Wednesday, September 28, 2016

(බොක්සින් සමාදි 12)...................................සමාදී මොකක්ද කලේ..... මාදෙසබැලූ තාත්තා මට සැරෙන් කතා කලේය......මා බියපත්ව ඔහු දෙස බැලුවෙමි......මා සමාදි යයි වරදවා වටහාගෙන බනින බව තේරුනි....මම කිව්වෙ අම්මගෙන් අහල කොන්ඩෙ කපන්න කියල නේද?.....ඇයි මේවගේ හිතුවක්කාර වැඩ කරන්නෙ......තාත්තා මට සැර කරන්ට විය..තව පොඩ්ඩකින් තාත්තා මට ගහන බව තේරුම් ගත් මා..මම මොකටද සම්මාදිගෙ වැඩ හින්ද තාත්තගෙන් ගුටි කන්නෙ.....මම නෙවෙයි සමාදි....පැවසීමට සිතා සමාදි දෙසත් තාත්තා දෙසත් බැලුවෙමි.....සමාදි ඇගේ දබර ඇගිල්ල තොල් අතර තබා මොකුත් නොකියන ලෙස සංඥා කලාය....ඉන් අනතුරුව ඇගේ බොක්සින් වලට හුරුවූ දකුනු අත මිට මොලවා වම් අතින් එය පිරිමදින බව පෙනුනි. ඇත්ත කිව්වොත් මට ඇගෙන් මුහුන හරහා බොක්සින් පහරක් වදින බව එම සලකුනෙන් තේරුම් ගත්තෙමි.......දැන් ඇත්ත කියලත් බෑ ...මම නිස්සබ්දව තාත්තාගේ බැනුම් අසාගෙන සිටියෙමි.....බලනව තමුසෙ කරන වැඩ හින්ද අම්ම කොච්චර දුක් වෙනවද කියල.....ඔයා ගැහැනු ලමයෙක් ගහැනු ලම්යි හැදෙන්න ඕනැ අම්ම කියන විදියට....අම්මට හිතුවක් කාර වෙන්න එපා.....තාත්තා මට මෙසේ බනින විට සමාදි හිමින්සීරුවේ අපි අසලින් ලෙස්සාගිය බව දුටුවෙමි......මා කර කියාගන්න දෙයක් නැතුව සමාදි වෙනුවෙන් බැනුම් ඇසුවෙමි.....මීට පස්සෙ එහෙම ඕවගෙ හිතුවක්කාර වැඩ කරන්නෙ නෑ හොදද.....එහෙම කරල අහුවුනොත් මේ තාත්තගෙ හැටි දන්නවනෙ......පැවසූ ඔහු.....දැන් කරන්න දෙයක් නෑ නෝන. මෙයාගෙ කොන්ඩෙ ඉක්මනට වැවෙයි.දැන් කාලෙ ගැහැනු ලමයි ඕනැතරම් කොන්ඩෙ කොටට කපාගෙන ඉන්න හින්ද. ඕක ගැටලුවක් වෙන එකක් නෑ.....තාත්තා අම්මා සනසමින් කතා කලේය.
අපෝ ඔයින් ගියා ඇති සමාදි හින්ද තව පොඩ්ඩෙන් මටයි තාත්තගෙන් ගුටිකන්නවෙන්නෙ. එසේ නොවීම ගැන මා දෙවියන්ට පින්දෙමින් සමාදි සොයාගෙන ගියෙමි. බලනව තමුසෙ හින්ද මම බැනුම් ඇහුව හැටි....මා ඇයට දොස් කියනවිය....ඇය හිකි... හිකි....ගාමින් හයියෙන් සිනාසෙන්ට විය....ඇගේ එම සිනාවට තවත් කේන්තිගිය මා.....තමුසෙටනම් හිනා මගෙ බඩ පපුව රත්වෙලා හිටියෙ තාත්තගෙන් ගුටි කන්න වෙයි කියල.....මේ පුහුල් දෝසි ටික කාල ඔය රත්වෙලා තියෙන බඩ පපුව නිවාගන්නවකො....ඇය අතේ තිබුනු පුහුල් දෝසි ටිකක් මට දික්කලාය....මට ඕනෙ නෑ තමුසෙගෙ ඔය කෙහෙල්මල....මට පාඩුවෙ ඉන්න දෙනව....මම නැවත ඇයට සැර කලෙමි.....එහෙත් ඇය කිසි ගනනක් නැතුව සිනාසෙමින් තාත්තා දුන් පුහුල් දෝසි ටික හපමින් සිටියාය.
පසුදා ඉරු දින බැවින් අපේ දහම් පාසෙල් දිනය විය....මා සරම සහ කමිසය අදිනවිට.. මා අසලට පැමිනි ඇය මේ මටත් ආසයි බන් ඔය විදියට කොල්ලෙක් වගේ යන්න....ඕවගෙ අදිනකොට මාර ස්මාට් බන්...මට මේ ලමා සාරිය පේන බෑ....මට දීපන්කො බන් ඔය සරමයි කමිසෙයි ඇදන් යන්න.....මේ පිස්සු කෙලින්නෙ නැතුව හිටහන්. උඹ මේව ඇදන් යනකොට මම අදින්නෙ මොකක්ද......ඇයි බන් ම්ගෙ ලමා සාරිය තියෙන්නෙ.....මේ උඹට පිස්සු හැදීගෙන එනවද?.....මට පුලුවන්ද කෙල්ලො වගේ ඇදන් යන්න....අපි දෙන්න එක වගේ හින්ද හොයන්න බෑ උඹට තියෙන්නෙ මම වගේ ඉන්න.....මට බෑ කෙල්ලො වෙන්න.....යනව යන්න මෙතැනින්.....ඊයේ ඇය මාව අහුකල උගුල සිහිවුනු මම මෙයා හදන්නෙ මාව තවත් උගුලකට අහු කරන්න.....මම ආයෙත් ඕවට අහුවෙන්නෙ නෑ. ...මා සිතා ගත්තෙමි. සමාදි අකමැත්තෙන් උවද ලමාසාරිය ඇදගත් බව පෙනුනි.
අපි දහම් පාසැල් ගොස් පැමිනි විගස සමාදි මගේ ඇදුම් ඇද ගත්තාය.... සමාදිත් දැන් කොල්ලෙක් වගේමයි හැදෙන්නෙ. කන්පෙති කසනව කියල ඒවත් ගලවල දැම්ම ඔහොම ගියොත් කන්සිදුරු දෙකත් වැහෙනව. මම දන්නෙ නෑ මේ සමාදිට නම් මොනව වෙලාද කියල.....අම්මා අද ඇත්ත සමාදිට බනිනු ඇසුණි. අදනම් සමාදි කවුද කියල අහුවුනා නේද....මම ඇයට විහුලු කලෙමි.....බලපන් බන් මේ කන්වල තියෙන සිදුරු හිදනෙ අදුන ගන්නෙ....මේව කොහොම හරි නොපෙනෙන්න වහගන්න ඕනෙ බන්.....ඒත් අහුවෙනවනෙ...ඒ කොහොමද ...ඇය ඇසුවාය.....මගෙ කන්විදල නෑනෙ.....මම කීවෙමි....ඔව්නෙ ඒකටත් මොකක් හරි කරන්න ඕනෙ...ඇය කල්පනා කරන්ට වූවාය.....ටික වේලාවකට පසු....මේ....මම කියන්නද වැඩක්.....සමාදි පැවසුවාය.....ඒ මොකක්ද....මම ඇසුවෙමි....

No comments: