(බොක්සින් සමාදි 125).............................මම මේක උඹට දෙන්නද.....සුරන්ජිත් ගිය පසු මම සුජානිගෙන් ඇසුවෙමි.....අනේ එපාබන් මම බොරුවට ඉල්ලුවෙ.....ටිකක් නීති දැම්මට සැරවුනාට අපේ අයිය හරි හොදයිබන්.....ඇය පැවසූවිට මා කිසිත් නොකියා සිනාසුනිමි.....නිතර මා මුන ගැසෙන සුරන්ජිත් මගේ අතින්වත් ඇල්ලීම නොකරන බව දැනුනු මට ඔහු ගෙහැනුන් කෙරෙහි කිසිම හැගීමක් නොමැති කෙනෙක් වසයෙන් දැනුනි........මා කිහිප දිනක් මාව ස්පර්ශ කිරීමට උත්සාහකලත් අසාර්තකවිය.....මාව බැන්දට පස්සෙත් අපිදෙන්නට මේවිදියට ඉන්නවෙයිද දන්නෙ නෑ මට බයක් දැනුනි...මෙයාටනම් ගැහැනු ගැන කිසිම හැගීමක් නෑ වගේ .....මා කල්පනාකලෙමි......
සුරන්ජිත් මොකද කියන්නෙ.....දිනක් ජනිත් අයියා මගෙන් ඇසුවේය......මොකුත් නෑ අයියෙ....එයාගෙ පත්වීම ලැබුනට පස්සෙලුනෙ අනිත් ඒව කරන්නෙ.....මම කීවෙමි.....ඒක හොදයි......කොහොමද මිනිහගෙ ගතිගුන එහෙම.......ටිකක් නීතිකාරය ඒවුනාට හොදයි වගේ...පැවසූ මම සුරන්ජිත් තෑගිදුන් පෝන් එක පෙන්නුවෙමි....මේක සෑහෙන ගානක් වෙනව ඇතිනෙ......අයියා කීවේය......කෙල්ලෙක් වෙන එකේ වාසනාව ඕකතමා....කොලගෙන් නිකන් හම්බවෙනවනෙ......අපිට ඉතින් කවුද දෙන්නෙ කෙලෙක් යාලුවුනොත් පුලුවන්තරම් ඒකිට දෙන්න වෙනව මිසක්......ඔහු කීවේය.....දැන්ද අයියට තේරෙන්නෙ කෙල්ලෙක් වෙන එකේ වටිනාකම....ඒ දවස්වල කිව්වෙ කෙල්ලෙක් වෙලා ඉන්න එක කරදරයක් කියලනෙ......මම කීවෙමි.....ඒ දවස්වල එහෙම හිතුනට දැන් හිතෙනව උඹ කෙල්ලෙක් උන එක වාසනාවක් කියල.....කොල්ලෙක් උනානම් ඔක්කොම තනියම කරගන්න වෙනවනෙ.....ඔහු කීවේය.....
මාස හයකට පමන පසු සුරන්ජිත්ට බලන්ගොඩ පලාතේ රෝහලක පත්වීම ලැබුනි......මේ අතර තුල මගේ ලොකු අයියාටද පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයෙකු වසයෙන් රැකියාව ලැබී තිබුනි.......ජනිත් අයියාගේ විසිර යෑමේ උත්සවයටද අපිට සහභාගීවීමට ලැබුනි.......සුරන්ජිත් ලමයගෙ රස්සවත් හරිනෙ දැන් මොකක්ද දුවේ එයා කියන්නෙ......තාම මොකුත් නෑ අම්මෙ අපි කලබල නොවී ඉම්මුකො......මේව දුරදිග යවන එක ඒත්රම් හොද නෑ එයත් එක්ක කතාකරල මොකක් හරි තීරනයක් ගන්න.....අම්මා කීවාය......ඔවුලක් නෑ අම්මෙ එයා නරක කෙනෙක් නෙවෙයි......වෙලාවට කියයි.....මම කීවෙමි.......
සුරන්ජිත්ගේ පත්වීම ලැබ මාස දෙකක් පමන ගතවිය......අපේ කසාදෙට නැකතක් බලන්න කියල අම්ම කිව්ව......සුරන්ජිත් මට කතාකර කීවේය.......අම්මේ ඔන්න අම්ම්ගෙ සුබ ආරන්චිය ආව......මම අම්මාට කීවෙමි......මොකක්ද බන්.....ඇය ඇසුවාය.....සුරන්ජිත් කතාකරල කිව්ව කසාදෙට නැකතක් බලන්න කියල.....මම පැවසූවිට අම්මා සතුටින් සිනාසුනාය.......මුලින් කසාද බැදීමටත් පසුව මංගල උත්සවය පැවත්වීමටත් කතාවී තීරනය කර ගත්තෙමු.......කසාද දින එලබුනි.......මාව සැරසීමට අල්ලපු ගෙදර රීටා ඇන්ටිගේ දුව වන සෙනුරි ආවාය ඇය රූප ලාවන්‍ය ඉගෙනගෙන තිබීම අපිට ලෙහෙසියක් විය.....ලගදි සමාදි නන්ගිව මනමාලිට අන්දන්නෙත් මමයි ඔන්න.....මම ඔයාව ලස්සනට අන්දවන්නම්.....ඇය කීවාය.....මට ඔසරියක් ඇන්දවූ සෙනුරි අක්කා මට අමුතුම කොන්ඩා මොස්තරයක් දැම්මාය.....නන්ගිගෙ කොන්ඩෙ ගොඩක් තියෙන හින්ද ලසනට මෝස්තර දාන්න පුලුවන්.......ඇය කීවාය.......අපේ කසාදයේ ලියාපදින්චිය අපේ ගෙදරම තිබුනු නිසා ගෙදර උත්සව සිරියක් ඇතිබව පෙනුනි........ආච්චිට දැන් ටිකක් වයස නිසා මා අසලට හිමින් පැමිනි ඇය මගේ හිස අතගා ආසිර්වාද කලාය.......නැකැත් වෙලාවට පැයකට පමන පෙර සුරන්ජිත්ගේ නෑ පිරිස පැමිනියේය.......එදින අපේ විවාහය ලියාපදින්චි කල පසු දිවා භෝජන සන්ග්‍රහයක් ද සූදනම් කර තිබුනි........එදින සුරන්ජිත් මට බත් කටක් කැවීම අපි දෙදෙනාගේ බැදීම සන්කේතවහ් කරන බව මට තේරුනි.....අපි කෑම මේසයෙන් ඉවත්ව යනවිට.....සුරන්ජිත් මගේ ඉන පෙඩෙසට අත යවා මාව ඔහු අසලට තුරුලුකර ගැනීම මට පුදුමයට කරුනක් විය......මෙතෙක් කලක් මගේ අතින්වත් අල්ලා නොසිටි අහු දැන් මාව ඔහුගේ ඇගටම හේත්තු කර ගෙනය......අපි එකට වාඩිවනවිට ඔහු මගේ අතින් අල්ලා ගත්තේය.....මොකද පුදුම වෙලාවගේ මා දිහා බලාඉන්නෙ ඔහු ඇසුවේය......ඔයා හරි පුදුම කෙනෙක් සුරන්ජිත්.......මම කීවෙමි....ඒ ඇයි.....ඔහු ඇසුවේය.....අනේ මන්ද.....පැවසූමම බිමබලාගත්තෙමි.......මම දන්නව ඔයා පුදුම වෙන්න හේතුව.....පැවසූ ඔහු ......කෙල්ලේ....ඔයා මෙච්චර කලක් මට අයිති වෙලා හිටියෙ නෑ ඔන්න අද තමා මට අයිතිවුනේ.....මට අයිති නැති කිසිදෙයක් මම අල්ලන්න කැමති නෑ......ඔන්නන් නන්ගිගෙන් අහන්න.....සුජානි දෙස බලා කීවේය......මොකක්ද අයියෙ......ඇය අපි අසලට පැමින ඇසුවාය......ඇත්තද සුජානි මේ අයිය කියනදේ......මම ඇසුවෙමි......මොකක්ද.......ඇය ඇසුවාය......අයිය කාගෙවත් දේවල් අල්ලන්නෙ නෑ කියන්නෙ......අපෝ ඔව් අපිටත් එයාගෙ දේවල් අල්ලන්න තහනම්......ඒවුනාට එයාගෙ ඇදුමක් හෝදගන්න උනාම ඒවනම් අල්ලන්න දෙනව.......ඇය කීවාය........
මා මෙතෙක් දවස් සුරන්ජිත් ගැන හිතාසිටි දේවල් වැරදි බව තෙරුම් ගත්තේ අපේ කසාදයෙන් පසුවය ..... මා සිතා සිටියේ ඔහු ගැහැනු ගැන කිසිම හැගීමක් නොමති කෙනෙක් ලෙසය.....ඔහු ආදරබර පෙම්වතෙක් බව දැන ගත්තේ අද දිනයේය.......
No comments:
Post a Comment