Tuesday, September 13, 2016

(ඉමල්කා 25)..........................................මෙගේ දෙමාපියන් මගෙන් කපිල අයියා සම්බන්ධව තීරණයක් ගැනීමට උතසාහ කලත් මගේ කැමත්ත නොදීම .ඔවුන් ගේ පුදුමයට හේතුවක් විය.....ඇයි දුව අපි දෙගොල්ල මෙච්චර කැමති වෙලා තියෙද්දි ඔයා මෙකට අක මැති වෙන්නෙ. ඔයාගෙ වෙන මොකක් හරි සම්භන්දයක් තියෙනවද? එහෙම එකක් තියෙනවනම් කියන්න . අපි හොයල බලල තීරනයක් ගන්නම්...මගේ මෙම හැසිරීම නිසා.අම්මා අසන්ට වූවාය.....එහෙම එකක් නෑ අම්මෙ....මට හිතෙන්නෙ කපිල කියන්නෙ මගේම අයිය කෙනෙක් කියල...ඒකයි මට තියෙන ගැටලුව....මම කීවෙමි.....ඇත්තටම ඔයාල සහෝදරයො නෙවෙයි කියල ඔයා හොදටම දන්නවනෙ.....ඉතින් ඇයි ඕවගෙ බහුබූත අදහසක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ....ඔය අදහස අතහැරල දාල මේ කට කැමති වෙන්න දුවේ.....ඒ ලමයගෙ ගතිගුන හොදට දන්න එකේ බයවෙන්න දේකුත් නෑනෙ.....අම්මා පැවසුවාය.
දුව ඔයාව දකින වාරයක් ගානෙ මගෙ නැතිවුනු මදුරංග පුතා මතක් වෙනව. එයත් ඔයාගෙ වයස එයත් හිටියනම් මෙලහට ඔයා වගේ ඩොක්ට කෙනෙක්. අනේ දුවේ මට ඔයාව අපේ ගෙදරට ගන්න පුලුවන්වුනොත් මදුරංග පුතා නැතිවුනු ඒ දුක අඩුවෙයි........මදුරන්ග කල සිටි මගේම අම්මා පවසන විට ඇය කෙරෙහි මගේ සිත තුල තිබුනු දුක වැඩිවන්ට විය......මට පුලුවන් උනොත් ආයෙත් එයාලගෙ දැරියක් වෙන්න....ඒක එයාලට කොයිතරම් සතුටක් වෙයිද.......ඒත් මට එහෙම කරන්න පුලුවන් ද?
ඉමල්කා.... උඹ තමත් තීරනයක් ගත්තෙ නැද්ද බන්....සෙවුනි ඇසුවාය.....අනේ මන්ද තාම මට මේගැන හිතාගන්න බෑ.....බලපන් උඹ ඩොක්ට කෙනෙක් හම්බවෙන්න යන්නත් කැමති නෑ......උඹට තියෙන ඇත්තම ගැටලුව මොකක් ද කියහන්.....සෙවුනි මගෙන් දිගටම අසන්ට වූවාය.....මම උඹට කිව්වෙ බන් ....කපිල අයිය මට සහෝදරයෙක් වගේ...ඉතින් මට එයා ගැන මොකුත් හිතෙන්නෙ නෑ........ඉතින් කොහොමද මම එයත් එක්ක එක ඇදේ නිදාගන්නෙ....මම කීවෙමි. අයියෝ කෙල්ලෙ උඹට තියෙන ගැටලුව ඕකද.....ඇසූ සෙවුනී....සිනාසෙන්ට වූවාය....ඇයි උඹ හිනවෙන්නෙ...මම ඇසුවෙමි......කපිල උඹට කැමතියිනෙ?...ඇය ඇසුවාය.....ඔව් එයානම් ගොඩක් කැමතියි මගේ වචනෙ නැතුව ඉන්නෙ.......මම කීවෙමි. එහෙනම් ගැටලුවක් නෑනෙ.....අනේ....ඇය සිනාසෙමින් පැවසුවාය.....මොකක්ද සෙවුනි උඹ මේ කියන්න හදන්නෙ....ඇගේ සිනහව මට ගැටලුවක් වූබැවින් ඇසුවෙමි.....කොල්ලයි කෙල්ලෙයි ඇදේ ඉන්න වෙලාවට . කොල්ලටයි හොදට පීලින්ග්ස් ඕනැ....එහෙම නැතිවුනොත් කොල්ලන්ට මොකුත් කරගන්න හම්බවෙන්නෙ නෑ....ඉතින් බන් උඹ හින්ද කපිලට පීලින්ස් එනවනම් එච්චරයිනෙ ඕනෙ....සෙවුනි පැවසූවිට.....ඉතින් සෙවුනි මට ඒවගෙ හැගීමක් නැතුව පුලුවන්ද..මම ඇසුවෙමි.....උඹට ඔය මොකුත් හැගීම් ඕනෙ නෑ..බන්...උබට තියෙන්නෙ ඔය වෙලාවට කපිල කියන විදියට ඉන්න.....උඹ ඕනෙ නම් හොදට ඇස්දෙක පියාගෙන හොද හැන්ඩ්සම් කොල්ලෙක් ගැන හිතාගෙන හිටහන්.....එතකොට උබටත් ටිකක් වෙලා යන කොට මොනව හරි හිතෙයි.....ඇය සිනාසෙමින් කීවාය....
එදින සෙවුනි කී එම අදහස ගැන මා වැඩිදුරටත් කල්පනා කරන්ට වුනෙමි.......එක අතකට සෙවුනි කිව්ව එකත් හරි....කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලන්ට ලිංගික හැගීමක් ආවත් නැතත් ලිංගික කාරයයේ යෙදෙන්න පුලුවන්. ඒ හින්ද ඒකටනම් ගැටලුවක් වෙන එකක් නෑ.....කපිල අයිය අත හැරලත් බෑ.....ඕනැ එකක් කියල ගෙදරට කැමත්ත දෙනව....මම හිතාගත් මම සෙවුනිට කතාකලෙමි....මම කපිල අයියට කැමත්ත දෙන්න හිතාගත්ත සෙවුනි.....මම ඇයට පැවසූවිත ඇය ඉතාමත් සතුටට පත්වූ බව දුටුවෙමි.....මම කිව්ව එක ගැන කල්පනා කරල නේද උඹ මේ තීරනේ ගත්තෙ.....ඇසූ ඇය....ඕකනෙ බන් කියන්නෙ කෙල්ලො අපි කොයිතරම් වාසනා වන්තද කියල.....පැවසුවාය....

No comments: