(ඉමල්කා 17)....................... ................ටීච මදුරංග ගෙ ගෙවල් තියෙන්නෙ අපේ ගේ ලග හින්ද මම යන්න ඕනැ නෑ නේද.....මලගෙදර යෑමට ඇතිවූ බිය නිසා මම ටීචගෙන් ඇසුවෙමි......අපේ පන්තියෙ ලමයි ඔක්කොම යන්න ඕනැ. ඔයා විතරක් තියල යන්න බෑ ...ඇය පැවසූ නිසා මට එහි යන්නම වෙන බව තේරුන් ගත්තෙමි....කමක් නෑ යනව මිනීය නොබල එලියෙන් ඉන්නව....මම හිතාගත්තෙමි.....අපි විවේක කාලයේ දී මලගෙදර යෑමට පෙල ගැසුනෙමු......මට ඉන්නවුනේ කෙල්ලන්ගේ පෝලිමේය. ඉමල්කාගේ යෙහෙලියවන තරන්ගී මගේ අතින් අල්ලගෙන ගමනට සූදානම් විය......ඇගේ සිනිදු අත්වල පහස මගේ සිනිදු අත් වලට දැනෙන්ට විය. කෙල්ලෙක් මගේ අතින් අල්ලගෙන කෙල්ලො ගොඩේ ඉන්නව.....මේක මම හීනෙන්වත් හිතුව දෙයක් ද?....මෙහෙම ඉන්න ලැබුනු එකත් මොනතරම් වාසනාවක්ද...ඒත් මගේම මිනීය බලන්න නේද මම මේ යන්නෙ...එය සිහිවෙන වාරයක් පාසා බියක් දැනුනි.....අපි ගෙදරට යනවිට මගේ අම්මත් තාත්තත් දුක්මුසු මුහුනින් අපිව පිලිගැනීමට බලා සිටිනබව දුටුවෙමි.....තරන්ගි මම මිදුලෙන් ඉන්නම් ඔයාල ඇතුලට යන්න....මම තරන්ගිට කීවෙමි.....ටීච මෙන්න ඉමල්කට ගේ ඇතුලට යන්න බැරිලු.....තරන්ගි මා ගැන ටීචට කියනු ඇසුනි...එහෙම කොහොමද අපි ඔක්කොම යන්න ඕනැ......මේ වගෙ තැන්වලට ගිහිල්ල පුරුදු වෙන්න ඕනැ...ටීච කියන්ට විය....දැන්නම් මට මගේ මිනීය බලන්නම වෙනව.......සිතුනු මම බයෙන් ගෙට ගොඩවුනෙමි....අම්මාත් තාත්තත් දුක් මුසුව අපිව පිලිගන්ට විය....අම්මාගේ දුක්මුසු මුහුන දුටු විට මට ඇඩුම් ආවද අමාරුවෙන් මැඩපවත්වා ගත්තෙමි එහෙත් ඇස්වලට කදුලු උනනු දැනුනු මම ලේන්සුවෙන් ඇස් පිස දැමුවෙමි......සියලු දෙනාම මිනීය තිබෙන තැනට ගොස් ටිකක් වෙලා බලා සිට අත් එකතුකර ආචාර කිරිමෙන් පසු ආපසු යන්ට විය......මීලගට මගේ වාරය උදාවිය.....මම ඉතාමත්ම අපහසුවෙන් මගේම මිනීය දෙස බැලුවෙමි......මාව ඉමල්ක නොවුනනම් මාවනේ මේවෙලාවෙ මැරිල ඉන්නෙ......මගේම මිනීය දෙස බලමින් කල්පනා කලෙමි....මම දැන් අත් එකතු කර ආචාර කරන්නෙ කාටද එහෙම කරන්න වෙන්නෙ මටම නේද...මගේම මිනීයට නේද....දැන් ඉමල්කා වෙන්න ඕනැ මා වෙනුවෙන් මැරිල ඇත්තෙ.... මම ඇයව හිතාගෙන ආචාර කරනව.....මම මියගිය ඒ ඉමල්කා ගැන හිතාගෙන ආචාර කර පිටවූවෙමි.......අඩමින් සිටි අම්මා අසලට ගිය මම ඇයට වදිනවිට....මේ රාජපක්ශ මහත්තයගෙ දුව නේද...ඇසූ ඇය ..බලන්න දුවේ අපිට විච්ච දේ. කොච්චර හොදට හිටිය දරුවෙක්ද?..මේ දරුවට මොන පවක් පලදුන්නද දෙවියනේ...ඇය අඩමින් කියන්ට විය.....මදුරන්ග මැරිල නෑ අම්මෙ එයා හොද තැනකට ගිහින් අම්මලා දුහා බලාගෙන ඉන්නව.....මම අම්මාට මගේ හිතේ තියෙන දුක කීවෙමි.....එහෙම වෙනවනම් හොදයි දුවේ.....ඒත් මෙයා අපිට දැන් පේන්න නෑනෙ....කීවාය.....ඉන්නව අම්මෙ මේ ඔයත් එක්ක කතා කරන්නෙ ඔයාගෙ හිටපු පුතා මදුරන්ග ඒත් එයා දැන් රාජපක්‍ෂ මහත්තයගෙ දුව......මෙසේ සිතූ මම අම්මාට දන ගසා වැද තාත්තා දෙසට ගොස් ඔහුටද දනගසා වැන්දෙමි......මගේ අම්ම තාත්තට වැද මේ ගෙදරින් සමුගත්ත මම මීලගට ගියේ අයියාට වැදීමටය.....මම ඇයියටද වැන්දෙමි......අයියෙ මම ඔයාගෙ මල්ලි ඒත් දැන් මල්ලි නෙවෙයි ......මට හිතාගන්න බෑ අයියෙ මම දැන් මේ ගෙදෙට්ට කවුද කියල.....අයියා ඉදිරියේ සිතමින් සිටි මම මිදුලට ගියෙමි......ඉමල්කා ඔයාගෙ ගෙවල් තියෙන්නෙ කොහේද ...මගේ පන්තියේ ටීච ඇසුවාය.....අර තියෙන්නෙ අපේ ගෙදර වහලෙ......මම අපේ ගේ පෙන්නුවෙමි......අපි යමු නේද..... ටීච අපිට ආපසු යෑමට කතා කල බැවින් අපි ආපසු පාසැලට ගියෙමු......පාසැල ඇරුනු පසු මල්ලී අලුත් ජීප් රථයට නගිනු දුටු මම ඒ දෙසට ගියෙමි....මොකද අක්කෙ බයවෙලා වගේ බලා ඉන්නෙ නගින්න....මම ගෙදර ගරාජය තුලින් දැක්කේ මෙම ජීප් එක බව මතක් විය....එහෙත් එහි රියදුරු තාත්තාට වඩා වැඩිමල් කෙනෙක් බව දුටුවෙමි...බලන්නකො ලොකු තාත්තෙ අපේ අක්ක දැන් හරි වෙනස්. අර මදුරන්ග අයිය මැරුනට පස්සෙ අක්ක බයවෙලාවගේ.......මල්ලී කියනවිට .....මේ තාත්තගේ අයිය කෙනෙක් විය හැකි බව මා තේරුම් ගත්තෙමි....මෙයාගෙත් තාත්තගෙ හැඩරුව ටියෙන හින්ද එහෙම වෙන්න ඇති මට සිතුනි.....අපිව ගෙනැත් ඇරලූ ඔහු ආපසු ගියේට.......අද මදුරන්ගගේ අවසන් කටයුතු සිදුකරන බැවින් තාත්තා වරුවක නිවාඩු රැගෙන ගෙදර ඇවිත් තිබුනි.......සවස තාත්තා පමනක් මල ගෙදර ගිය අතර අම්මත් මල්ලිත් මමත් ගෙදර නතරවුනෙමු.....
No comments:
Post a Comment