Monday, September 5, 2016

(ඉමල්කා 18)......................................තව ටික වෙලාවකින් මගේ තිබුනු සරීරය දැවිලා අලුවෙලා යයි.ඊට පස්සෙ ඉතුරුවෙන්නෙ මට අයිතිවුනමේ ඉමල්කගේ සුන්දර ගැහැනු ශරීරයයි.....මට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ කෙල්ලෙක් විදියට. මේ ගැහැනු ජීවිතේ ඊට වඩා සුන්දරයි......මලගෙදර මදුරන්ගගේ ගුන කතනය ඇසෙන අතරතුර මා කල්පනා කලෙමි.මදුරන්ග මියයෑම ගැන ඉමල්කාගේ අම්ම තාත්ත වැඩියෙන් දුක් වෙන බව දුටු මම ...රාජපක්ශ මහත්මා ඉමල්කවගේ ආඩම්බර අහන්කාර ගති ඇති කෙනෙක් කියල අපේ ගෙදර කතා වූ දේවල් වැරදි කියල තේරුනේ මාව ඒ ගෙදර දැරියක් බවට පත් වූ පසුය. මා ඉමල්කා ගේ ගෙදර අය සමග කිසිම සම්බන්දතාවයක් තබා ගත්තේ නැත්තේ ඉමල්කගේ තිබුනු එම නොහොබිනා ගතිගුන මේ ගෙදර සැමගේම ඇති යන වැරදි සිතුවිල්ල නිසාය.....දැන් බැලූවිට ඉමල්කා ඇරුනු විට මෙම නිවසේ සැවොම ඉතාමත්ම ගුන යහපත් අය බව වැටහී හමාරය.....කෙනෙක් ගේ ගුන දොස් බැලිය හැක්කේ පිටින් ඉදගෙන නොව ඔවුන් ඇසුරු කිරීමෙන් බව මම හොදින් තේරුම් ගත්තෙමි.....මල බෙර වල ශබ්දයෙන් මගේ තිබුනු පිරිමි ශරීරය මෙලොව අතහැර යන බව මට දැනුනි. ඒකට වඩා දැන් තියෙන ශරීරය කොයි තරම් හොදද?..මගේ සරීරය දෙස බැලූ මම කල්පනා කලෙමි.......මදුරන්ගත් අවසන් ගමන් යනව නේද දුවේ....අම්මා මට කියනු ඇසුනි.....මදුරන්ග අව්සන් ගමන් ගියෙ නෑ එයා දැන් ඔයාල ගාව සතුටින් ඉන්නව.....එයා හිටිය සරීරෙ විතරයි යන්නෙ.....හැබැයි ඔයලගෙ ඉමල්කා තමයි ඔයාලට නැතිවෙලා තියෙන්නෙ එයා තමයි අවසන්ගමන් ගිහින් තියෙන්නෙ.....එයා අවසන් ගමන් ගිය හින්ද තමයි ඔයාල අද සතුටින් ඉන්නෙ......මම මෙසේ සිතමින් අම්මාට ...ඔව් අම්මෙ...යනුවෙන් පිලිතුරු දුන්නෙමි......මගේ අම්ම තාත්ත අයිය මේ වෙලාවෙ කොයි තරම් දුක් වෙනව ඇත්ද මට එයාලට කියන්න පුලුවන්නම් ....ඔයාලගෙ පුතා මල්ලි මැරිල නෑ තාම ඉන්නව කියල...ඒත් මම එහෙම කරන්නෙ කොහොමද.....තාත්තා නැවත ගෙදර පැමිනෙන විට ඇදිරි වැටීගෙන එමින් තිබුනි.....පොඩි එකාගෙ මරනෙට හුගක් සෙනග ඇවිත් තිබුන....තාත්තා කියනු ඇසුනි.....ඒ ලමය හොද ලමයෙක් නෙ ඒවගෙම එයගෙ තාත්ත කාටවත් වරදක් නැති කෙනෙක් නෙ....අම්මා මා ගැනත් මගේ ගෙදර අය ගැනත් ගුන කියන්ට වූවාය.
අදත් මම දුවගෙ කාමරේ නිදා ගන්නම්. මලගේ හින්ද තාම දුව බයෙන්නෙ ඉන්නෙ.....රාත්රී කෑමෙන් පසු නින්දට යනවිට අම්මා කීවාය.....අදත් මට අම්මට තුරුල් වෙලා නිදාගන්න පුලුවන් ...මගේ සිතට සතුටක් ඇතිවිය......මාව කෙල්ලෙක් උනාට පස්සෙ දැනටමත් කොයි තරම් දේවල් ලැබිල තියෙනවද තව කොයිතරම් දේවල් ලැබෙයිද....කල්පනා කල මා අම්මාට හොදින්තුරුලු වුනෙමි.....
පසුදා සුපුරුදු පරිදි පාසැල් ගියෙමි.....මට අලුතින් ඇතිවූ ගැහැනු යෙහෙලියන් හොදින් ඇසුරු කිරීමට ඉඩ ලැබුනි......ඉමල්කා කල කීදේ කතා වෙනවිට මම ඒවා නොදන්නා බැවින් එම කතාවලින් ඉවත් විය....ඇයි බන් උබට මතක නැද්ද ....සමහර වෙලාවට ඔවුන් මගෙන් අසන්ට විය.....මට ඕව මතක තියාගෙන ඉන්න ඕනැ නෑබන්.....මම මෙසේ එම ගැටලුවලින් මග හැරියෙමි......මදුරන්ග මලාට පස්සෙ උඹට දැන් උඹේ අතීතයත් අමතක වෙලාද.....ඉමල්කාගේ යෙහෙලියක් වන මදුරී ඇසුවාය....අපි මොනව කලත් අපිවත් මේ විදියට මැරෙන්න පුලුවන් ඒ හින්ද මම ඒ ජරා අතීතෙ අමතක කරන්න තීරනය කලා.....මම පැවසූ විට ..ආ එහෙනම් උඹ සිල් ගන්නද හදන්නෙ....ඇය මට විහිලු කරන්ට විය.....හොදින් ජීවත් වීම ..විහිලුවට කාරනාවක් ද....මට මදුරි ගැන තරහක් ඇතිවිය......ඉමල්කාගේ හොදම යෙහෙලියන් වන මදුරී සහ තරන්ගී....ඉමල්කා මෙන් නරක ගති ඇති දෙදෙනෙක් වසයෙන් අපි සැවොම අදුනාගෙන සිටියෙමු......මම දැන් මෙයාලගෙ යහලු ඉමල්කා නෙවෙයි.....මෙයාලත් එක්ක හිටිය ඉමල්කා දැන් නෑ...මේ ඉන්නෙ මදුරන්ග....මට දැන් මෙයාල යහලුවො විදියට තියාගන්න වුවමනාවක් නෑ.....පුලුවන්නම් උඹල මම වගේ වෙනස් වෙයල්ල බැරිනම් මගෙන් ඈත්වෙයල්ල......මම ඔවුන් දෙස බලා කල්පනා කලෙමි......අනිත් ඔක්කොම ගැහැනු ලමයි ටික මීට වඩා හොදයි....මට එයාල ඉන්නව.....මම සිතුවෙමි. මට පාවිචි කිරීමට ලැබුනේ ගැහැනු ලමුන් පාවිච්චි කරන වසිකිලි විය....කවදාවත් ගිහින් නොතිබුනු ඒවාට යනවිට හිතට යම් චකිතයක් ඇතිවිය.....මා වසිකිලයට ගොස් දොර වසා ගත්තෙමි......මුත්‍රා කල මම වැසිකිලියේ මුල්ලක් දෙස බැලුවෙමි.....මොනවද මේ ......මම බිම තිබුනු දෙයක් කකුලෙන් පෙරලුවෙමි....මේ මගේ බෑක් එකේ ඔතල තිබුන ඒව වගේ නේද? මේකෙ ලේවගයක් ගෑවිලා.....දුවේ මේක බෑක් එකේ තියාගන්න හදිස්සියක් උනොත් එහෙම.....දැන් දිනත් කිට්ටු ඇති නේද......අම්මා පැවසූ එම වදන් මට සිහි විය.....කොල්ලො නොදන්නා කෙල්ලො දන්නා මේවායේ රහස කුමක් ද......මේක දැනගන්නෙ කොහොමද......මට ගැටලුවක් ඇතිවිය......

No comments: