Thursday, September 1, 2016


(ඉමල්කා 7)..................................දුවට මොකද වුනේ මේවිදියට එකපාරට වෙනස්වෙන්න.අපි කොයිතරම් මහන්සි ගත්තදද දුවගෙ නරක ගතිගුන වෙනස්කරන්න. ඒත් බැරිවුනා ඒවුනාට ඔයා අද ඔයම වෙන්ස්වෙලා.දුවට එකපාරට එහෙම හිතුනෙ ඇයි කියන එකයි මට තියෙන ගැටලුව. ඔයා අර මදුරංග ලමය මැරුන කිව්ව වෙලාවෙ ඉදන් වෙනස්වෙලා කියල මට තේරෙනව. එහෙම නේද ඇසූ අම්මා මාදෙස බලා සිටියාය....ඔව් අම්මෙ මදුරංග කියන්නෙ ගොඩක් හොද අහින්සක ලමයෙක් .එයා තමයි අපේ පන්තියේ හිටිය හොදම ලමය.....මා මම ගැනම වර්නා කරමින් පැවසූ මම....මම ඒ ලමයට ගොඩක් ඉරිසියාකලා අම්මෙ.ඒකයි මට දුක.ඒ හින්ද මම මීට පස්සෙ ඒවගෙ වැරදි වැඩ කරන්නෙ නෑ....මම පැවසුවෙමි.....කොහොමහරි දුව හොද නරක තේරුම් අරන් හොද ලමයෙක් වුනානෙ. ඒක අපිට ලොකු සැනසීමක් දුවේ කී ඇය මගේ මුහුන සිඹ කාමරයෙන් පිට වූවාය.එහෙත් මා හොද ලමයෙක් උනේ උත්පත්තියෙන් මිස මදුරංග මියගිය නිසා නොවනබව දන්නේ මා පමනි.මදුරන්ග ලෙස සිටිකල මා පුරුදුකල ඒ යහපත් ගුණධර්ම අලුතින් ලැබුනු මෙම ගැහැනු සිරුර තුල හොදින් වැඩිදියුනු කිරීමට හැකිබව මේ පැය කිහිපය තුලදී මට තේරුම් ගැනීමට හැකිවිය.
අලුතින් ලැබුනු මෙම ගැහැනු සිරුරට මා කෙතරම් ආශා කලත් මෙහි සැබෑ අයිතිකාරුය වුනේ නිමල්කා නිසා කුමන මොහොතක හෝ මෙය ඇයට බාරදී මට අයින් වීමට සිදුවේදැයි හිතට බියක් දැනුනි. එසේ උවහොත් මට යෑමට මගේ සරීරය නැත එය මියගොස් ඇත. මට වන්නේ ඇත්තටම මිය යෑමටය. දැනට මාවෙනුවෙන් මියගොස් ඇත්තේ ඉමල්කා බව දන්නේ මා පමනි.මට දිගටම ඉමල්කා ලෙස ජීවත්වීමට වාසනාව ලැබුනොත් මෙම අලුත් පරිසරය හදුනා ගතයුතු අතර අවුරුදු පහලවක පමන කාලයක් පිරිමි ලමයෙකු ලෙස ජීවත්වීමට හුරුවූ මා එයට ඉදුරාම වෙනස් ජීවිතයක් වූ මෙම ගැහැනු ජීවිතයට හුරු පුරුදු වියයුතුය.මා මදුරන්ග ලෙස ජීවත්වූ එම පිරිමි සිරුරට වඩා මෙම ගැහැනු සිරුරටත් ගැහැනු ගති වලටත් ටිකෙන් ටික ආශාව වැඩිවෙන බැවින් මට ලැබුනු මේ ගැහැනු කමට හුරුවීමට එතරම් අපහසුවක් විය නොහැක.එහෙත් මේ නොදන්නා පරිසරය සහ පුද්ගලයන් සමග සිටීම කෙසේ විය හැකිද? ඉමල්කාගේ අම්මා සහ මල්ලී එතරම් ගැටලුවක් නොවුනද තාත්තා කෙබදු පුද්ගලයෙක් දැයි නොදනිමි.ඔව්න්ගේ නෑදෑ හිතවතුන් කෙබදු අයද? ඔවුන්ගැන කිසිවක් නොදන්නා මා ඔවුන්ට මුහුන දෙන්නේ කෙසේද?මෙය මා තුල විශාල ගටලුවක් විය.
මෙම නිවස ගැන කිසිවක් නොදන්නා මා එය බලා ගැනීම සදහා කාමරයෙන් පිටවූවෙමි.ඉහල තට්ටුවේ කාමර තුනක් තිබෙන බව දුටු මා යට තට්ටුවේ කාමට දෙකක් තිබෙන බව දුටුවෙමි.යට තට්ටුවේ මැද විසාල සාලයකි......මා එලියට ගොස් නිවස දෙස බැලූ විට එය තරමක් විශාල නිවසක් ලෙස දිස්විය. මෙම නිවස වටා උස්වූ තාප්පයක් බැද තිබුනු අතර ඉදිරි පස විශාල ගේට්ටුවක් සවිකර තිබුනි.නිවස පැත්තකින් ගරාජ් දෙකක් තිබෙන බව දුටු අතර ඒවායේ දොරවල් අතරින් ඇතුලත බැලුවෙමි....එකක් හිස්ව තිබුන අතර අනික තුල නවීන පන්නයේ ජීප් රියක් තිබෙනු දක්නට ලැබුනි......ගේතුල තිබුනු වටිනා උප කරනත් මෙම ගෙහි විශාලත්වයත් සලකූ විට ඉමල්කාගේ පව්ල ඉතා දනවත් පවුලක් ලෙස තේරුම් ගැනීමට හැකිවිය.මා මදුරංග ලෙස ජීවත්වූ නිවස තනි තට්ටුවේ සාමාන්ය නිවසක් වූඅතර අපේ ගෙදර මෙතරම් වටිනා බඩු භාන්ඩ තිබුනේ නැත.
මා නැවත නිවස තුලට ගොස් වටපිට බැලුවෙමි...අම්මා සාලයේ හාන්සිපුටුවේ දිගාවී පත්තරයක් බලමින් සිට මා ආ සබ්දයට බලමින් සිටි පත්තරය අයින් කර මා දෙස බලා.....කොහේද ගියේ මම හිතුවෙ කාමරේ නිදි ඇතිකියල......ඇසුවාය.....මමටිකක් එලියට ගියා අම්මෙ කාපුගමන් නිදාගන්න හොද නෑනෙ....මම උත්තර දුන්නෙමි.....අදද ඕකත් තේරුම් ගත්තෙ මම කොයි තරම් කියල තියෙනවද කෑවගමන් නිදා ගන්න එපා කියල.කෝ ඇහුවෙ නෑනෙ දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්....අම්ම දෙස බලා සිනාසුන මා මල්ලී සොයමින් කාමරවලට එබිකම් කලෙමි....මගේ කාමරය අසලම කාමරයේ ඔහු නිදා සිටිනබව දුටුවෙමි.....මා නැවත කාමරයට ගොස් ඉමල්කගේ ඇදුම් කබඩය ඇර අදුම් තෝරන්ට වුනෙනි....මා නැවතත් ජින්ස් කලිසම් වැනි ඇදුම් ඉවත් කරමින් ගවුම් සහ සාය බ්ලවුස් පමනක් තේරීමට පටන්ගත්තෙමි....මේ අතර ඉතා මිල අදික ඇදුම්ද තිබෙන බව දුටුවෙමි.....මෙතෙක් කලක් ගැහැනු ලමයෙකුගේ ඇදුම් අල්ලාවත් නොතිබුනු මට අද හිතේ හැටියට නොයෙක් ආකාරයේ ගැහැනු ඇදුම් විශාල සංඛ්‍යාවක් අත ගෑමට ඉඩ ලැබුනි.මා මෙම සිරුරෙන් ඉවතට නොගියොත් මේ සේරම මගේ නේද.මට සියුම් සතුටක් ඇතිවිය.එහෙත් ආපසු යන්න වුවහිත් මේ සියල්ල මට අහිමි වෙනවනේද මගේ සිතට කනගාටුවක්ද ඇතිවිය.....අනේ දෙවියනේ මම කවදාවත් කාටවත් වැරැද්දක් කරල නෑ.....ඒ හින්ද මාව අරක්ශා කරල මට මේ ගැහැනු ජීවිතේ දිගටම ගෙනියන්න ඉඩදෙන්න....මා වැදගෙන දෙවියන්ට කීවෙමි....මා නැවත කැඩපත අසලට ගොස් මගේ හැඩ නැරබුවෙමි. කොච්චර බැලුවත් මේ ගැහැනු සිරුරේ හැඩ බලලා ඇතිවෙන්නෙ නෑනෙ....සිතුන මට ඉස්සරට වඩා එම බැල්මේ එක්තරා වෙනසක් තිබෙන බව තේරුම් ගත්තෙමි.....

No comments: