Wednesday, September 14, 2016



(ඉමල්කා 29).......................................මා අම්මකෙනෙක් වෙන්න යනබව ආරන්චිවුනු සෙවුනි ඉතාමත් සතුටුවිය. ඇයද මේ වෙනවිට මාස හයක පමන ගැබිනියක්ව සිටින බැවින් මට ඇගේ අත්දැකීම් ලබා ගැනීමට හැකිවිය.....මා මදුරන්ග ලෙස ජීවත් උනානම් මට කවදාවත් ලැබෙන්න නැති ආදරයක් රැකවරනයක් ගෙදර සැම ගෙන්ද සමාජයෙන්ද ලැබෙන්ට විය....කෙල්ලෙක් වුනු එක කොයිතරන් වාසනාවක්ද මම නිතර කල්පනා කලෙමි....
දිනක් මාත් සෙවුනිත් අපේ පැරනි පාසැල් දිවිය ගැන කතා කරමින් සිටියෙමු.....ඔයා මට කල හතුරුකම් වල හැටියට මම හිතුවෙ නෑ අපි දෙන්න මෙච්චර ලන්වෙයි කියල මා ගැන කිසිවක් නොදත්......සෙවුනි....කීවාය.......ඇය කිහිප වරක් මා ඇයට සතුරු කම් කලා යැයි පැවසීම මගේ සිතට දුකක් ගෙන දුනි......ඇත්තටම සෙවුනිට සතුරුකම් කලේ මම නොව ඉමල්කා බව ඇය නොදනී....සෙවුනි මෙහෙම නිතර පැවසීම දුකක් වූ බවින්.....ඇයට මගේ ඇත්ත විස්තරේ පවසන් නද යන ගැටලුව ඇතිවිය.....මම ඇත්ත කිව්වොත් එයාට අව්ලක් වෙයිද? නැත්නම් එයා මගේ කතාව පිලිගනීද? මා කල්පනා කලෙමි. මදුරංග ගැන ගුන කියන ඇය ඔහුගේ මරනයත් සමග මගේ වෙනස්වීම ගැන ඇය පුදුමයෙන් කතා කරන බව මට වැට හුනි.
සෙවුනි මම උඹට ඇත්තම කියන්නද? හැබැයි මගෙ කතාව උඹ පිලිගනීද නැද්ද කියන්න මම දන්නෙ නෑ.....ඒත් මේවගෙ දේවල් වෙන්න පුලුවන් කියල මගේ අත්දැකීමෙන් මම දන්නව.....පැවසූ මම......උඹට මම නෙවෙයි බන් සතුරුකම් කලේ . එහෙම කලේ ඉමල්කා.....මොකක්....පුදුමෙන් ඇසූ සෙවුනි.....උබනෙ බන් ඉමල්ක මොකද උඹ මැරිල උපන්නෙ නෑනෙ.....ඇය කීවාය......මම මැරිල බන් උපන්නෙ......මම කීවෙමි.....මොනව මට උඹ කියන ඒව තේරෙන්නෙ නෑ....ඇය කීවාය.....උඹ විතරක් නෙවෙයි මෙහෙම උනේ කොහොමද කියල මටවත් හිතාගන්න බෑ....මම පැවසුවෙමි......ඉතින් උඹට මොකද උනේ කියහන්කො.....ඇය ඇසුවාය.....එදා මැරුන මදුරන්ග මමයි බන්.........අනේ බොරු නොකිය හිටහන් උඹ මට විහිලු කරනව......සෙවුනි කීවාය.....මේක බොරුවක් වත් විහිලුවක්වත් නෙවෙයි බන්.....හරි හරි උඹේ කතාව කියහන්කො..ඇය මාදෙස හොදින් බලා කිවාය.....එදා මාව මලානෙ ....මම ඇහෙරෙන කොට මම හිටියෙ ඉමල්කගෙ මේ ගැහැනු ශරීරෙ.....මම පුදුම වෙලා ඉන්නකොට ඉමල්කගේ අම්ම තමා කියෙව්වෙ මදුරංග මැරිල කියල ආරන්චියි කියල.......මට සෑහෙන්න බය හිතුන.....මට හිතාගන්න බැරිවුනා මට මේ මොකද වුනේ කියල.....මම ඇයට මගේ විස්තර පවසන විට.....උඹ ඔය ඇත්තමද කියන්නෙ.....මගේ කතාව විස්වාස නොකල සෙවුනි ඇසුවාය.......ඇත්තම තමා බන් උබලටත් තේරෙන්න ඇතිනෙ මදුරංග මලාට පස්සෙ ඉමල්කගෙ වෙනස්වීම........ඒකනම් ඇත්ත ඊට පස්සෙ තමා ඉමල්ක ගොඩක් වෙනස්වුනේ.........මම ඒ ඉමල්ක නෙවෙයි බන් ..ඒකිට මොනව උනද කියල මම දන්නෙ නෑ.....මට හිතෙන්නෙ මම වෙනුවට ඒකිතමා මැරෙන්න ඇත්තෙ .මට ඒකිගෙ සිරුර දීල ඒකි වෙන ලෝකෙකට යන්න ඇති.....මම කීවෙමි.....උඹ ඔය කියන දේ ඇත්තනම් ඒකි යන්න ඕනැ අපායෙ......සෙවුනි කියනු ඇසුනි......අනේ මන්ද සෙවුනි...පැවසූ මම....එදා ඉදන් මට මේ ජීවිතේට හුරුවෙන්න උනා.....පිරිමි ලමයෙක් විදියට හිටිය මට ගැහැනු ජීවිතේට හුරුවෙන්න උනා.ඉතින් උබව එකපාරට කෙල්ලෙක් වුනාම උබට එපාවෙන්න ඇතිනෙ.....අපරාදෙ කොල්ලෙක් විදියට හිටිය මාව කෙල්ලෙක් උනේ ඇයි කියල දුක හිතුනෙ නැද්ද.....සෙවුනි ඇසුවාය......එහෙම දුකක් නම් ඇතිවුනේ නෑ.....ඉමල්කගෙ ලස්සන දැකල මෙහෙම ඉන්න ඇත්නම් කියල හිතුන......මම කීවෙමි.......ඉතින් ඔයාගෙ පිරිමිකම නැතිවුනා කියල දුකක් ඇතිවුනේ නැද්ද.....සෙවුනි ඇසුවාය.....පොඩ්ඩක්වත් එහෙම හිතුනෙ නෑ ..මට හිතුනෙ කොල්ලෙක් වෙලා ඉන්නවට වඩා කෙල්ලෙක් වෙලා ඉන්නකොට ඇගට සැහැල්ලුයි කියල.....මම කීවෙමි......ඇත්තටම කෙල්ලෙක් වෙලා ඉන්නකොට කොල්ලෙක් වෙලා ඉන්නවට වඩා ඇගට සැහැල්ලුද බන්......ඇය එසේ ඇසූවිට.....උඹ ඉතින් කවදාවත් කොල්ලෙක් වෙලා ඉදල නෑනෙ.....ඒ ජීවිත දෙක සන්සන්දනය කරන්න......මම කීවෙමි.......උබ කියන එක ඇත්ත කියල මටත් තේරෙනව....උන්ගෙ ඒ දැඩි සුරුරට වඩා අපේ මේ සිනිදු ශරීරෙ සැහැල්ලු ඇති නේද.......ඇය ඇසූවිට...ඔව් බන් ......මගේ පිලිතුර
 විය.

No comments: