනේ මගේ දුවේ ඔයා කෙල්ලෙක් උනාම කවදාවත් කොල්ලෙක් වගේ ඉන්න එපා හොද ගැහැනු ලමයෙක් විදියට ඉන්න.....මම දන්නව ඔයාට තියෙන ගතිගුන හැටියට හොද ගැහැනු ලමයෙකුගෙ ගතිගුන මතුවෙයි කියල......අම්මා මගේ මුහුන නැවත සිපගත්තාය...ඔරලෝසුවෙන් වෙලාව බැලූ අම්මා.....අම්මෝ හොදටම දවල් වෙලා උයන්නත් ඕනෑ..දුව පාඩම් කරන්න....පවසා..මා අසලින් නැගිට්ටාය.....මා කියවමින් සිටි පොත කාමරයේ තබූ මම කුස්සිය දෙසට ගියෙමි.....අම්මෙ මොනවද කරන්න තියෙන්නෙ..ඇසූ...මම අම්මාට උයන්න උදවුවීමට සූදානම්වුනෙමි......
No comments:
Post a Comment