Tuesday, November 15, 2016

(බොක්සින් සමාදි 114)........................................එදින අපි පාසැල අවසන්වී ගෙදර පැමිනියෙමු........පුතේ අද මම කෑම ඉව්වෙ නෑ ......අද මගේ ඇගට හුගක් අමාරුයි......පැවසූ අම්මා සාලයේ සැටියෙ දිගාවුනාය.......මොකද අම්මෙ......ඇසූ මා පාසැල් ගවුම පිටින්ම අම්මා අසලට ගියෙමි.....අම්මාගේ ඇගට අත තැබූ විට ඇගේ සිරුර රත්වී ඇති බව දැනුනි......අම්මට උනවගේ.....මොකුත් බේතක් බිව්වෙ නැද්ද....ඇසුවෙමි.....පැනඩෝල් බිව්ව ....තාම ඇගට අමාරුයි.....පැවසූ අම්මා ජනිත් පුතේ කඩේට ගිහින් කෑම පාර්සල් තුනක් ගේන්න.....අම්මා ජනිත්ට පැවසුවේය.....නිමල් මාමාගේ හෝටලය තිබුනේ අපේ ගෙදර සිට කිලෝමීටර භාගයක පමන දුරකිනි.....ස්කෝලෙ ඉදන් ඇවිල්ල ආයෙත් යන්න උනානෙ...ජනිත් අයියා කඩයට යෑමට කම්මැලි කරමින් කීවේය...මොනව කරන්නද ජනිත් අයියෙ අම්මට සනීප නෑනෙ......පැවසූ මම ......ඔයාට බැරිනම් මම ගිහින් ගේන්නම්......පැවසුවෙමි.....දුව ඔයා තනියම යන්න එපා ඉස්සර වගේ නෙවෙයි ඔයා දැන් ගැහැනු ලමිස්සියෙක්....ජනිත් කොල්ලෙක් හින්ද එයා ගියාට කමක් නෑ.....අම්මා කීවේය.....හරි හරි මම ගේන්නම්.....සල්ලි දෙන්නකො.......අම්මා කාමරයට ගොස් ජනිත් අයියාට සල්ලි දී .....කෑම පාර්සල් තුනක් ගේන්න.....කීවාය......අපි තුන්දෙනාට විතරද එතකොට අම්ම.....ජනිත් අයියා ඇසුවේය......මට කන්නබෑ තව පොඩ්ඩකින් අයියත් එයි......තුන්දෙනාට හරියන්න ගේන්න.....අම්මා පැවසුවාය.....අයියා කොළඹ පාසැලකට යන බැවින් ඔහු පැමිනෙන අපිට වඩා ප්‍රමාදවේ......හෝටලයෙන් ගෙන ආ කෑම අපේ අම්මා අතින් උයන කෑම මෙන් රස නොමැතිවුවද බඩගිනි නිසා කෑවෙමි......අම්මා අසනීපය මා තාත්තාට දුරකතනයෙන් පැවසුවෙමි......ඉක්මමින් ගෙදර පැමිනි තාත්ත.....අම්මාට බෙහෙත් ගැනීමට ගිය අතර මාවද එක්ක ගියේය.......රෑ කෑමට මොනව හරි ගෙනියන්න....අම්මා තාත්තාට කියනු ඇසුනු මා....ගෙදර ගියහම මම මොනව හරි හදන්නම්....මම කීවෙමි.......ඔන්නෙ නෑ සමාදි රයිස් හරි කොත්තු හර අරන් යමු....තාත්තා කීවේය......මම රයිස් කෑමට කැමති බැවින් ......එහෙනම් කමක් නෑ තාත්තෙ.... අයියල දෙන්නත් රයිස් කන්න කැමතිනෙ.....ඇයි මගෙ දුව කැමති නැද්ද.....අම්මා ඇසුවාය...නෝනා ගැහැනු ළමයි කෙලින්ම කැමතියි කියන්නෙ නෑනෙ අහවලා කැමතියි කියලනෙ කියන්නෙ.......ගැහැනු අයගේ සිතුම් ගැන දන්නා තාත්තා සිනාසෙමින් කීවේය........දින කිහිපයක් ගතවන තුරු අම්මාට විවේකීව සිටින ලෙස වෛද්‍යවරයා දැන්වූ නිසා අම්මාට සිදුවූවේ ඇදට වී නිදාගැනීමටය.......පසුදින උදෑසන අවදිවූ මම......අම්මා නිදා සිටි තැනට ගියෙමි......කොහොමද අම්මෙ .....ඇසුවෙමි......ඇගට අමාරු හින්ද ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නෑ......අම්මා කීවාය........අම්මෙ මම අද ස්කෝලෙ යන්නෙ නෑ......අම්මව බලාගෙන ගෙදර ඉන්නම්......එහෙම කරන්න එපා දුව මම ඉන්නම් දුවගෙ පන්තියෙ වැඩත් පාඩු වෙනවනෙ......අම්මා කීවාය.......එහෙම වෙන්නෙ නෑ අම්මෙ මට ජනිත් අයියගෙන් බලාගන්න පුලුවන්....පැවසුවෙමි......එහෙනම් ජනිත් අයියට යන්න කියන්න......ඇය කීවාය.......තාත්තා වඩට ගිය අතර අයියලා පාසැල් ගියෝය.....ගෙදර තනිවුනේ මමත් අම්මාත් පමනි.......අම්මාට වැඩිපුර ඇදෙන් බැසීමට ඉඩ නොදුන් මා ඇයට සාත්තු කලෙමි.....අම්ම අද මම උයන්නද.....මා.ඇසුවෙමි.....ඔයාට උයන්න තේරෙන්නෙ නෑනෙ දුවේ....ඇය කීවාය.......අම්ම ඔහොම ඉදගෙන කියදෙන්නකො මම උයන්නම්.....මම කීවෙමි.........ගන්නා හාල් ප්‍රමානය අසාගත් මා ඒවා සෝදා රයිස් කුකර් එකට දමා එහි වතුර ප්‍රමානය ඇගේ ඇද ලගට ගොස් අසාගත්තෙමි........ඔයාට ගොඩක් කෑම හදන්න බෑ පරිප්පු ටිකකුයි බෝංචි ටිකකුයි වුයන්න......ප්‍රිජ් එකේ බිත්තර තුනක් අරන් තම්බන්න......ඒ ඇති.... අම්මා උපදෙස් දුන්නාය. පොල් ගෑම පොල් මිරිකීම වැඩ මුලසිටම දන්නා මට අපහසු වූවේ හොද්දට දමන පහේ ප්‍රමාණය තීරනය කිරීමටය.......අම්මා හිමි සරේ කොස්සියට ඇවිත් ඒවාට දමන පහේ ප්රමානය කියා දී නැවත ඇදට ගියාය......සයලු වඩ අව්සන් කල මා කුස්සිය අස්පස් කර අම්මා අසලට ගියෙමි.......උයලනම් ඉවරයි අම්මෙ.....රස කොහොමද දන්නෙ නෑ.....අම්ම චුට්ටක් කාල බලන්නකො......මම කීවෙමි......කන්න හිත නෑ දුවේ ඔයා කියන හින්ද චුට්ටක් බෙදාගෙන එන්න......බිත්තර එපා එලවලු විතරක් බෙදාගෙන එන්න.....ඇය කීවිට මා බත් පිගාන බෙදාගෙන අම්මාට දුන්නෙමි......අම්මෙ මම කවන්නද......ඕනෙ නෑ මම කන්නම්.....නෑ අම්මෙ මම කවන්නම්.....බත් පිගාන ගත් මා....ඇයට බත් කටක් කැවුවෙමි.......දුව ශෝක් එකට උයල තියෙන්නෙ......අම්මා කන ගමන් කීවාය......මගෙ දුවට දැන් තනියම උයන්නත් පුලුවන්නෙ.......ඇය පවසන විට මා සතුටින් සිනාසුනිමි......අම්මට රස වුනාට අයියල දෙන්න මොනව කියයිද දන්නෙ නෑ.....මම කීවෙමි......මොනව කියන්නද මීට වඩා රසට උයන්න බැනෙ....පැවසූ ඇය.....අද ඔයා ඉව්ව කියල කියන්න එපා සද්ද නැතුව ඉන්න.....කීවාය.......අයියලා ගෙදර පැමිනි පසු මා කිසිවක් නොකියා අවුන්ට කෑම බෙදා දුන්නෙමි......අම්මනම් මම ඉව්ව හින්ද රස නැතත් රසයි කියනවනෙ.....ඒත් මෙයාල මොනව කියයිද දන්නෙ නෑ.......රස නෑ කියල අහක දායිද දන්නෙත් නෑ......එහෙම උනොත් මට වස ලැජ්ජාව.....කොහොම උනත් මෙයාල දන්නව අම්මගෙ කෑම වල රස....මම හිතන්නෙ නෑ ඒරස මගේ අතින් එයි කියල.....මීට වඩා ඊයෙ හෝටලෙන් ගෙනා කෑම හොදයි කියයිද දන්නෙත් නෑ.....එහෙම කිව්වොත් මම හෙටනම් උයන්නෙ නෑ.....හෙට කරන්නෙ මම ඔක්කොම පිලියෙල කරල අම්මට කියලම පහේ ටික දම්ම ගන්නව.......මා මෙසේ සිතන ගමන් බත් පිගාන බෙදා ජනිත් අයියාට දුන්නෙමි.....ලොකු අයියා තව ප්රක්කු වන නිසා ඔහුගේ ප්‍රතිචාර බැලිය හැක්කේ ඔහු පැමිනි පසුවය එහෙත් ජනිත් අයියාගේ ප්‍රතිචාරය නරක් උනොත් ලොකු අයියා ගැන කීමට දෙයක් නැත.. යකඩ මල්ලට ගුල්ලො ගැහුවනම් පන් මල්ල ගැන කවර කතාද.........එහෙම උනොත් මා උදේ සිට මහන්සිවී ඉවීමේ ප්‍රතිඵලයක් නැත......මා සැකයෙන් යුතුව ඔහුට බත් පිගාන දුන්නෙමි........කවුද නංගි අද බත් ඉව්වෙ......ජනිත් අයියා එකවරම ඇසුවේය......ඇයි......කලබලයට පත්වූ මම ඇසුවෙමි.......

No comments: