Wednesday, September 14, 2016


(ඉමල්කා 28)..........................................ඒ උනාට ඔයා හොදට ඔයාගෙ ගරුත්වය රැකගෙන තියනව. .....සුදු රෙද්දේ තිබුනු රතු පැල්ලම් දෙස බලමින්. කල්පනා කලෙමි.වසර පහලවක් පමන කාලයක් ඇය රැකගෙන ආ ඒ ගරුත්වය මමද රැකගෙන ආවෙමි. අපි දින කිහිපයක් හෝටලයේ ගතකරමින් ඇතිසේ විනෝද වුනෙමු. මගේම අයියා වූ කපිල අයියා දැන් මගේ සුවාමිපුරුශයා වී හමාරය. මගේම අයියා වී සිටි නිසා ඔහු කෙරෙහි තිබුනු ගෞරවයත් දැන් ඔහු මගේ ස්වාමිපුරුශයා බැවින් ඔහුකෙරෙහි ආදරයත් වැඩිවන්ට විය......දෙවෙනි දින මංගල්‍යය උත්සවයේදී හමුවූ සෙවුනි......කොහොමද ඔයාගෙ අයියගෙ වැඩ ඒ වෙලාවෙ ඔයා හොද හැන්සම් කොල්ලෙක් ගැන හිත හිතා ඉන්න ඇති නේද ...ඇසුවාය. මට ඔය එකක්වත් හිතුනෙ නෑ කෙල්ලෙ...... පැවසූ විට...ආ එහෙනම් ඔයත් සුරන්ගනා ලෝකෙ රවුන් ගහල තියෙනව වගේ..ඔයවෙලාවට මොකුත් හිතෙන්නෙ නෑ තමා.....සිනා සෙමින් පැවසූ ඇය.....සුදු පිරුවටේ රතුවුනාද.....ඇසුවාය. ඔව් ඔව් ඒවත් තියෙන්න ඕනැනෙ අම්මට පෙන්වන්න...මම කීවෙමි. සෙවුනිද මා වැනිම කෙල්ලෙක් බැවින් මා වින්ද ඒ අත්දැකීම් ඇයද විදින්න ඇති.....ගැහැනු බවට පත්වූ අපි ඒ අතින් මොනතරම් වාසනාවන්තද....මම කල්පනා කලෙමි......කපිල අයියා නැවත අයිතිවූ මට මගේම දෙමවුපියන් දෙදෙනාද නැවත අයිති විය.....මා ඔව්න්ගේ දෙපා නැමැද. මදුරන්ග ලෙස මෙලොවට දායද කල මාව ඔවුන්ගේම දියනියක් ලෙස පිලිගන්නා ලෙස සිතින් ඉල්ලා සිටියෙමි.
අවුරුදු පහලවේදී මදුරංග ගේ ජීවිතයට සමුදුන් මම නැවත මේ නිවසට පැමිනියේ ඉමල්කා නැමැති සුන්දර මනමාලියක ලෙසය.....ඉමල්කාගේ නිවස තරම් මෙම නිවස විශාල නොවුනද මා කලක් ජීවත්වූ මෙම නිවස මට සැප දායක ස්තානයක් විය.....දුවගෙ ගෙදර තරම් මෙහෙ එච්චර ලොකු නැති හින්ද?..දුවගෙ හිතට දුකයිද දන්නෙ නෑ...අම්මා මගෙන් ඇසුවාය......අනේ එහෙම හිතෙන්නෙ නෑ අම්මෙ....මගේ ගෙදෙට්ට වැඩිය මෙහෙ හොදයි අම්මෙ....මම කීවෙමි......අම්මා කුස්සියේ වැඩ කරන විට මම ඇයට උදවුවුනෙමි....කිහිප දිනකට පසු.....ඔයා ඔය විදියට වැඩකරන කොට මගෙ නැතිවුන මදුරන්ග පුතා මතක් වෙනව දුවේ.......මදුරන්ග පුතත් ඔයා වගේමයි මට උදවුවෙන්නෙ.....එයාගෙ කතාබහ හැසිරීමත් දුව වගේමයි.......මට වෙලාවකට හිතෙනව මගෙ මදුරන්ග පුතා දුව වෙලා මෙහාට ඇවිල්ලද කියල......අම්මා පවසන්ට වූවාය. අම්මට මම එයාගෙ මදුරංග පුතා කියල තේරිලාද....මට සැකයක් ඇතිවිය.....ඒත් මගෙ පුතා ගැහැනු ලමයෙක් වෙන්න විදියක් නෑ . එයා ගැහැනු ලමයෙක් වෙලා උපදින්න තරම් පවුකරල නෑ.....ඇය කීවාය.....ඔන්න අම්මෙ අම්මගෙත් ඔලුවට බමුනු මතයක් ඇවිල්ල.....පැවසූ මම......ගැහැනු ලමයි වෙන්නෙ පව්කල අය නෙවෙයි අම්මෙ......ඒව ඉන්දියාවෙ ඉදන් මෙහාට ආව බමුනු මත......ගැහැනියෙක් වෙලා හරි පිරිමියෙක් වෙලා හරි මනුස්සය ආත්මෙ උපදින්න පින් තියෙන්න ඕනැ කියලනෙ . බුදුන්වහන්සේ දේසනා කරල තියෙන්නෙ.....ඉතින් අම්මෙ ගැහැනු වෙලා උපදින්න පව්නෑනෙ. ..ගැහැනු ජීවිතයක් ලබා එහි සුන්දරත්වය අත්විදිමින් සිටින මම. එම මතය වැරදි බව පැවසුවෙමි.......අනේ මන්ද මම ඉතින් දූල තරම් ඕව දන්නෙ නෑනෙ....ඔය ගොඩ දෙනෙක් කියන ඒවනෙ අපිත් ඉතින් කියන්නෙ......ගැහැනු පහත් කරල සලකන සමාජයක් බිහිකලේ ඉන්දියාවෙ ඒ කාලෙ හිටිය බමුනො......බුදුරජානන් වහන්සේ තමයි ..ඒ බමුනු මත වෙනස් කරල ඇත්ත පෙන්නල දුන්නෙ.....ඒත් බවුද්ද කියල හිතාගෙන ඉන්න හුග දෙනෙක් ඔය බමුනු මත තාම ඔලුවෙ තියාගෙන ඉන්නව.....එයාල කැමති නෑ ඇත්ත කියනවට.....එයාල කැමති නෑ ඇත්ත පිලිගන්න......මගේ මෙම කතාව අසාගෙන සිටි අම්මා.....අනේ මන්ද දුවේ මටනම් ඕව තේරෙන්නෙ නෑ......දුව ඕව ගැන දන්න හින්ද. දුව කියන එක ඇත්ත වෙන්න ඇති.....ඇය කීවාය..........
මාස තුනක් පමන ගතවනවිට අපේ නිවස විසාල කරගන්න ඕනැ බව කපිල පැවසූ නිසා මම මේ ගැන අපේ ගෙදරට කීවිමි.....ඒකනම් හොද අදහස කපිල පුතාට කියන්න ඉක්මනින් වැඩේ පටන්ගන්න කියල මාත් උදව් කරන්නම්.......තාත්තාගේ එම වචන මගේ සිතට විශාල සහනයක් විය.....අව්රුද්දක් පමන ගතවන විට අපිට නව නිවසක් තනාගෙනීමට හැකිවිය....මෙම නිවසේ පදින්චිවී සුලු කලකදී අපේ නිවස එලිය කිරී මට අමුත්තෙක් පැමිනෙන බව මට තේරුනි......කපිල අයියෙ මට මොකක් හරි අමුත්තක් දැනෙනව....මම කීවෙමි.....ඒ මොකක්ද ..ඔහු ඇසුවේය....මට මෙන්සස් උනේ නෑ.....එහෙනම් ලේ බලමු......ලේ සාම්පල පරීක්ෂා කිරී මේදී මගේ සැකය නිවැරදි බව තහවුරු විය...... පිරිමියෙක් වෙලා කවදාවත් අත් දකින්න බැරි ඒ උතුම් මවු පදවිය මට ලැබෙන්න යන්නෙ.....මා දැඩි සේ සතුටට පත්වුනෙමි.....

No comments: