Tuesday, September 13, 2016


(ඉමල්කා 26).........................................මම පලමුවෙන්ම අම්මට මගේ කැමැත්ත කීවෙමි....දැන් වත් ඔලුගෙඩිය පෑදුනාද..ඇසූ අම්මා මගේ හිසට සෙමින් ටොක්කක් ඇන ආදරයෙන් හිස අතගෑවාය.....අම්මා කපිලගේ අම්මට මේ අරන්චිය කියා ඇති බව ඇය අපේ ගෙදරට පැමිනි පසු දුටුවෙමි.....අනේ දුවේ දැන්නම් මගේ නැතිවුන මදූ පුතා ආයෙත් ලැබුන කියල හිතෙනව දුවේ....ඇය මාව තුරුලු කරගෙන මගේ මුහුන සිපගන්ට වූවාය....මා මදුරංග වසයෙන් මගේ පොඩිකල අම්මා මේ ආකාරයටම මාව සිපගෙන ඇතිබව සිහිවූ මම ඇයට තවත් තුරුලුවුනෙමි...මදුරුරන්ග නැති අඩුව මම පුරවන්නම් අම්මෙ ...මම කීවෙමි.......මගේ කැමැත්ත දුන් පසු කපිල අයියා නිතර මාව මුනගැසුනු අතර අපි අපේ විවාහ උත්සවය ගැන කතා කලෙමු......මොකද ඉමල්ක ඔයා මෙච්චර කාලයක් මට කැමැත්තක් තිබුනෙ නැත්තෙ...කපිල අයියා ඇසුවේය....සහෝදරයෙක් සහෝදරියක් අතර මේවගෙ සම්භන්දයක් තියෙන්න බැරි හින්ද අයියෙ....හරි ඒ දව්ස්වල එහෙම හිතාගෙන හිටිය කියමුකො....දැන් එක පාරටම ඒ අදහස වෙනස් උනේ කොහොමද...ඇසුවේය......සෙවුනි තමා මගේ හිත හැදුවෙ....මම කීවෙමි.....සෙවුනි එහෙනම් මනෝ වෛද්‍ය වරියෙකුත් වෙලාද...ඔහු ඇසුවේය......කපිල අයියා මෙතෙක් කල් කිසිම ගැහැනු ලමයෙකු සමග සම්භන්දකම් හදාගත් බවක ආරංචියක් වත් නොමැතිවුවද....ඔහු හොද පෙම්වතෙකු බව අපි ඇසුරු කල ටික කාලෙ තුල දැක ගැනීමට හැකිවිය....මෙසේ ඇසුරු කරන විට ඔහු මගේම සහෝදරයෙක් යන හැගීම දවසින් දවස මගේ සිතින් වියැකෙන්ට විය....මගේ සිතතුල ඔහු ගැන ආදර හැගීම් මෝරන්ට විය.......කොහොමද දැන් උබල දෙන්න...උඹට තාමත් කපිලව අයිය කෙනෙක් විදියට දැනෙනවද.....දිනක් සෙවුනි ඇසුවාය......අනේ සෙවුනි උඹනම් මගේ ඉස්ට දේවතාවියෙක් බන්.....මම සතුටින් පිලිතුරු දුන්නෙමි.....මේ ඒකනෙවෙයි අපේ අලුත් ගෙදරට ලගදි මුල් ගල තියනව.....එදාට උඹල එන්න ඕනැ.....ඇය පැවසුවේය.....කොහේද හද්න්නෙ.....කුරුනෑගල....මම අර පෙන්නුව ප්ලන අනුව තමා හදන්නෙ.....ඇය කීවිට.....ශා ඒක හැදුවොත්නම් ගොඩක් ලස්සනට හිටියි.....මම එසේ පවසන විට ඇගේ මුහුනට ඇතිවුනු සතුටු සිනහව දුටුවෙමි......දුප්පත් පැල්පතේ හිටිය සෙවුනි මේ තරම් ඉහල තත්වෙකට එන්න ලැබෙයි කියල කාටද හිතන්න පුලුවන්...ඒ වගෙම තමා මටත් පිරිමියෙකු වසයෙන් උපන්න මම ඒ ගෙදරම දුවෙක් වසයෙන් ඉන්න වෙයි කියල කාටද හිතාගන්න පුලුවන්.....දෛවය මෙතරම් සොදුරුද.......
සෙවුනිගේ නිවස ගොඩනැගීමට පටන්ගත් පසු අපේ විවාහය සදහා දිනයක් දාගත්තෙමු.......අපේ උත්සවය සදහා තාත්තා වැඩිපුර වියදම් දැරිමට පොරොන්දුවිය.....සෙවුනිගේ සහයෝගය මට උපරිමයෙන් ලැබුනි.........ඔයා මට කරල තියෙන වුදව්වල හැටියට මට ඔයාලට උදවු කරන්න අම්මරුයි ඉමල්කා. ඔයා නැත්නම් මට මොනව වෙයිද කියල හිතාගන්නවත් බෑ.ඔයා මගෙ යෙහෙලියෙක් නෙවෙයි ඉමල්කා එක අම්මගෙ කුසේ උපදින්න බැරිවුනත් ඔයා මගේම සහෝදරියෙක්....සෙවුනි පවසන්ට වූවාය. .........පෙර ආත්ම වල ඉදම්ම......අපි එකම සහෝදරියො වෙන්න ඇති සෙවුනි.....මම කීවෙමි.........එහෙනම් අයි අපි ස්කෝලෙ යන කාලෙ ඒතරම් රන්ඩුවුනේ වෛර කලේ.....එදා මම හිතුවෙ ඉමල්කා කියන්නෙ මගේ සන්සාර පුරාඑන වෛරක්ක්කරියක් කියල.....ඒ දවස්වල මට ස්කෝලෙ යන එකත් එපාවෙලා හිටියෙ අම්මගෙ උවමනාවට තමා ස්කෝලෙ ගියේ.....හොද වෙලාවට ඒ සතුරි මගේ හොදම මිතුරිවුනා.....ඒකත් උනේ මදුරන්ග මැරුනට පස්සෙනෙ.....එයා මරුන එකෙන් අපිට හොදක් උනා කියල මට දැන් හිතෙනව........සෙවුනි මෙසේ පවසන විට ......අනේ මන්ද සෙවුනි.......මා පැවසුවද .....සිදුවූ ඇත්ත සිදුවීම සෙවුනිට පැවසුවද සෙවුනි පිලිගනීද?.
අපේ විවාහ උත්සවය තරු පහේ හෝටලයක පැවැත්වීය.....එයට මගේ පැරනි නෑදෑයොත් අලුත් නෑදෑයොත් පැමිනියෝය.... සෙවුනිත් ඇගේ මහත්මයත් දින කීපයක් නිවාඩු දමාගෙන නිදි මරමින් අපිට දුන් සහයෝගය ඉතාමත් විශාල විය......අද හනිමූන් එකේදි කපිලව මොනවගේ පෙනෙයිද දන්නෙ නෑ නේද.....සහෝදරයෙක් වගේ පෙනුනොත් එදා මම කිව්ව විදියට හිටහන්.......සෙවුනි මට විහිලු කලාය......දැන් උඹේ ඒ උපදේසෙ ඕනැ වෙන එකක් නෑ....මම සිනාසෙමින් පැවසුවෙමි........මම ගෙදරින් යන එක ගැන ඉමල්කගේ අම්මත් තාත්තත් මල්ලිත් කනගාටු වූ අතර මටද ඔව්න් අතහැර යෑම ගැන දුකක් අතිවිය . එහෙත් මගේ පැරනි මාපියන් ලගට යෑමට හැකිවීම ගැන සියුම් සතුටක්ද ඇතිවිය......

No comments: