Tuesday, September 6, 2016

(ඉමල්කා 19)............................................මේ ගැන කාගෙන්වත් අහන්නත් බෑ යහලු කෙල්ලෙක්ගෙන් ඇහුවොත් ..ඔයා මෙච්චර කල් හිටියෙ කොහේද කියල අහයි.....කල්පනා කල මම ...කිසිවක් කාගෙන්වත් ඇසුවේ නැත....කවද හරි මොකක් හරි වෙයිනෙ එතකන් ඉන්නව මම හිතාගත්තෙමි......ඉමල්කා ලගතිබුනු නරක ගතිගුන නොතිබුනු මම පන්තියේ ඉතාමත් සාමකාමී ගැහැනු ලමයෙකු මෙන් සිටීම ගැන පන්තියේ අනිකුත් අය මා දෙස පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි.....උබ ඉස්සර වගේ නෙවෙයිනෙ. මදුරංග මලා කියල ඔයතරම් හිතට ගන්න එපා....අපි ඉස්සර වගේ ජොලියෙ ඉම්මු......ඉමල්කාගෙ යෙහෙලියන් දෙදෙනා මට කියන්ට විය....දැනුත් ජොලියෙ තමයි ඉන්නෙ ...මම කීවෙමි.....මොනවද බන් කාව හරි අවුස්සගන්නෙ නැතුව ජොලියක් තියෙනවද......මදුරි ඇසුවාය..... අනුන්ට කරදර කරල සතුටු වෙන්න මට වුවමනාවක් නෑ.....උඹල ඔන්නම් පලයල්ල.....මම ඔවුන් දෙදෙනාට සැරෙන් කතා කලෙමි....උඹ අපිට මීට ඉස්සර ඔහොම කතා කරල නෑ......අද මේකිට මැරිච්ච මදුරංග වැහිලද කොහේද....අපි යමන් බන් යන්න...ඔවුන් දෙදෙනා මගෙන් ඉවත්වෙනු දුටුවෙමි.....ඇත්තටම ඉමල්කගේ ඇගට මදුරංග වන මාව වැහිලද......මදුරි කීකතාව ගැන කල්පනා කලෙමි....මලගිය අය එහෙම ඇගට වැහුනම දගලනවනෙ.....මලගිය අය වැහී දගලන අය දැක තිබුනු මට ඔව්න් ගේ හැසිරීම් රටාව සිහිවිය.....ඉමල්කට මගේ බූත ආත්මෙ වැහුනනම් මෙහෙම ඉන්න බෑනෙ මව නිකම්ම නැටවෙයි.....මාව මෙයාට වැහිල නෙවෙයි තියෙන්නෙ ..මම ඉමල්කගේ ශරීරෙ තුල ජීවත් වෙනව.....වැහුනොත් මතුරල නූල් දැම්මම ඒ යකා ඇගෙන් යනවලු.....මාත් යකෙක්ද ඒත් වෙන්න බෑ යකෙක්නම් බිල්ලක් ඉල්ලල කෑගහන්න වෙනව....මට ඒ මොකුත් ඕනැ නෑ මට ඕනැ හොද ගුන යහපත් කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න.......ඉන් පසු ඉමල්කගේ යෙහෙලියන් දෙදෙනා මාව එතරම් ගනන් නොගන්නා බව තේරුනි.....උන් දෙන්න තරහ උනාට මට මොකද...මම ද සිතාගත්තෙමි........ඉමල්කාගේ හිටිය යෙහෙලියන් දෙදෙනා දවසින් දවස මගෙන් ඈත්වෙන විට මට හුදකලාව සිටීමට සිදුවිය.....ඉමල්කාට තිබුනු නරක ගතිගුන නිසා පන්තියේ අනිත් ලමයි ඉමල්කාව ගනන් නොගැනීම මේ වනවිට මටද බලපා ඇති බව තේරුම් ගත්තෙමි....ඉමල්කා නිතර විහිලුවට භාජනය කරන බව දැක ගැනීමට ලැබුනු අහින්සක ගැහැනු ලමයෙක් වන සෙවුනි මගේ අලුත් යෙහෙලියක වේනම් හොදයි යනුවෙන් මට සිතුනි......මා සෙවුනි අසලින් වාඩිවනවිට ඇය මගෙන් ඈත්වෙන බව දුටු මට දුකක් ඇතිවිය......මම ඉස්සර ඉමල්කා නෙවෙයි සෙවුනි...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනැ......මා මෙසේ කීවිට ඇය මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටිනු දුටුවෙමි.......මොනවද මාත් එක්ක කියන්න තියෙන්නෙ.....ඔව් මම දුප්පත් තමයි ..මට ඔයාලට වගේ සල්ලි නෑ.....මගෙ කනේ තියෙන්නෙත් ඉමිටේසන් කරාබු දෙකක්......මගේ තාත්තට මට ඔයාලට වගේ රත්තරන් කරාබු අරන්දෙන්න සල්ලි නෑ......දුප්පත් කමට බාල්දු කරන්න එපා ඉමල්ක....මට ඔයාගෙ කතා ඕනෙ නෑ ..මම යනව...ඇය මා අසලින් ඉවත් විය.......ඇය දුප්පත් කෙල්ලෙක් නිසා ඉමල්කා ඇයට නිතර පාච්චල් කර ඇති බව මා තේරුම් ගත්තෙමි.......සෙවුනි මට පැවසූ හැම වචනයක් ම මගේ හිත තුල රැවුදෙන්ට විය.......මේ වගේ අහින්සක ලමයෙකුට උදව්වක් කරන්න ඇත්නම් කොයි තරම් දෙයක් ද.....මට සිතුනි......මම දැන් ඉමල්කා වගේ නෙවෙයි ..මම දැන් හොද ලමයෙක් වී සිටින බව පන්තියෙ අයට පෙන්වීමට අවසය බව මා වටහා ගත්තෙමි. ගෙදර ගිය මම පන්තියේ ලමුන් ඉමල්කා කෙරෙහි තිබුනු ඒ නරක ආකල්පය වෙනස් කිරීමේ උපක්ක්‍රමයක් ගැන කල්පනා කලෙමි........හොදම ක්‍රමය යහලුවන් ට උදව් කිරීම බව මා තේරුම් ගත්තෙමි.......
අම්මෙ අපේ පන්තියෙ ගොඩක් දුප්පත් ලමයෙක් ඉන්නව. මට හිතුන එයාට මොකක් හරි උදව්වක් කරන්න.....මම අම්මට කීවෙමි.....දැන් දුව දන් දෙන්නත් හුරු වෙලාද....ඒකනම් හොඳ පුරුද්දක් පින්සිද්ද වෙනව.....ඉස්සර දුව කාට හරි මොනව හරි දෙනව කිව්වොත් කේන්ති යනවනෙ......දැන් ඒ ලමයට මොනවද කරන්න ඕනැ......අනතුරුව අම්මා ඇසුවාය......එයාගෙ බෑක් එකත් ඉරිල සපත්තු දෙකත් කබල් වෙලා......කනට කරාබු දෙකක් වත් නෑ අම්මෙ....මම කීවෙමි.......හරි හරි අපි තාත්තට කියල මොනව හරි දෙමු......අම්මා පැවසුවාය.....මම ඉමල්කාගේ කන්නාඩි මේසය ලාච්චුව ඇරිය විට එහි පෙට්ටියක් තිබෙන බව දුටුවෙමි.....ගැහැනු ලමයි රත්තරන් බඩු තියන්නෙ මේ වගෙ පෙට්ටි වල.....අපේ අම්මත් තියාගෙන ඉන්නෙ මේවගෙ පෙට්ටියක...මතක් වුනු මම එය විවුර්ත කලෙමි...එහි මාල කිහිපයක් වලලු කිහිපයක් තිබෙනු දුටුවත් කරා බු ජෝඩුවක් සොයා ගැනීමට නොහැකි විය ....එහෙත් කරාබු ගෙනා හිස් පෙට්ටියක් එහි තිබුනි එය අතට ගත් මා......

No comments: