Sunday, November 20, 2016

(බොක්සින් සමාදි 124)..............................එහෙම හරියන්නෙ නෑනෙ....සුජානි අයියට කතාකිරීමට සැරසුනාය......සුරන්ජිත්නෙ ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ දැන් එයාට එපා කියල හිතෙනවන මගේ ගැටලුවක් නෑ මමත් අමතක කරන්නම්......ඔයා සද්ද නැතුව ඉන්න අනේ ......මම කීවෙමි.....උඹට එහෙම කරන්න පුලුවන් උනාට මට උඹව අතහරින්න බෑනෙ.....ඇය කීවාය.......ඉතින් අපි දෙන්න කොහොමත් යාලුවොනෙ ...අපේ යාලුකම අතහැරෙන්නෙ නෑනෙ...මම කීවෙමි.....යාලු කම වගේ නෙවෙයිනෙ බන් උබ අපේ කරගන්න පුලුවන්න.....සුජානි කීවාය.....එහෙනම් ඉතින් අයිය බැ කිවුවොත්ත් උඹවත් මාව බැදගනින්......මම ඇයට විහිලුවක් කෙලෙමි......මම කොල්ලෙක් උනානම් දෙපාරක් හිතන්නෙ නෑ උඹව බැද ගන්නව......ඇය සිනසෙමින් කීවාය.....අපි කතාකරමින් සිටින අතර තුල සුරන්ජිත් අපි අසලට එනුදුටු මා.....කෙල්ලෙ මම පොඩ්ඩක් ලැට් එකට ගිහින් එන්නම් .....සුජානිට පැවසූ මම හිමින් මාරු වුනෙමි.......ටික වෙලාවක් සිටි මා නැවත සුජානි සිටි ස්තානයට ගියෙමි....මොකක්ද බන් ඔච්චර වෙලා ඕක ඇතුලෙ කලේ.......උඹ මෙතැනින් ගියා විතරයි අයිය ඇවිත් එන කන් බලා ඉදල ගියා.....තව පොඩ්ඩකින් එනව කිව්ව අපිට මෙතැන ඉන්න කිව්ව......ඇය කීවාය......ඕනෙ නෑ බන් අපි යමු....මා කලකිරුනු ස්වභාවයෙන් කීවෙමි......කලබල වෙන්න එපා බන් අපි පොඩ්ඩක් ඉදල මොනවද කියන්නෙ කියල අහගම්මු......ඇය කීවාය.......උබ කියනවනම් ඉන්නම්......මා අසලතිබුනු බන්කුවෙන් වාසිවුනෙමි......සුජානිද මා අසලින් වාඩිවුනාය.....ඔය කිව්වට එන එකක් නෑ බන් ...ටිකවෙලාවකින්.....මා සුජානිට පැවසුවෙමි.....එනව බන්.... අපේ අයිය කිව්වොත් කිව්ව.....ඔයාට වැඩිය මම අයිය ගැන දන්නවනෙ......සුජානි පැවසුවාය......මම ඔයාල දැකල එනවත් එක්කම කොහේද ගියේ......මා අසලින් වාඩිවූ සුරන්ජිත් පැවසුවේය......ශාරීරික අවශ්‍යය තාවයක් සදහා මගේ අයියාගේ බිරිද.....ඒ කියන්නෙ මගේ නැනා පොඩ්ඩ.....වැසිකිලියක් සොයාගෙන පිය මැන්නාය......සුජානී සිනාසෙමින්......වේදිකා නාටියමය සුවරූපයෙන් කීවාය...........කොහොමද බිරිද වෙන්නෙ තාම කසාද බදින්නෙ නැතුව.....පැවසූ සුරන්ජිත්......සොරි මට ඊයෙ කතාකරන්න බැරිවුනාට......ඊයෙ මට ගොඩක් වැඩ තිබුන .....පයිනල් යනකොට ගොඩක් වැඩතියෙනව.....ඔයාලටත් එදාට තේරෙයි.......ඔහු පැවසුවේය......දැන් ගෙවල්වලිනුත් හරි.....සමාදිගෙනුත් අවුලක් නෑ....අයිය ගෙන් හරි උත්තරයක් නැතුව තමා බලා ඉන්නෙ.....හරි හරි අපි ටිකදවසක් ආස්සරේ කරමුකෝ......ඊටපස්සෙ හරි උත්තරේ දෙන්නම් ඔහු...... කීවේය......ටිකවෙලාවක් කතාකරමින් සිටි ඔහු එතනින් පිටවූවිට අපේ දේසනවලට සහභාගී වීමට ගියෙමු.
ටික දවසක් ආස්සරේ කරල උත්තරේ දෙන්නම්.....සුරන්ජිත් පැවසූ එම වදන මගේ දෙසවනේ රැවුදෙන්ට විය.....මෙයා මාව ආස්සරේ කරල කවඩහරි එපා කියල හිතුනොත් මාව අතහරියි.....එයා නම් කොල්ලෙක් එයාට ඒක ගනනක් නෑ මම කෙල්ලෙක් හින්ද තමා මේ හැම ගැටලුවකටම මුහුන දෙන්න වෙන්නෙ......එයාට ඕනෙ නැත්නම් මමත් එයාව නිකම්ම යාලුවෙක් විදියට ආස්සරරේ කරනව.....මා සිතා ගත්තෙමි......මම කෙල්ලෙක් වෙලා දැන් හට අටක් වෙනවනෙ.....මේකලෙට මට ඔය මගුල් පිස්සුව තිබුනෙ නෑනෙ.....හිටිය වගේ තව ටික දවසක් ඉන්නව .....මා කල්පනා කලෙමි......
මොකද බන් කල්පනා කරන්නෙ......මා අසලට පැමිනි සුජානි ඇසුවාය......මොනව කල්පනා කරන්නද බන් ඔය හිටියවගේ ඉන්නව.....මම කීවෙමි.....මම කියල තියෙනවනෙ අපේ අයිය ආවට ගියවට කිසිම දෙයක් කරන්නෙ නෑ කියල එයාගෙ පිලිවෙලක් තියෙනව......සමහර වෙලාවට ඒවට මටත් තදවෙනව.....ඒත් පස්සෙ කල්පනා කරනකොට අයිය හරි කියල හිතෙනව.......සුජානි අයියා ගැන විස්තර කියන්ට වූවාය.....ඒ වුනාට එයාට මම ගැන වැරදි චිත්‍රයක් මැවුනොත් එයා මාව අතහරියි....එයා කොල්ලෙක් හින්ද..එයාටනම් ඒක සුලුදෙයක් වෙයි.....අන්තිමේදි මාව තමා අමාරුවෙ වැටෙන්නෙ....මම කීවෙමි......අපේ අයිය ඒවගෙ ජරා වැඩකරන්නෙ නෑ බන්......උඹ බය නැතුව හිටහන්....... ඇය කීවාය....
සුරන්ජිත් දවසකට වරක් දෙවරක් මාව මුනගැසී කතාකිරීම පුරුදක් කර ගැනීම නිසා මගේ සිතේතිබුනු බිය තරමක් දුරට පහව යන්ටවිය.....ඔහු මා අසලට වී කතාකලත් ම්ගේ අතින්වත් නොඇල්ලීන ....ඔහුගේ පුදුම ගතිගුනයක් විය.....කෙල්ලො කොල්ලො යාලුවෙලා දැවස් දෙක තුනෙන් තුරුල්වෙලා කතාකරන්නෙ.....ඒත් මෙයා ගෙවල් වලින් කැමත්ත දීලත් මගෙ අතින්වත් අල්ලානෙ නෑ......මහ පුදුම කෙනෙක් නෙ.....මා කල්පනා කලෙමි......සමහර කෙල්ලො ඔවුන්ගේ පෙන්වතුන්ට තුරුලුව සිටින ආකාරය දුටුවිට....අනේ මටත් මේවගේ සුරන්ජිත්ට තුරුලුවෙලා ඉන්න ඇත්නම්.....යන සිතුවිල්ල ඇතිවිය......මගේ අතින්වත් අල්ලන්නෙ නැති සුරන්ජිත්ගෙ සිරුරේ උනුසුම මම කොහොමද විදගන්නෙ..... කල්පනාකලෙමි. කෙසේ වෙතත් සුරන්ජිත් නිතර මාගැන සොයන බවත් මගේ හැම දෙයකටම උදවු කරන බවත් මට තේරුනේ.....ඔහු මට වටිනා පෝන් එකක් ගෙනත් දුන් දවසේය......ඔය කබල් පෝන් එක අයින් කරල මෙන්න මේක තියාගන්න.....ඔහු පැවසූවිට.....මේක කබල් පෝන් එකක් උනත් මට මේක ජනිත් අයිය අරන්දුනෙ......එයාගෙ දෙවෙනි පඩියෙන්......මම කීවෙමි......සුරන්ජිත් මට අරන්දුන් පෝන් එක බැලූ සුජානි......මටත් මේවගෙ එකක් අරන්දෙන්නකො අයියෙ..... කීවාය......ඔය තියෙන එක මක් වෙලාද.....ඔහු ඇසුවේය.....ඒක ටිකක් පරනනෙ මේවගෙ අලුත් එකක් අරන්දෙන්නකො......ඇය කීවාය.......මාත් තාම මේ පාවිච්චි කරන්නෙ පරන එක තමා.....ඕවගෙ සල්ලි නහස්තිකරන්න පුරුදු වෙන්න එපා....මේකත් මම අරන්දුන්නෙ තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන.....සුරන්ජිත් සුජානිට බනින්ට වූවාය......ඔයාල රන්ඩුවෙන්න එපා......ඔයා මේක ගන්න.....මට ඔයගෙ එක දෙන්න.....මම සුජානිගෙන් ඇගේ පෝන් එක හුවමාරු කරගැනිමට ඉල්ලුවෙමි.......මේ සමාදී.....ඔයා ඕව පුරුදු කරන්න එපා......ඔයාට හොද එකක් නැති හින්ද අරන්දුන්නෙ...නන්ගිට තියෙනව......ලෝකෙ තියෙන හැමදෙම අපිට ගන්න බෑ ඒක මතක තියාගන්නව.....පැවසූ සුරන්ජිත්......මාරු කරගන්නෙ එහෙම නෑ.....ඔහු අපි දෙදෙනාට සැරෙන් මෙන් කීවේය......

No comments: