Sunday, September 25, 2016


(බොක්සින් සමාදි 3)........................සමාදි මටහොරෙන් මගෙ ඇදුම් ඇදගෙන කොල්ලෙක් වගේ සිටියාය. ඇය කොන්ඩෙ කපල තොප්පියක් දමාගෙන හිටිය හින්ද මම ඇහේ තොප්ප්ය අයින් කර බැලුවෙමි. මම හිතාගෙන හිටිය හැටි වැරදි බව තේරුනේ එවිටයි. ඇය තොප්පිය දාගෙන හිටියෙ කෙස්ටික වැහිල කොල්ලෙක් වගේ පේන්න....මම හිතුවෙ කොන්ඩෙ කොටට කපාගෙන කියල....මට කියවුනි. අපෝ ඒක දැම්ම කරන්න බෑ එහෙම්ම ක්ලොත් අම්මගෙන්නම් ගුටුකන්න පුලුවන් ඒත් තාත්තගෙ හැටි දන්නවනෙ ඒයාගෙ අතින් එකපාරක් කෑවොත් කී දවසක් ඇදේ ඉන්න වෙයිද දන්නෙ නෑ.....තාත්තාට ඇති බයනිසා ඇය කොන්ඩය නොකපා ඇතිබව මට තේරුනි.....මේ මම මෙහෙම ඇදන් ඉන්න කොට අපි දෙන්නව අදුන ගන්න බෑ නේද....ඇය ඇසූවිට ඇය පවසන දේ ඇත්ත කියල මටද තේරුනි.ඇයට තිබුනේ මගේම රූපය බව තේරුම් ගත් මා ....මම හිතන්නෙ කාටවත් අදුනගන්න බැරිවෙයි...මම මෙසේ පැවසූ විට ඇය සතුටින් සිසුනාය....මම බැලුවෙ ජනිත් පුතා කියල. බලන කොට මේ සමයමනෙ....අම්මා ගෙටගොඩවන විටම ....සමදි දෙස බලා පැවසුවාය....කාට බැරි උනත් අම්මනම් අදුනගෙනවගේ..මට සිතුනි...සමාදිගේ මුහුන ඇබුල් කරගත්ත බව මට පෙනුනි...මොකක්ද ඔය කරන හදන විකාරෙ ගලවනව ඕව...ගලවල ඔයාගෙ ඇදුම් ඇදගන්නව....කොන්ඩෙත් කැපුවද...ඇසූ ඇය මා කලාක්මෙන් ඇගේ තොප්පිය ගලවා බැලුවාය....ඇති යන්තම් ඒ මෝඩ වැඩේනම් කරගෙන නෑ. ඇය සනසුම් සුසුමක් හෙලුවාය. එදා සිට ඇය විටින් විට මගේ ඇදුම් ඇදීමට පුරුදු වූවාය. අම්මා කෙතෙක් දොස් කීවත් ඇයට පිරිමි ඇදුම් මිස ගැහැනු ඇදුම් හරිගියේ නැත. දැන් මටද සිදු වී ඇත්තේ මගේ ඇදුම් ඇයත් සමග හවුලේ ඇදගැනීමටය...ගැහැනු ලමයෙක් උනාම ගැහැනු ලමයෙක් වගේ ඉන්න ඕනැ . සමාදි කවදාවත් නිකමට වත් කුස්සිය පැත්තට ඇවිත් මට කිසි උදව්වක් කරන්නෙ නෑනෙ....ජනිත් තමා මට පොල්ටිකක් හරි ගාලදීල වුදවුවක් කරන්නෙ.....අම්මා කියනවිට.....මට කුස්සිය දකිනකොටත් විකාරයක් අම්මෙ.....ඇය කීවාය.....දැන්නම් මම ඉදියි...කවද හරි උබටම තේරෙයි....අම්මා තරහෙන් කීවාය.
දවසක් සමාදිඅඹගෙඩි කීපයක් කඩාගෙන ගෙට ඇවිත් ඒ ටික ඉක්මනින් බිමට අත හැර......අඹ ගහට නගිද්දි මොකක් හරි ඇනිල තුවාල වෙලා අම්මෙ මේ බලන්න ලේ එනව..මගේ කලිසම් කොටයක් ඇද සිටි ඇය.. බයෙන් මෙන් ඇගෙ කලව පෙදෙස අම්මට පෙන්නුවාය....ඉක්මනට එනව බලන්න.....අම්මා අයව ඇදගෙන ඉක්මනට ගේ ඇතුලට යන ගමන්....උඹ මොනවද මෙතැන බලා ඉන්නෙ යනව යනව ස්තෝප්පුවට....මම ඇය දෙස බලනවාට විරුද්දව බනින්ට විය.....බිය වූ පාර මම නැවතුනේ ස්තෝප්පුවෙ නුත් එලියේ මිදුලේය.....සමාදිට ලොකු තුවාලයක් වෙලා ඇති .. ඒක දැකල මම බයවෙයි කියල බනින්න ඇති....අනේ පව් සමාදි....මම කල්පනා කලෙමි......පුතේ ජනිත් .....ඉක්මනට එහාගෙදර රීටා ඇන්ටිට එන්න කියන්නකො.....ලොකු හදිස්සියක් කියල දැම්ම එන්න කියන්න.....අම්මා මට කාමරයේ දොර බාගෙට ඇර පවසන විට .....නන්ගිට සෑහෙන්න අමාරු ඇති....මගේ පපුව වේගයෙන් ගැහෙන්ට විය.....මම ඉක්මනින් රීටා ඇන්ටිට මේ පනිවිඩය දුන්නෙමි.....මොකද පුතේ.....දන්නෙ නෑ ඇන්ටි.....සමාදි ගහක් උඩ නැගල තුවාල වෙලා...මම පිලිතුරුදුන් විට ඇය ඉක්මනින් අපේ නිවස දෙසට දුවන්ට වූවාය.....නන්ගි සිටි කාමරය තුලට ගිය ඇය අම්මා සමග කතාකරමින් සිට...එලියට ඇවිත් මාදෙස බලා සිනාසුනාය......සමාදිට එතරම් අම්මාරුවක් නැතිබව ඇගේ සිනාවෙන් තේරුනත්...සමාදිට අමාරුද ඇන්ටි මම ඇසුවෙමි......ජම්බු ගස්වලින් වැටුනම කෙල්ලන්ට ටිකක් අමාරු තමා බයවෙන්න එපා පුතේ... හෙට අනිද්ද අපිට කිරිබත් කැවුම් කන්න පුලුවන්.....කියමින් ඇය ඇගේ නිවස දෙසට දිවගියාය.....අපේ වත්තෙ ජම්බුගස් නැහැනෙ....අනිත් එක මෙච්චර දෙයක් වෙලත් ඉස්පිරිතලෙ එක්ක යන්නෙ නැතුව කිරිබත් කැවුම් කමුලු......රීටා ඇන්ටිටත් පිස්සුද කොහේද....මම කල්පනාකලෙමි.....ටික වෙලා වකින් ඇගේ දුව වන සෙනුරි සමග නැවත අපේ නිවසට ආවාය......ඇය නිවසට පැමිනි පසු අම්මා තාත්තා සමග මොනවද කතාකරනු ඇසුනි.....කොහේද යන්න ලෑස්තිවෙන අම්මා .....සෙනුරි අක්ක සමග කොහාටද යන්න පිටත්වෙන ගමන්.....පුතා අපි එනකන් කොහේවත් යන්නෙ නැතුව ඉන්න...රීට ඇන්ටි සමාදි ගාව ඉන්නව....කීවාය........සමාදිව ඉස්පිරිතාලෙ එක්ක යන්න වාහනයක් ගේන්නද දන්නෙ නෑ යන්නෙ....ඕක ඔච්චර දෙයක්යෑ තාත්තට කිව්වනම් ආමි වාහනයක් එවනවනෙ......මට සිතුනි.....

No comments: