Wednesday, November 9, 2016

(බොක්සින් සමාදි 103)...............................ඇදසිටි යටසාය දනහිස දක්වා උස්සාගෙන මාත් අම්මත් වතුරට බැස්සෙමු.. අපි ගැඹුරට යනවිට මා ඇදසිටි යටසාය යටින් උඩට ඉස්සෙන බවක් තේරුනි....අතින් පහත් කිරීමට උත්සාහගත් මම.....සාය ඉස්සෙනව අම්මෙ...... අම්මට කීවෙමි...ඕකනෙ කලිසම් කොටයක් ඇදගන්න කිව්වෙ....කෝ ඉතින් කොල්ලෙක් වෙයි කියල බය වුනානෙ....පැවසූ අම්මා....යටින් කාටවත් පේන්නෙ නෑ බන් පොඩ්ඩක් ඉස්සුනාට කමක් නෑ....කීවාය....එන්න.... එන්න.... මෙච්චෙරවෙලා මොකද කලේ......ජනිත් නාන ගමන් අපිට කතාකරනු ඇසුනි.....මා ජනිත් අසලට ගියවිට.....ඔහුගේ අතින් වතුර පහරක් විසිකර ....වරෙන් වතුර ගහගන්න....මට කතාකලේය.....ඔහු වතුර ගසන වේගයෙන් මට නොහැකිවිය.....මොකද බන් පන නැතුව වගේ...හයියෙන් ගහපන්කො..ටික වෙලාවකින් ඔහු ඇසුවේය.....උඹට වගේ අතපය හයිය නෑ බන් මට.....මම කෙල්ලෙක්.....මම කීවෙමි....උඹ මහ ලොකුවට කෙල්ලෙක් වෙන්න හිතාගෙන හිටියට දැන් තේරෙනවද ඒකෙ රගේ....ජනිත් කීවේය.....ඒ මොනව උනත් මම කැමතිනෙ මගේ මේ ගැහැනු කමට.....මම කීවෙමි. ටිකවෙලාවක් නාගත් අපි ගොඩට යෑමට සූදානම් උනෙමු......ඔයාල ගිහින් ඇදගන්න අපිට ඇදගන්න වැඩිවෙලා යන්නෙ නැති හින්ද තවටිකක් ඉදල එන්නම්....අයියා කියනු ඇසුනි.....මාත් අම්මාත් ඇදුම් මාරු කරන තැනට ගියෙමු.....සුලගේ සැර වැඩිබැවින් සෑහෙන සිසිලසක් ඇගට දැනුනි....මොකද සීතලද මගේ ඇග ගැහෙනු දුටු අම්මා ඇසුවය.....මට විතරක් නෙවෙයි අම්මටත් සීතල වගේ....මම පැවසූවිට ....වතුරෙ ඉන්නකන් සනීපයි ගොඩට ආවට පස්සෙ තමා සීතල.....අම්මා සිනාසෙමින් කීවාය...සීතල වුනාට කමක් නෑ මම ඇදුම් මාරු කරගන්නකන් පොඩ්ඩක් ඉන්න ඕව ගලවන්නෙ නැතුව......මා මොනවා කරගනීදැයි සැක සිතූ අම්මා කීවාය....මේ සාලුවෙන් පිහදාගෙන පපුවට පෙරව ගන්න....මට සාලුව දුන්නාය.....අම්මා ඇදුම් මාරු කරන ආකාරය බලා සිටියේ මටද ඇය මෙන් ඇදුම් මාරු කරගැනීමට ඉගෙන ගැනීම සඳහාය.....ඈ මා අසලට ඇවිත් මා ගෙන ආ ගවුම හිසෙන් පහලට ඇන්දවූ ඇය ඇද සිටි යට සාය යටින් ගැලෙව්වාය....පැන්ටිය සහ යට සාය ඇදගත් මා බ්‍රෙසියරය අතට ගෙන කල්පනා කලේ එය දැන් ඇදගන්නේ කෙසේද කියාය......ඕක දැන් අදින්න ඕනෙ නෑ වාහනේනෙ යන්නෙ කාමරේට ගිහින් ඇදගන්න......මා සිතමින් සිටි දේ දැනගත්තාක් මෙන් අම්මා ....පැවසුවාය....... 
අපි ආපසු යනවිට කෑම ලෑස්තිකර තිබුනි....හද හවස්වෙලා වදින්න යමු ....හෙට උදේ පාන්දර නැගිටලා කිරිබත් හදන්න ඕනැ....කිරිපිඩු පූජාවක් තියන්න...අම්මා පැවසූවිට...අපි දෙන්න හදමු මම සතුටින් කීවෙමි.... කීවෙමි......අපිට හදන්න බෑ තාත්ත තමා හදන්න ඕනැ.....දේව පූජාවටත් එක්ක හදන හින්ද පිරිමි තමා හදන්න ඕනැ.....අම්මා කීවාය......ඇයි අපිට හදන්න බැරි.....මම ඇසුවෙමි......අපි ගැහැනුනෙ ලමයො....ඒව හදන්නෙ පිරිමි......ඇය නැවත කීවාය.....හැම කෑමක්ම ගැහැනුන්ට හදන්න පුලුවන්නම් ඇයි මේ කිරිබත් ටික ගැහැනු අපිට හදන්න බැරි.....මට ගැටලුවක් ඇතිවිය.......අයි අම්මෙ අපිට මේ කිරිබත් ටික විතරක් ගෙහැනු අයයට හදන්න බැරි ඒක හරිම අසාධාරණයක් නේ.....මම අම්මට නැවත කීවෙමි.....දෙවියන්ට පූජ කරනෑව බොහෝම පිරිසිදුව කරන්න ඕනැ....හිසේ ජටාවක් බැදගෙන මුකවාඩමක් බැදගෙන අලුත් මුට්ටියකින් තමා උයන්න ඕනැ....තව උඩට වියනක් බදින්න ඕනැ.....ඒ වුයන අතරෙ පිරිත් කියන්නත් ඕනැ.....අපි දෙන්නට පුලුවන් පිරිත් කියන්න....අම්මා විස්තර කරන්ට වූවාය.....එතකොට ඒව උයන්න යන්න බැරි ගැහැනු අපි අපිරිසිදු හින්දද......මම නම් අහල තියෙන්නෙ මෙන්සස් වෙනකොටයි අපිරිසිදු වෙන්නෙ කියල......මම කිවෙමි.....ගැහැනු අපි අපිරිසිදු හින්ද නෙවෙයි දරුවෝ ඒක සමාජෙ චාරිත්‍ර යක්......අම්මා කීවාය.....
අපි සවස වදින්ට යනවිට සුදු ඇද ගත්තෙමු.....මා අම්මා ගෙනවිත් තිබුනු සුදු පැහැති බලවුසයක් සහ සායක් ඇද ගත්තෙමි.......ඒ සාය දන හිසට වඩා දිගට තිබුනු බවින් එම ඇදුම් ඇදගත්විට මගේ සුන්දරත්වය වැඩිවී ඇති බව මට තේරුනි....කන්නාඩියෙන් දිස්වුනු ඒ චාම් සුන්දර ගැහැනු ලමයා දෙස ආශාවෙන් බලා සිටියෙමි......ඒ ගැහැනු ලමයා මා වීම ගැන මා බෙහෙවින්සතුටු වුනෙමි..අම්මා සුදු පැහැති ඔසරියකින් සැරසී සිටියාය . රුවන්වැලි සෑයටත් භෝධිය අසලත් ගොස් වැද ආපසු පැමිනෙන විට තරමක් රෑබෝවී තිබුනි.....රාත්රී ආහාරයෙන් පසු නින්දට ගියේ කිරිපිඩු සකස් කිරීමට උදෙම්ම නැගිටීමට සිදුවන බැවිනි......
පෙර දින සවස මෙන් සුදු ඇදුමෙන් සැරසුනු අපි.... අම්මා පැවසූ පරිදි උදෙම්ම කිරිබත් හැදුවෙමු....තාත්තත් මෙහිසිටින උයන අන්කලුත් කිරිබත් සෑදූ අතර මාත් අම්මත් පිරිත් පොත බලාගෙන පිරිත් කීවෙමු......පාත්තරවලට බෙදූ ඒවා ගවුරවයෙන් යුක්තව රුවන්වැලිසෑ රජුන්ටත් ජය ශ්‍රී මහා භෝධීන්වහන්සේටත් පූජාකල අපි දෙවියන්ට වූ භාරය ඔප්පු කිරීමට සූදානම් උනෙමි......මා ගෙනගොස් තිබෙන පොල්පැලය ඒසදහා සූදනම් කරගත්තෙමි.....සුදු ඇදගෙන සුදු ජටාවක් බැද සිටි මාමා කෙනෙකුට ඒවා ලබාදුන් අම්මා....ඔහු සමග මොනවාද කීවාය......ඔහොම වැදගන්න කී ඔහු යාතිකා කිරීමට පටන් ගත්තේය......අනේ දෙවියනේ ඔබවහන්සේලාට ගොඩක් පින්සිද්ද වෙන්න ඕනැ පුන්චි කාලෙ ඉදන් මම ආශාවෙන් හිටිය ගැහැනු කම මට ලබාදුන්නට. මට වෙන දෙන්න දෙයක් නෑ මම එදා ඔබවහන්සේලට පොරොන්දුවුනා මාව ඉක්මනට ගැහැනු ලමයෙක් කලොත් අපේ වත්තෙ තියෙන පොල්පැලයක් ගෙනත් පූජාකරනව කියල....අනේ දෙවියනේ.....ඔබවහන්සේලා මම ඉල්ලපු ගැහැනු කම මට ලබාදීලා මාව ගැහැනු ලමයෙක් බවට පත් කලා......ඒ කට භාර වුන මේ පොල්පැලය පූජාවේවා.....මාමා යාතිකා කරන අතරේ.මා සෙමින් දෙවියන්ට කීවෙමි
.

No comments: