Friday, September 2, 2016

(ඉමල්කා 8)...............................මා මදුරන්ග කාලයේ මෙසේ සුන්දර උවතියක් මා අසල සිටියොත් මට කුමන සිතුවිල්ලක් ඇතිවේද? ඒකානතයෙන්ම  කාම සිතුවිල්ලක් ඇතිවෙනබව මට විශ්වාසය.එහෙත් පුදුමයකි .කෙතරම් වෙලාවක් මෙම යුවතිය දෙස බලා සිටියද කිසිම නරක සිතුවිල්ලක් මගේ සිතතුල ඇති නොවුනි.සමහර විට එයට හේතුව මා ගැහැණු සිරුර තුලට පැමිණීමත් සමග මාතුල තිබුනු පිරිමි සිතුවිලි ටිකෙන් ටික ගැහැනු සිතුවිලිවලට පරිවර්තනය වීම වියහැක.ගැහැනියක් දෙස බැලූවිට තවත් ගැහැනියකට කාම ආශාවක් ඇතිනොවන්නාක් මෙන් මටද කාම ආශාවක් හට නොගත්තත් මගේ ගැහැනු රූපයට බෙහෙවින් ඇලුම් කල නිසා  කැඩපතින්  නිතර හැඩබැලීමට ආශාකලෙමි.
               වාහනයක නලාවේ හඩත් ඉන්පසු ඇසුනු ගේට්ටුව අරින සබ්දයත් නිසා මා කාමරයේ ජනේලය තුලින් ගේට්ටුව දෙස බැලුවෙමි. වාහනයක් ඇතුලට එනබව දුටුවද ඒ එන්නේ කවුරුදැයි නොදන්නා මම එලියට නොගොස් බලා සිටියෙමි.මල්ලිගේ කටහඩින් පැමිනියේ තාත්තා බව දැනගත් බැවින් මම පහලට ගියෙමි.කාරය ගරාජයට දැමූ ඔහු පාර්සල් දෙකක් අතේ තබාගෙන මල්ලිටත් මටත් කතාකරනවා ඇසුනි.....මල්ලී ඔහු අසලට දුවගෙන ගොස් පාර්සලයක් ගත් අතර මම හිමින් සැරේ ඔහු අත තිබුනු අනිත් පාර්සලය අතට ගෙන... ස්තූතියි...කීවෙමි.තාත්තා ගෙට ගොඩවෙන ගමන් අම්මා දෙස බලා....දුව අද ගොඩක් වෙනස්වෙලානෙ .උදේ යනකොට මට වැන්ද දැන් පාර්සලේ දෙනකොට ස්තූතියි කියල ගත්තෙ....වෙනද මෙම නෑනෙ.....ඒක තමයි අනේ මටත් තියෙන ප්‍රශ්නෙ අර මදුරංගගෙ මරනෙ ගැන ඇහුවම මෙයාට හිතුනලු හොද ලමයෙක් වෙන්න....අම්මා පිලිතුරු දුන්නාය.....කොහොම හරි කමක් නෑ තිබුන හිතුවක්කාර ගති අත හැරල දුව හොද ලමයෙක් වෙනවනම්.....තාත්තා කියනු ඇසුනි.
                මල ගෙදෙට්ට යන්නත් ඕනෑ යයි කියමින් තාත්තා යට තට්ටුවේ තිබුනු කාමරයක් තුලට ඇතුලුවෙනු මා දුටුවෙමි.....තාත්තගෙ කාමරේ මේක වෙන්න ඇති...මම කල්පනා කලෙමි.ඒ සමගම දුව මලගෙදර යන්න ලෑස්තිවෙන්න...කියමින් අම්මා උඩ තට්ටුවේ කාමරයකට ඇතුල් වෙනු දුටුවෙමි.....එම කාමරය අම්මාගේ විය යුතුයයි මා අනුමාන කලෙමි. මම අම්මා ඇතුල්වූ කාමරය තුලට ගොස් ..මට දුකයි අම්මෙ එහෙ යන්න. අම්මල ගිහින් එන්න....කේවෙමි...ඇයි එයා ඔයගෙම පන්තියෙ ලමයෙක් නේද නොගිහින් හොදද?අනික ඔයා ගොඩක් දුක් උනත් එක්ක නේද?....අම්මා ඇසුවාය. මට බලන්න දුක හින්දනෙ අම්මෙ මෙහෙම කියන්නෙ.....මම පැවසූවිට....එහෙනම් මල්ලිත් එක්ක දොර වහගෙන ඉන්න අපි ගිහින් එනකන්.....අම්මා කීවාය. මාකාමරයට ගොස් තාතා දුන්න පාර්සලය බැලුවෙමි .එය තුල චොකලට් එකක් තිබෙන බව දුටු මම එය කඩා අම්මාගේ කාමරය තුලට ගොස් ඉන් කැබැල්ලක් අම්මා දෙසට දිගුකර ...අම්මෙ මෙන්න අම්මට චොකලට් කෑල්ලක් යයි කීවෙමි......සාරියක් අදිමින් සිටි අම්මා.....මොකෝ මේ කවදාවත් නැතුව අම්මට දෙන්න හිතුනෙ.....කී අම්මා....මගේ චොකලට් කැබැල්ල ගැනීම සදහා මුව විවර කලාය....මම ඇයට එම කැබැල්ල කැවුවෙමි....දුව අපි ගිහින් එනකන් මල්ලිවත් බලාගෙන දොර වහගෙන පරිස්සමින් ඉන්න කවුරුවත් ආවට දොර අරින්න එපා හොදද....කියමින් සාරි පොටේ රැලි හදන්ට විය.මා ඇය සාරිය ඇද අවසන්වනතුරු ඇය අසල සිටියෙමි. ඇයටද ලස්සන සාරි කිහිපයක් තිබෙනබව මා දුටුවෙමි.....මා මීට පෙර කවදාවත් අම්මා ඇදුම් අදින විටදි පවා ඇගේ කාමරයට ගොස් තිබුනේ නැත. ඒ මම ඒ දවස්වල පිරිමියෙකු නිසාය. අම්මා වුවද ඇය ගැහැනියකි . මම ඇයගේ පුතා වුවද ඇය ඇදුම් අදින තැනට යෑම හොදනැති බව මම තේරුම් ගෙන සිටියෙමි....දැන් ඊට ඉදුරාම වෙනස්ය.....මාත් දැන් අම්මා වගේම ගැහැනියෙකි.....දුවේ පිටිපස්සෙ සාරි පොටට මේ කටුව ගහන්නකො.....මට කටුවක් දෙන ගමන් අම්මා කීවාය. ශා අම්ම දැන් ගොඩක් ලස්සනයිනෙ දැන් අම්මට මලගෙදරකට විතරක් නෙවෙයි මගුල් ගෙදරකට වුනත් ගියෑකි.....පිස්සු කෙල්ල කී ඇය මගේ කන මිරිකා කම්මුල සිපගත්තාය.අම්ම ඇද පැලද පහලට යන විට මම ඇය පසුපස ගියෙමි....මල්ලී ටීවී එක දමාගෙන කොටුන් බලමින් සිටින අයුරු දුටුවෙමි...මල්ලි නිතරම කාටුන් බලනව නේද ...මම මල්ලිගෙන් ඇසුවෙමි....මම විතරක් නෙවෙයිනෙ අක්කත් නිතරම බලන්නෙ....ඔහු එකවර කීවේය.....ඔව් ඔව් ඒ ඉස්සර අක්ක දන් එහෙම නෑ හොදේ කිව්ව මම ඔහුගේ කම්මුල හිමින් මිරිකුවෙමි.....එවිට ඔහු මගේ අතට ගැසූ පහර නිසා මට තරමක වේදනාවක් දැනෙන්ට විය...මම ඌයි කියමින් අත අල්ලගෙන පස්සට ගොස් බොරුවට අඩන්න උනෙමි......මල්ලී බයවෙලා මෙන් මාදෙස බලා සිටිනු දුටුවෙමි.......අනේ සොරි අක්කෙ මම හිතුවෙ නෑ අක්කට ඔච්චර රිදෙයි කියල.....මල්ලී බයෙන් මෙන් කියනු ඇසුනි.....

No comments: