Tuesday, November 22, 2016

(බොක්සින් සමාදි 129) .................................................... මා ඇදෙන් නැගිට ගවුම ඇදීමට සූදානම් වී ඇදදෙස බැලුවෙමි.....සුදුරෙද්දේ ලේ පැල්ලම්......එය දුටු මට මා ගැන දැඩිසතුටක් ඇතිවිය ඉපදීමෙන් අවුරුදු කිහිපයකට පසුව මා කෙල්ලෙක් බවට පත්වූවද මා අංග සම්පූරන ගැහැනියක් බවට පත්වී ඇතිබව දැකීම මගේ දැඩි සතුටට හේතුව විය......ඔය රෙද්ද පරිස්සම්කරල තියාගන්න අපේ අම්මට පෙන්නල අනුමත කරගන්නවෙනව......සුරන්ජිත් සිනාසෙමින් කීවේය....
අපේ උත්සවයෙන් පසු අපිට ටිකදිනක් රත්නපුරේ පිහිටි සුරන්ජිත්ගේ නිවසේ නතරවීමට සිදුවිය......ඔහුගේ අම්මා ටිකක් සැර තැනැතියක බව මා සිටි දින කිහිපයේදී දැන ගත්තෙමි......ඇය ද අපේ අම්මා මෙන් සම්ප්‍රදායට ගරුකරන තැනැත්තියක් වුවද අමාට වඩා සැර පරුස තැනැත්තියක් වූවාය.....මට නොබැන්නත් සනහර දේවලට සුජානිට බනින ආකාරය මා අසා සිටියෙමි.......අම්මට මොනව කලත් හරියන්නෙ නෑනෙ වැරදිමනෙ හොයන්නෙ.....සුජානි මා සමග කීවාය......ටික දිනකින් මා අපේ ගෙදර ගියේ වෛද්‍ය විද්යාලයට යෑමටපහසු නිසාය ...සුරන්ජිත් බලන්ගොඩට ගියේය......මා අද්යාපන කටවුතු කරදරයකින් තොරව කරගැනීමට හැකිවූයේ සුරන්ජිත් මට දුන් සහයෝගය නිසාය.....අපි දරුවන් ගැන කල්පනාකිරීම මගේ උපාධිය සම්පූරන කරගන්නාතුරු කල්දැමීමට අපි දෙදෙනා එකගවිය...... ජනිත් අයියා නැගෙනහිර පලාතේ ක්‍රියාන්විත රාජකාරියට ගොස් තිබුනි.......මගේ උපාදිය ලැබෙනවිට ලොකු අයියාට කැනඩා රටට යෑමට අවස්තාව උදාවී තිබුනි.....මට පත්වීම ලැබුනේ රත්නපුරයේ නිසා සුරන්ජිත්ද මාරුවක් හදා ගෙන මා වැඩකරන රෝහලටම ආවේය.....අපි දෙදෙනා සුරන්ජිත් ගේ ගෙදර නැවතුනු අතර සුජානිට කුරුනෑගල රෝහලකට යෑමට සිදුවීම නිසා ඇයට එහි නිල නිවසේ නැවතීමට සිදුවිය.....සුරන්ජිත්ගේ අම්මා සමහර අව්ස්තාවල මටද බනින අවස්තා තිබුනි......එහෙත් මා ඇය සමග කිසිවක් නොකියා ඇයට හැකි අයුරින් සැලකීමට පටන්ගත්තෙමි.......ටික දිනකින් ඇය මට බැනීම නැවැත්වීම මගේ සතුටක් විය......උබ කොහොමද බන් අපේ අම්මව සේප්කර ගත්තෙ......මාත් සුරන්ජිත් ගේ අම්මාත් යෙහෙලියන් මෙන් කතාකරමින් සිටින බව දුටු සුජානි ඇසුවාය......මොකුත් කලේ නෑ වැරැද්දක් නොකලත් වැරැද්ද පිලිගත්ත......එයත් එක්ක බැනගන්න ගියේ නෑ.....එයා මොනව කිව්වත් මගේ යුතුකම් ටික මම කලා...ඉතින් එයාටම හිතෙන්න ඇති මේකිට බැනල වැඩක් නෑ කියල.....මම කීවෙමි......උඹනම් මාරයි බන්.....උඹ අපේ ගෙදරට හරියට හරියනව ....සුජානී සිනාසුනාය.........
මස හයක් පමන ගතවිය මව අම්මාකෙනෙක් වීමට යන ලකුනු පහලවිය......සුරන්ජිත්ගේ අම්මා මට වඩාත්ම ලන්වූවේ ඉන්පසුය.....ඇය සුජානිටත් වඩා මට ආදරේ කරන බව දුටුවෙමි......මට උබව නෙවෙයි මගේ දුව වෙන්න තිබුනෙ සමාදි.....මේ සමාදිගෙන්වත් ජීවත්වෙන හැටි ටිකක් ඉගෙන ගනින්......ජනිත්ගේ අම්මා සුජානිට බනින අයුරු මා අසා තිබුනි...මට කැමට අවශ්‍ය දේවල් සොයාගෙන ඇවිත් දුන්නේ ඇගේම දුවක් ලෙසය.......මේ ආරන්චිය කන වැටුනු ජනිත් අයියා සෑහෙන සතුටෙන් මට සුබපැතුවේය.......මාස කිහිපය සම්පූරන වූ මට පුතෙක් ලැබුනි......මා කුඩාකල ප්‍රාර්තනාකල සම්පූරන ගහැනු බව.... මා පොඩි පුතෙකුගේ අම්මා කෙනෙක් බවට පත්වීමෙන් පසු තවදුරටත් සම්පූරන විය......දරුවෙකු ලැබීම කාන්තාවකට දැඩි වේදනාවක් ගෙනදෙන කරුනක් වුවද දරුවාගේ මුහුන දැකීමෙන් එම වේදනාව සම්පූරනයෙන් අමතක වී දැඩි සතුටක් ඇතිවෙනබව මා අත්දැකීමෙන් දැනගත්තෙමි......චූටි පුතු මගේ උනුසුමේ සිට මගේ පියයුරුවලින් ගලන කිරි උරා බොන විට දැනෙන සෙනෙහස මුසුව දැනෙන සතුට කිසිම දෙයකින් ලබාගැනීමට මොහැකිබව මට හිතුනි..... ජනිත් අයියා පුතාට තෑගෙ රැගෙන ආවේය......කොහොමද අයියෙ දැන් යුද්දෙ.....මම ඇසුවෙමි......අනේ මන්ද නන්ගි හැමදාම කීපදෙනෙක් මැරෙනව......ඔහු කීවේය.....අනේ අයියෙ පරිස්සමින්....මම කීවෙමි.......දැන් මට හිතෙනව නන්ගි පුන්චි කාලෙ වගේ කෙල්ලෙක් වෙලා හිටියනම් මේ කරදර නෑ කියල.......ඔහු කීවේය......ඔයාටනෙ කොල්ලෙක් වෙන්න ඕනැ වුනේ..මම කීවෙමි.....ඒකනම් ඇත්ත......පැවසූ ඔහු කිසිවක් නොකියා නිශ්සබ්ද විය.......උබට කියන්න බැරිවුනා.....මම කෙල්ලෙක් එක්ක යාලුවුනා බන් මට කියන්න ලැජ්ජයි සතියයි යාලුවෙලා හිටියෙ ඒකි මට බූට් එක තිබ්බනෙ.......කීවේය.....ඒ මොකද මා ඇසුවෙමි.....අනේ මන්ද බන්.....ඔහු කීවේය......මට දැන් කෙල්ලොත් එපා වුනා....ඔහු පැවසූවිට......එහෙම කියන්න එපා හොද අයත් ඉන්නව....අයියට හොද කෙනෙක් හම්බවෙයි.....මම කීවෙමි.......

No comments: