(ඉමල්කා 4).....................උදෑ සන තාත්තා ගෙනා ඉදිආප්ප කෑ මම නැවත ඉමල්කාගෙ කාමරයට ගියෙමි......ඇයගේ කාමරයේ තිබෙන උපකරන සෝදිසි කලෙමි. ඇගේ පොත්පත් බැලුවෙමි .අනතුරුව ඇය පාවිච්චිකරන ඇදුම් එකින් එක පරීක්ෂා කලෙමි.....පාසැල් නිල ඇදුම් ඇරුනුකොට ඇයට එතරම් ගවුම් තිබෙන බව නොදුටුවෙමි....මෙයා නිතරම ඇදගෙන ඉදල තියෙන්නෙ කලිසම් වගේ ඇගේ ඩෙනිම් කලිසම් දකිනවිට මට හිතුනි....ගැහැනු ලමුන් කලිසම් අදිනවට කවදත් විරුද්ධ වූ මම ඒවා ඇදීමට අකමැතිවුනෙමි......යන්තම් ගවුමක් අහුවුනා.......එය දිගහැර බැලූ මට තරමක සතුටක් ඇතිවිය. බ්රෙසියර් පැන්ටි යට ඇදුම් ඕනැතරම් තිබුනත් . ගවුම් සාය බ්ලවුස් වගේ ගැහැනු ලමුන්ට උචිත ඇදුම් සොයාගනීමට අපහසු වීම ගැන කනගාටුවක් ඇතිවිය.....ඉමල්කගෙ තාත්තට සල්ලි තියෙන හින්ද හොද ගවුන් ටිකක් ගන්න පුලුවන් වෙයි.....මම කල්පනා කලෙමි.හමුවූ ගවුන් දෙක සහ සායවල් දෙකතුන අදින්න තෝරාගත් ඉතුරු ඇදුම් ටික වෙන්කර ගත්තෙමි......සුලු වෙලාවකින් අම්මා කාමරයට එනු දුටුවෙමි....අම්මා ඉමල්කා ඇද අයින්කල ඇදුම් එකින් එක අතට ගන්නා බව දුටුමම....හෝදන්නද අම්මෙ මම..... ඇසුවෙමි. ඔව්.... නැතුව හෝදගන්නෙ නෑනෙ.....අම්මා තරහෙන් මෙන් කියනු ඇසුනි....එපා අම්මෙ මම හෝද ගන්නම්......මම පැවසූවිට අම්මා පුදුමයෙන් මෙන් මාදෙස බලා....මොකද අද කවදාවත් නැතුව.....රෙද්දක් වත් හෝදගන්න දන්නවද....ඇසූ ඇය එම රෙදිටික රැගෙන කාමරෙන් පිටවෙනු දුටු මම ඇය පසුපස ගියෙමි.....කුස්සියෙන් පිටත තිබුනු නාන කාමරයකට ගිය ඇය රෙදිටික බේසමකට දමා වතුර පුරවනු දුටු මම......අම්මෙ මම මේටික හෝදන්නම් නැවත කීවෙමි....අද දුව අමුතුයි....ඔහොම ඉන්නවනම් කොච්චර දෙයක්ද කිව්ව ඇය ....රින්සෝ ඇතුලු උපකරන දුන් ඇය එතනින් ගියාය......මා කුඩාකල සිටම මගේ ඇදුම් සෝදාගැනීමට පුරුදුවී සිටි මට මෙය එතරම් ලොකු දෙයක් නොවුනි....වෙනසකට තිබුනේ ගැහැනු ඇදුම් සේදීම පමනි......කොල්ලො කෙලන්ගේ ඇදුම් සේදීම පහත් දෙයක් හැටියට පිලිගත්තත් අද මාත් කෙල්ලෙක් වී ඇතිනිසා මගේ ගැහැනු ඇදුම් සේදීම අරුමයක් නොවන බව තේරුම් ගත්තෙමි..ඊයෙ වෙනකන් ඉමල්කට අයිතිවෙලා තිබුන මේ ඔක්කොම දන් මගේ...මගේ ඇදුම් මමම හෝදගන්න ඔනැ......මට තිබුනු බර කලිසම් සෝදනවට වඩා මෙම සැහැල්ලු ගැහැනු ඇදුම් සේදීම කෙතරම් ලේසිද ඉමල්කා ඇදගෙන ගිය සුදුපාට පාසැල් නිලගවුම සෝදන ගමන් කල්පනා කලෙමි....දැන් මටත් පාසැලට අදින්න වෙන්නෙ මේ ගවුම් තමා ...කලිසම් සර්ට් ඇන්ද කාලෙ ඉවරයි....මම කල්පනා කලෙමි.......දුවට හොදට රෙදි හෝදන්න පුලුවන් කම තියාගෙනනෙ මෙච්චර කාලයක් කම්මැලි කමට හිටියෙ.....ගැහැනු ලමයෙක් උනාම ඕව පුරුදු වෙන්න ඕනැ කියල මම කොච්චර කියනවද දැන්වත් ඒක තේරුම් ගත්ත එක හොදයි..........මා රෙදි හෝදනව බලා සිටි අම්මා කීවාය.....ඉමල්කා ගෙදර කිසි වැඩක් නොකල බව ඇගේ එම කතාවෙන් තේරුම් ගත්තෙමි......රෙදි සෝදා අවසන් වූ මම ඒවා වැලට දමා කුස්සියට ගියෙමි......අම්මා උයන්න ලෑස්තිවෙන බව දුටු මම ඇය අසලට ගියෙමි.....මා මදුරංග ලෙස ජීවත් වෙන කාලයේද අමා උයනවෙලාවට මා සිටියොත් ඇයට උදව් කිරීම මගේ සිරිතක් වී තිබුනි....මම දැන් කෙල්ලෙක් වී ඇතිනිසා ඊටත් වඩා හොදින් අම්මට උදවු වියහැකිබව තේරුම් ගත් මා ඇය අසල තිබුනු ලූනු සුද්ද කිරීමට පටන් ගත්තෙමි.....මොකද අද අක්ක කවදාවත් නැතුව කුස්සියට ඇවිත් උයන්නෙ......කුස්සියට ආ මල්ලි පැවසුවේය. මම එය නෑසුනාක් මෙන් මගේ වැඩ කරගෙන ගියෙමි........අද අක්ක හරි අමුතුයි . වෙනදට මට ගහන බනින අක්ක අද හරි සයිලන්ස්......මා දෙස බලාගෙන කී මල්ලී ආපසු ගියේය.....ඒකියන්නෙ ඉමල්ක ගෙදර කිසි වැඩක් කරන්නෙ නෑ ..ඒ මදිවට මල්ලිටත් නිතරම ගහනව බනිනවත් ඇති......මම ඉමල්කා ගැන කල්පනා කලෙමි.....චූටි මල්ලි හරි හුරතල් එයාට ගහන බනින එක පවු. ඇයි දන්නෙ නෑ ඉමල්කා එහෙම කරන්නෙ.....ඉමල්කා ඒතරම් නරකද කෙල්ලෙක්ද...මට ගැටලුවක් ඇතිවිය......ඇත්තටම ඉමල්කා කියන්නෙ නිතර රන්ඩුවලට පැටලෙන උද්දච්ච තැනැත්තියක් බව මා බොහෝවිට දැක තිබුනි...ඇගේ ඒ නරක ගතිගුන ගෙදර අයටද බලපා ඇතිබව මට පැහැදිලිවිය.....මල්ලී මා සමග වචනයක් දෙකක් කතා කලත් දුවන්න බලාගෙන කතා කල බව . මලිගේ හැසිරීමෙන් තේරුම් ගත් මා ඉමල්කා ඔහුට පහර දුන්නොත් දුවන්න බලාගෙන සිටිබව පැහැදිලිවිය.....
No comments:
Post a Comment