Thursday, September 1, 2016


(ඉමල්කා 3).................................එම සායට ගැලපෙන සුදු පැහැති යට සායක් ඇදගතිමි. මෙපමන කලක් පිරිමි ඇදුම් ඇද පුරුදු මට මෙම ගැහැනු ඇදුම් ඇදගත් විට ඇගට අමුතු හැගීමක් දැනෙන්ට විය. මා අලුත් ලොවකට ගියාසේ තේරුනි. මම නැවත කැඩපත ඉදිරියට ගියෙමි.....නිමල්කා කොයිතරම් ලස්සන කෙල්ලෙක්ද. මම ඇගේ සුන්දර රුව බලමින් සතුටුවුනෙමි. මදුරංග ලෙස ජීවත්වූ මා මියගොස් නිමල්කාලෙස නැවත ඉපදීඇත....නැවත මට මදුරංග ලෙස ජීවත්වීමට නොහැක. මට තිබුනු පිරිමිකම සමගම මදුරංග සතු සියලු දේ මට අහිමිවීඇත. මට නැවත කවදාවත් පිරිමි ජීවිතයක් ගතකිරීමට නොහැකි බව තේරුම් ගත් මා නිමල්කාගේ ගැහැනු සිරුරෙහි තිබුනු සුන්දරත්වය දෙස ආශාවෙන් බලා සිටියෙමි. අවුරුදු 15ක පමන කාලයක් මදුරංග නමින් පිරිමි ලමයෙකු ලෙස ජීවත්වුවද කවදවත් මා මෙතරම් වෙලාවක් මගේ රුව කැඩපතකින් නරබමින් සතුටුවී නොතිබුනි.එදා පිරිමි ලමයෙක්වුනු මගේ රුව මෙතරම් බැලියයුතු රූමත් බවක් නොතිබුනු බව මට මතක්විය.මගේ දෙමවුපියන් දෙපලත් එකම අයියත් හැරදමා මෙතැනට පැමින ඇති මට . ඔවුන් සිහිවීමෙන් යම් දුකක් දැනෙන්ට විය.ඒත් දැන් නිමල්කාගේ මව් පියන්ට අම්ම තාත්ත කීමට සිදුවී ඇති බව මට සිහිවිය....මම දන්න හැටියට නිමල්කගේ තාත්තා . උසස් රැකියාවක් කරන තැනැත්තෙක් විය. ඔවුන් අපිට වඩා උසස්ලෙස ජීවත්වෙන සල්ලි තිබෙන පවුලක් බව. එදා සිටම මා දැනගෙන සිටියෙමි...මගේ කොන්ඩය අව්ල්වී ඇතිබව දක්නට ලැබුනු මම පනාව ගෙන එය පීරීමට පටන්ගත්තෙමි....කොන්ඩය දිග වැඩි බැවින් එය පීරීමට තරමක් අපහසු බව තේරුම් ගත් මා ටිකක් පීරා කොන්ඩය පිට දිගට දාගත්තෙමි. කන්පෙතිවලට පලදා තිබුනු රත්රන් කරාබු දෙක ටිකවෙලාවක් අතගෑවෙමි.....
එලියට යන දොර ඇරගත් මම හිමින් කාමරයෙන් එලියට පිය නැගුවෙමි.....මේ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ බව එලියට ගිය මට දැක ගැනීමට ලැබුනි. ඉදිරියේ තිබුනු තරප්පු පෙලින් මා පහලට බැස්සෙමි.එහෙත් යා යුතු මගක් නොදන්නා මම වටපිට බැලුවෙමි...අම්මාගේ කටහඩ ඇසුනු බැවින් මම ඒ දෙසට ගියෙමි.....අම්මා සිටියේ කුස්සියේ බව මට දක්නට ලැබුනි....එම කුස්සිය අපේ ගෙදර වගේ නොව...සුකෝප බෝගී ලෙස සාදන ලද මුලුතැන් ගෙයක් බව දක්නට ලැබුනි. මා අම්මා අසලට යනවිට ඇය කෑම පාර්සලයක් සූදානම් කරන ආකාරය දක්නට ලැබුනි......අර තේ හදල තියෙනව බොන්න....මා දෙස බැලූ අම්මා පැවසුවා....වසා තිබුනු කෝප්පය ඇරිය මම එය බීමට සූදානම් වනවිට....ඇයි ලමයො ඕක බොන්නෙ ඕක මල්ලිගෙ එකනෙ....අම්මා එසේ පැවසූ විට මා ඒ අසල තිබුනු අනිත් තේ එක අතට ගත්තෙමි......පව් නේද දුවේ මදුරන්ග....අම්මා ඇසුවාය....මොකක් වෙලාද අම්මෙ එයා මැරිල තියෙන්නෙ...මම ඇසුවෙමි. දන්නෙ නෑ...තාත්ත වැඩට ගිහින් ආවම ඒ පැත්තෙ යන්න ඕනැ....අම්මා කීවාය....අද සෙනසුරාදා උනත් ඉමල්කාගෙ තාත්ත වැඩට යනව ඇති...මට සිතුනි...කෑම පාර්සල්ය පිලියෙල කල අම්මා එය රැගෙන තාත්තට දීමට යන බව දැක්ක මම ඇය පිටුපසින් ගියෙමි.ඒ වන විට තාත්තා වැඩට යෑමට සූදානම් වී සිටි අයුරු දුටුවෙමි.......අම්මා තාත්තට කෑම පාර්සලය දුන් පසු මම තාත්තා අසල දනගසා වැන්දෙමි......අද හවසට වහී වගේ ....මම වැද නැගිට්ට පසු අම්මා කියනු ඇසුනි......මගේ හිස අතගෑ තාත්තා කට කොනකින් සිනාසී ඔෆිස් බෑක් එකද රැගෙන මිදුලට බැස්සේය. නිමල්කා කවදාවත් අමට තාත්තට වදින්නෙ නැතුව ඇති ඒකයි මම වදිනකොට පුදුම වෙලාවගේ හිටියෙ....මම කල්පනා කලෙමි......තාත්තා පිටවූ පසු මාත් අම්මත් නැවත කුස්සියට ගියෙමු.....බඩගිනියි අම්මෙ.....ලමයෙකුගේ කටහඩක් ඇසුනු මා ඒ දෙස බැලුවෙමි.....අවුරුදු දොලහක පමන පිරිමි ලමයෙක් ඇස්දෙක අත්වලින් පිසදමමින් අපි අසලට එනු දක්නට ලැබුනි..මේ නිමල්කගේ මල්ලි වෙන්න ඇති ...ඔහු දෙස බලා සිතුවෙමි....මොකද අද අක්ක කවදාවත් නැතුව කුස්සියෙ.....මාදෙස බලා ඇසුව ඔහු තේ කෝප්පය අතට ගෙන බොන්න පටන්ගත්තේය.....පුතා දන්නෙ නෑනෙ අක්කගෙ යාලුවෙක් ඊයෙ රෑ මැරිලනේ.......ඒ කවුද මල්ලි ඇසුවෙය. පහල ගෙදර මදුරන්ග අයිය.....අම්මා කිවාය....අනේ මන්ද මම එයාව එච්චර දන්නෙ නෑ.....මල්ලී කිසිවක් ගනන් නොගෙන කීවේය....ඇයි ඔයා කපිල අන්කල් අදුනන්නෙ නැද්ද.....ඔව් එයා පහල ගෙදර අන්කල්නෙ.....ඉතින් එයාගෙ පුතානෙ...අක්කගෙ පන්තියෙමනෙ ඉන්නෙ....අම්මා කීවාය.....ආ ඒකයි මේ අක්ක අද අම්ම ලගට වෙලා ඉන්නෙ ...බය වෙලාද කොහේද.....එසේ කියමින් ඔහු මා අසලින් ඉක්මනට ඉවත් වුන බව දුටුවෙමි.......
මට දැන් අවසය වී ඇත්තේ මට ලැබුනු මේ අමුතු පරිසරය ගැන දැනුමක් ලබා ගැනීමට බව තේරුම් ගත් මම කුස්සිය පැත්තෙන් එලියට ගියෙමි.....මේ ගෙදර ගැන මෙයාල ගන අවභෝදයක් ගත්තෙ නැත්නම් මෙයාල හිතයි මදුරංග මැරුනට පස්සෙ මගේ මොලේ හොද නැති වෙලා කියල.........මම නවත ගේ ඇතුලට පැමින සාලයට ගියෙමි....සාලයේ වටිනා පුටු සැටියක්ද වටිනා බඩු රාසියක්ද තිබෙනු දුටුවෙමි.....සාලයේ තිබුනු රූප වාහිනියද විශාල ප්රමානයේ එකක් විය....මේ හැම දෙයකින්ම මට තේරුනේ නිමල්කාගේ තාත්තට හොදට සල්ලි තිබෙන බවය......මම ජීවත්වූ ගෙදර මෙතරම් විසිතුරු වටිනා බඩු තිබුනේ නැත. අපේ තාත්තා සාමාන්‍ය රැකියාවක් කල බැවින් මෙතරම් සැප පහසු ලෙස ජීවත්වීමට නොහැකිවිය......උසස් පෙල විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන මගේ අයියටත් මටත් වියදම් කිරීමට ඇති බැවින් ඔහුගන්න පඩිය අපේ ගෙදර වියදමට පමනක් සෑහෙන බව මා තේරුම් ගෙන සිටියෙ


No comments: