Friday, November 11, 2016

(බොක්සින් සමාදි 109)................................පසු දින අවුරුද්දට කිරිබත් ලිප ගිනි මෙලවීම තිබුනේ පාන්දර බැවින් මාත් අම්මාත් පාන්දරම අවදිවී ඒ සදහා සූදානම් උනෙමු.....මම පොල් ගාන අතරතුල අම්මා හාල්සෝදන්ටවිය.....වෙලාව කිට්ටු වනවිට අයියත් ජනිතුත් ඇහැරී රතිඤ්ඤා පත්තු කිරීමට සූදානම් විය.....ලොකු පුතේ හරියට වෙලාව කියන්න .....අම්මා අයියාට වෙලාව කියනලෙස දැන්වූවාය.....අයියා වෙලාව පවසනවත් සමගම අම්මා ලිපගිනි මෙලවූ අතර ජනිත් රතිඤ්ඤා පත්තු කරන හඩ ඇසුනි..... 
කිරිබත් ටික ඉදුනු පසු කිරිබත් වල කැබලි කැපීමට මට භාරදුන් අම්මා කෑම මේසය සකස් කිරීමට පටන්ගත්තාය......ශා මටත් වඩා ලස්සනට කැලි ටික කපලනෙ අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය......කෑම මේසය පිලියෙල කල අම්මා කුඩා පිත්තල පහනද ගෙනත් තබුවේ අනුභව වෙලාවට පත්තු කිරීමටය......දැන් දුවේ ඔක්කොම වැඩ ටික ඉවරයිනෙ ඉක්මනට ගිහින් අලුත් ගවුම ඇදගෙන එන්න.....අම්මා කීවාය........මෙවර නැකතට සුදුසු වර්නය ඇති ගවුමක් මට ඇදගැනීමට තිබුනි.....මුහුන සෝදාගත් මා එම ගවුම ඇදගෙන කෑම මේසය අසලට ගියෙමි.....අම්මාද අලුත් සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටින බව දක්නට ලැබුනු අතර අලුත් ඇදුම් ඇදගැනීමට අයියාට සහ ජනිත්ට කියනු ඇසුනි......තාත්තාද අලුත් සරමකින් සහ ටී සර්ට් එකකින් සැරසී සිටියේය.....අනුභව නැකත ලගාවනවිට අපි මේසය අසලට කිට්ටු වුනත් ජනිත්ට අවශ්‍යය වූවේ නැකතට රතිඤ්ඤා දැල්වීමටය......නැකත ලගාවනවිට රතිඤ්ඤා පත්තු කල ජනිත් මේසය අසලට දිව ආවේ වෙලාවට කිරිබත් කැබැල්ලක් කෑමටය.....කිරිබත් කැබැල්ලක් අතට ගත් මා ඉන් කොටස බැගින් සියල්ලන්ටම කවා මමද කෑමට පටන්ගත්තෙමි.....කෑම අවසන් කල පසු බුලත් අත අතට ගත් අම්මා අපි ඉදිරි පිටදීම තාත්තාට බුලත් අත පිරිනමා වැන්දාය.....මට බුලත් අත දුන් අම්මා තාත්තාට දෙන ලෙස පැවසුවාය..... තාතාටත් අම්මාටත් අයියාටත් බුලත් අත දී වැන්ද මම ජනිත් අසලට ගියෙමි.....අම්මෙ මම අද ඉදන් ජනිත්ට අයිය කියල කතාකරනව.....අපි සහෝදරයොනෙ අම්මෙ ඇයි අපි නම් කියල කතා කරන්නෙ.....කවුරු හරි පිට කෙනෙක් ඇහුවත් මට මේ ඉන්නෙ අයියද මල්ලිද කියල කියන්න තේරෙන්නෙ නෑ....මගේ සහෝදරයෙක් හින්ද නම කියන්නත් බෑ......ඒ හින්ද මම ජනිත්ට මීට පස්සෙ අයිය කියනව.....මම පැවසුවෙමි.....ඔය දෙන්නගෙ කැමැත්තක්.....තාත්තා කියනු ඇසුනි.....එතකොට මට ඔයාට කියන්න වෙන්නෙ නංගී කියලද.....ඔව් පුතේ.....සමාදි කැමතිලුනේ ඔයා එයාට නංගි කියල කතාකරනවට.......අම්මා පැවසුවාය......එහෙනම් කමක් නෑ පැවසූ ජනිත් සිනාසුනේය.....මා ඔහුට බුලත් අත දී වැදීමට සූදානම් වනවිට.....මට අයිය කිව්වට කමක් නෑ ඒත් වදින්න ඕනැනෑ.....ජනිත් පැවසුවේය.....අයියලට නන්ගිල වදිනවනෙ අයියෙ ....ඔහුගේ විරුද්ධත්වය නොසලකා මා ඔහුට වැන්දෙමි...සහෝදර ප්‍රේමය ඉස්මතුවූ ජනිත්. මාවා තුරුලු කරගෙන මගේ මුහුන කිහිපවරක් සිපගත්තේය......මා ජනිත් ට ජනිත් අයියා යනුවෙන් ඇමතීමට පටන්ගත්තේ එදින සිටය .....ඔහුද මට නංගි යනුවෙන් ඇමතීමට පුරුදු විය.
අපි පන්සල් ගොස් බුදුන් වැඩ අවසානයේ දෙවියන්ට පින්දෙනවිට මාව ගැහැනු ලමයෙක් බවට පත් කිරීමට උප්කාර කල සෑම දෙවි කෙනෙක්ම සිහිපත් කර පින් දුන්නෙමි.......පසුදිනම අපි ආච්චිගේ ගෙදර ගියෙමු.....මගේ හිස අතගෑ ආච්චි .....දැන් වදුරු පාට් නැද්ද ඇසුවාය......ඇය ඇසූ දේ තේරුම් නොගත් මම ඇය දෙස බලා සිටියෙනි......මම ඇහුවෙ දැන් ගස් උඩ යන්නෙ නැද්ද කියල....දැන් මෙයා ගැහැනු ලමිස්සියෙක්නෙ අම්මෙ ඒ හින්ද ගස් යන්නෙ නෑ......අපි අම්ම මුත්ත කාලෙවත් අහපු නැති එකක් නෙ උඹට උනේ නේද.....දෙපාරක් ම නාවන්න උනානෙ.....ඇය සිනාසෙමින් කීවාය.....මුලින් සමාදි ලොකුලමයෙක් උනා යනුවෙන් සිතූ නිසාද....මාව ඇත්තටම ලොකු ලමයෙක් වීමද .....ආච්චි සිතා සිටින්නේ මාව දෙපාරක් ලොකු ලමයෙක් වීම ලෙසය.....ගෙදර අය පමනක් දන්නා මෙම රහස කිසිවෙක් දන්නේ නැත.......අම්ම දන්නවද මේ කැවුන් හැදුවෙ කවුද කියල.....සවස තේ බොන අතර අම්මා ආච්චිගෙන් ඇසුවාය.....ඇයි බන් පිට අයට කියල හදව ගන්නෙ උඹට හොදට කැවුන් හදන්න පුලුවන් කම තියෙද්දි.....ආච්චි එසේ ඇසුවේ අපි පිට කෙනෙකු ලවා කැවුම් සාදා ගත්තායයි වැරදියට තේරුම් ගෙන බව දැනගත් අම්මා.....කවුරුවත් නෙවෙයි අම්මෙ සමාදි.....මා පෙන්වා කීවාය.....මොනවා....මා දෙස පුදුමෙන් මෙන් බලා සිටි ආච්චී.......මෙයා තනියමද හැදුවෙ.....නෑ මම කියදුන්න......අම්මා කීවාය.....දැන් හැදෙන ගැහැනු ලමයි ඕව ඉගෙන ගන්න කම්මැලියි.....මෙයා කැමතිනම් ඒක ලොකු දෙයක්......සතුටින් පැවසූ ආච්චී.....මටත් කැවුන් හදන්න ඕනැවුනොත් උඹට කතාකරන්නම්.....මාදෙස බලා සිනාසෙමින් කීවාය......

No comments: