Friday, September 2, 2016


(ඉමල්කා 9).............................මම ඔහුට කිසිවක් නොකියා අඩනවිට මා අසලට පැමිනි මල්ලී .අක්කට රිදුනද මම හිමින්නෙ ගැහුවෙ ...මල්ලී මගෙ අත අතගාන්ට විය.....හරි හරි දැන් හොදයි මල්ලි ඔයා කාටුන් බලන්නකො....පෙවසූ මම අම්ම තාත්ත පිටත් වෙනකම් සිට දොස වසා මල්ලි අසලින් වාඩිවුනෙමි....... මදුරන්ග පව් නේද මල්ලි..... මට මල්ලි සමග කතා කිරීමට අවසය බැවින් එසේ කීවෙමි...මදුරන්ග ඔයාගෙ පන්තියෙ නේද අක්කෙ ඇයි ඉතින් අක්ක ගියෙ නැත්තෙ....මල්ලී විමසන්ට විය. ඔව් මල්ලි එයා හරි අහින්සක හොද කොල්ලෙක් හැමදාම අපේ පන්තියෙ පලවෙනිය වෙන්නෙත් එයා තමයි. එයා මැරුන කියල දැනගත්තම මට හරියට දුක හිතුන මට මගෙ මුලු අතීතයම අමතක වුනා....මම කීවෙමි....එතකොට අක්කට අපිවත් අමතක උනාද....මල්ලී ඇසුවේය. අනේ නෑ මල්ලියෙ අමතක උනේ මගෙ නරක ගතිගුන විතරයි.අපිත් කවද හරි මැරෙනවනෙ මල්ලියෙ අපි නරක විදියට ජීවත්වෙන්න හොද නෑ.....මම පැවසුවෙමි. එතකොට මට බැනපුව මට ගහපුව...ඒවත් අමතකද....මාදෙස බලාසිටි මල්ලී විමසීය. මට මතක නෑ මල්ලි ඔයාගෙ අක්ක කරපු නරක දේවල් කියන්නකො බලන්න....ඉමල්කාගේ නරක ගති දැන ගැනීම සදහා මා මල්ලිගෙන් එසේ ඇසුවෙමි. අයි අක්ක වැරදි කරල මමයි කලේ කියල අම්මට කියල මට බන්නවන්නෙ ගස්සවන්නෙ...පොඩ්ඩ බැරිවෙනකොට අක්කත් මට ගහන්නෙ බනින්නෙ.මෙගෙ දේවල් බලෙන් අරගෙන මට නොදී ඉන්නෙ......ඇයි ඔයාට දවසක් අම්ම මොකක්ද කියන්න ගිහින් අම්මට පයින් ගැහුවෙ.....අම්මට පයිනුත් ගැහුවද ..මම පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....හැබැයි එදානම් අක්ක තාත්තගෙන් හොදට ගුටි කෑව.....මල්ලී සිනාසෙමින් පැවසුවේය......ඊට පස්සෙ අම්මට ගැහුවෙ නැද්ද මම ඇසුවෙමි....මොකද නැත්තෙ ...අම්මටෛ මටයි දෙන්නටම ගහනව..... මල්ලී කීවේය. ඉතින් තාත්ත මේව දන්නෙ නැද්ද. අම්මට අක්ක ගහන ඒව තාත්තට කියන්නෙ නෑනෙ. මටත් බනිනවනෙ කියන්න එපා කියල.....කිව්වොත් තාත්ත අක්කව මරයි කියල අම්ම කියන හින්ද මාත් ඉතින් මොකුත් කියන්නෙ නෑ.....ඇත්තටම දැන් අක්කට මේ මොකුත් මතක නැද්ද......මල්ලී පුදුමයෙන් මෙන් බැලීය.....අනේ නෑ මල්ලි...පැවසූ මම ඔහුගේ මුහුන මගේ පපුව මත තබගෙන ඔහුගේ හිස අතගාමින් .......අනේ නෑ මල්ලියේ ඔයාගෙ මේ අක්ක මීට පස්සෙ ඒවගෙ වැඩකරන්නෙ නෑ..මම හැඩුම් බරව කීවෙමි.....
ඉමල්කා යනු කෙතරම් කුරිරු දරුනු හිතුවක්කාර ගති ඇති චරිතයක් දැයි මල්ලිගේ මෙම කතවලින් පැහැදිලිවිය. ඇය නිසා මේ අහින්සක මල්ලි අම්ම තාත්ත කෙතරම් පීඩනයකින් ඉන්න ඇද්ද? ඇය දැන් මේ සිරුර තුල නැත. ඇය වෙනුවට මෙහි සිටින්නේ අහින්සක ගතිගුන ඇති මදුරංග බව මේ කිසිවෙක් නොදනී.මට ඒ බව පැවසීමටද නොහැකිවී ඇත. ඇගේ මේ ගතකල පව්කාර ජීවිතය නිසා.දෛවය ඇයව මෙම සුන්දර සිරුරෙන් සහ නිවසින් ඉවත් කර ඇත යනු මගේ හැගීමයි.
එහෙත් එම දෛවයම මට කර ඇත්තේ කුමක්ද? කොල්ලෙක් ලෙස ජීවත්වූ මාව මෙලෙස කෙල්ලෙක් කලේ ඇයි? මට කිසි දිනක කෙල්ලෙක් වීමට ආශාවක් තිබුනු බවක් මතක නැත.එහෙත් මාව කෙල්ලෙක් කර එම පිරිමි සිරුර මරා දමා ඇත. ඒ නිසා මට කවදාවත් එම පිරිමි සිරුරට පිවිසීමට තිබුන මාර්ගයද අහුරා දමා ඇත. මා අසා ඇති පරිදි කෙල්ලෙන් වී උපදින්නේ පවුකල අය බවයි.එහෙත් එය එසේ විය හැකිද? ගැහැනු කියන්නේ පවුකල අයනම් ඇයි මාව කෙල්ලෙක් උනාට පස්සෙ ඇයි මම මේ ගැහැනු ජීවිතයට මේතරම් ප්‍රියකරන්නෙ.මටනම් දැන් හිතෙන්නෙ මට මේ ගැහැනු ජීවිතේ ලැබුනෙ මම කල පින්වල ප්‍රතිපලයක් හැටියටය.
අම්මලා ආපසු පැමිනෙන තුරු අපි ටීවී බලමින් සිටියෙමු.මා දොර ඇර අම්මලා ගෙට පැමිනි පසු....මල්ලි ටීවී බැලුව ඔය ඇතිනෙ ගිහින් ස්කෝලෙ වැඩ කරමු. කියමින් මා කාමරය දෙසට ගියෙමි. මා අම්මා පිටුපසින් ගමන් කලත් මල ගෙදර ගැන කිසිවක් ඇසුවේ නැත. එයට හේතුව මගේ සිරුර මිය යෑම ගැන ඇතිවී තිබුනු බියත් මගේ අම්මා තාත්තා අයියාගෙන් වෙන්වීම ගැන ඇතිවී තිබුනු කනගාටුවත් නිසාය......තාම මිනීය ගෙනැල්ල නෑ දුවේ ඉස්පිරිතාලෙන් කපල බලලලු දෙන්නෙ.....සමහරවිට ගේනකොට හෙටවිතර වෙයි.....මා කිසිවක් නෑසුවත් අම්මා විස්තර කීවාය....ඇත්තද ඇසුව මම ...මගේ කාමරය තුලට ගියෙමි....රත්රී ආහාරයෙන් පසු අපි නින්දට යනවිට රෑ නවය පමන විය.....නින්දට පෙර මගේ පරන පුරුද්දට මම්මට තාත්තට වැන්දෙමි....මල්ලී මාපියන්ට වදින බවක් නොපෙනුන බැවින් මා මල්ලිට කතා කලෙමි. එයත් ඔයා වගේ තමා අපිට කවදවත් වැදල නෑනෙ...අම්මා කියමු ඇසුනි....මල්ලී මාදෙසට පැමිනෙනු දුටු මම ...මල්ලි අම්මටයි තාත්තටයි වදින්න..මම කීයන විට ඔහු මා දෙස බලා..... අයි අද විසේසයක් අක්ක කවදාවත් වැදල නෑනෙ......අක්ක වැන්ද....මා ඔහුට පිලිතුරු දීමට පෙර අම්මා පැවසුවය.මල්ලී වදින බව දුටු මම එතැනින් පිටත් වනවිට මා අසලට පැමිනි මල්ලී මටද දන ගසා වදින්ට විය.මින් පෙර කිසිවෙකුත් මට වැද නොතිබුනු බැවින් මෙම සිදුවීම මට සන්වේදී බවක් දැනෙන්ට විය.මගේ ඇස් කදුලින් තෙත්වෙන බව දැනුනු අතර මල්ලීව මගේ තුරුලට ගෙන සුලුවෙලාවක් හිස අතගෑ මම අත්වලින් මගේ කදුලු පිස දමමින් කාමරයට ගියෙමි.......

No comments: