Wednesday, September 14, 2016

(ඉමල්කා 30)අවසන් කොටස....................................ඇත්තටම උඹ මදුරන්ගද බන්......ඇය ඇසූවිට....උඹට තාම මාව විස්වාස නෑනෙ........හරි උඹට මතකද දවසක් මදුරංගට අසනීප වෙලා උඹට කියල නෝට් වගයක් ලියාගත්ත.....ඒකට තෑග්ගක් විදියට උඹට තෑග්ගක් විදියට පෑනක් ගෙනත් දුන්න නේද....පෑන දුන්න බව දන්නෙ මදුරංගයි උඹයි විතරනෙ ..මම එදා මදුරංග හින්දනෙ මේ කතාව දන්නෙ....ඒක මටත් මතකයි...පැවසූ සෙවුනි......ඇත්තටම උඹ මදුරන්ගද මට මේ කතාව හිතාගන්නවත් බෑ......මේ ලෝකෙ මේවගේ පුදුම දේවල් වෙනවද.....ඇය පුදුමයෙන් පවසන්ට විය.....ඒදවස් වල අපි කෙල්ලො මදුරන්ග ගැන කතාවුනේ එයා කොල්ලෙක් උනාට කෙල්ලෙක් වගේ කියල.....ඒක ඇත්ත උනා එහෙනම්.....ඇත්තටම ඔයාට ගැලපෙන්නෙ මේ ගැහැනු ජීවිතේ......ඇය කීවාය...ඔව් බන් මටත් එහෙම හිතෙනව......පැවසූ මම....ඔයා දන්නවද ඉමල්ක හින්ද පන්තියෙ අය විතරක් නෙවෙයි ගෙදර අය කොයිතරම් දුක් විදල තියෙනවද කියල....එයාගෙ ජරා ගතිගුන හින්ද මල්ලි අම්ම තාත්ත....ගොඩක් මානසික පීඩාවකින් ඉදල තියෙන්නෙ....මම එහාට ගියාට පස්සෙ තමා ඒව ඔක්කොම වෙනස් වුනේ.....මදුරන්ග විදියට හිටියකාලෙ මගෙ හොද ගතිගුන තිබුන හින්ද ඊට පස්සෙ ඒ ගෙදර සාමකාමී හොද නිවසක්වුනා....ඒත් තාම කවුරුවත් දන්නෙ නෑ මට වුනු දේ....ඔන්න අද ඔයාට තමා ඉස්සෙල්ලම කිව්වෙ හැබැයි මේ විස්තරේ කාටවත් කියන්න එපා.....මම ඇයට කීවෙමි.....මම කියන්නෙ නෑ ...කිව්වත් කවුරුවත් පිලිගන්න එකකුත් නෑ.......ඇය කීවාය.....එහෙනම් උඹ ඒකයි මේ කපිල අයියව බදින්න කැමතිවුනේ නැත්තෙ.....තමන්ගෙම සහෝදරයනෙ නේද.....ඇය ඇසුවාය......ඒක ඇත්ත ඒත් උඹ තමා මගෙ හිත වෙනස් කලේ......මම කීවෙමි.....උඹනම් මාර ග්‍රේඩ් බන් ...මට නම් හිතාගන්න බෑ උඹ කාටවත් නොදැනෙන්න ඉමල්කගේ ජීවිතේට මාරුවුනේ කොහොමද කියල...ගැහැනියෙක් විදියට ජීවත් වෙන්න ඉගෙන ගත්තෙ කොහොමද කියල.....ඇය කීවාය.....ගැහැනු ජීවිතේට කැමතිනම් දැඩි උවමනාව තියෙනවනම් ඕනැ කොල්ලෙකුට ගැහැනු ජීවිතේට හුරුවෙන්න පුලුවන්....ඒක ලොකු දෙයක් නෙවෙයි කියල මට දැන් තේරෙනව.........ඒකනම් ඇත්ත කියල මටත් තේරෙනව......මේ මට උඹ ඇත්තම කියහන් ගැහැනු ජීවිතේද පිරිමි ජීවිතේද හොද.......ඇය උවමනාවෙන් අසන බව දුටු මම.......ගැහැනු ජීවිතේ බන් ......ඒක ආයෙත් අහන්න දෙයක් නෑ.....මම පවසනවිට......මම මෙච්චරකාලයක් හිතාගෙන හිටියෙ පිරිමියෙක් වෙන එක හොදයි කියලනෙ......ඇය පැවසුවාය.....එහෙම තමයි හුග දෙනෙක් හිතාගෙන ඉන්නෙ.....ඒ ජීවිත දෙකේම ජීවත් වෙනකොට තමයි වෙනස හොදට තේරෙන්නෙ.....මම සිනාසෙමින් කීවෙමි......කෙල්ලෙක් උනාම පොඩිපොඩි ගැටලු එනව තමයි ඒව එච්චර ගනන්ගන්නෙ නැතුව ඉන්නකොට පිරිමි ජීවිතේට වඩා සුන්දරත්වයක් තියෙනව.....මම කීවෙමි....ඔව් ඉතින් මසෙකට සැරෙයක් හැඩෙන ලෙඩෙයි දරුවො හම්බවෙන එකයිනෙ තියෙන්නෙ.....ඒව ඉතින් ගැහැනුන්ට උරුම දේවල්නෙ ඒව එච්චර ගනන් ගන්න හොද නෑ නේද...මදූ.....අය කීවාය....මොනව මදූ....ඒ කවුද මම ඇසුවෙමි. වෙන කවුරුත් නෙවෙයි ඔයාට කිව්වෙ....මට දැන් හිතෙනව ඉමල්ක කියනවට වඩා ඔයාට මදූ කියන එක ගැලපෙනව කියල.....ඔයාගෙ මුල්නමත් මදුරන්ගනෙ.......ඇය කීවාය.....මට උඹ මදූ කියනකොට අනිත් අය බලයි මොකද මේ කියල....මම කීවෙමි.....මම කියන්නම් වැඩක්...උඹේ නැන්දම්ම කිව්ව කිව්ව නේද උඹේ ගතිගුනයි මදුරන්ගගෙ ගතිගුනයි එකවගේ කියල.....මම එයාට කියන්නම් මදුරංග මතක් වෙන්න ඔයාට මදූ කියමු කියල.....අනේ මට ඕනෙ නෑ බන් ඒ මගෙ පැරනි පිරිමි ජීවිතේ මතක් කරන්න.....මම කීවෙමි.....මෙයාට දැන් පිරිමි ජීවිතේ එපාම වෙලා ගිහින් වගේ....පැවසූ සෙවුනි....උඹ කැමති නැත්නම් නිකා ඉම්මු.....කීවාය.....
දිනෙන් දින මගේ උදරය විශාල වන්ටවිය...දරුවෙක් කුසතුල තබාගෙන ගැහැනියෙක් විදින ඒ කරදරය මට සම්පතක් විය.....මගේ පොඩි දරුව වෙනුවෙන් අම්ම කෙනෙක් විදියට විදින මේ සතුට පිරිමියෙක් වසිටියානම් කෙසේ විදගන්නද?....මගේ බබා ලැබීමට පෙර සෙවුනිට චූටි දුවෙක් ලැබුනි.....මීට මාස කිහිපයකට පසු මටද දුවෙක් ලැබුනි.......ප්රසූති වේදනාව දරාගත් මම එය දුකක් නොව සතුටක් ලෙස සිතාගත්තෙමි.....කොල්ලෙක්ව මෙලොව එලිය දුටු මම කෙල්ලෙක් බවට පත්වී වටිනා මවු පදවිය ලැබීමට තරම් මා පින්කර ඇති බව මටම සිතාගැනීමට නොහැකිවිය....
ඒයි ඉමල්කා උඹට විතරක් නෙවෙයි බන් ...ඉන්දියවෙත් මේවගෙ දෙයක් වෙලා තියෙනව.....මේ ලමය අසනීපවෙලා නැගිට්ටට පස්සෙ වෙන භාසාවකින් ලු කතා කරල තියෙන්නෙ.....එයාගෙන් විස්තර ඇහුවම කියල තියෙන්නෙ වෙන පලාතක විස්තරයක්....ඒ කියන්නෙ මෙයාටත් වෙලා තියෙන්නෙ උබට වෙලා තියෙන දේමනේ......සෙවුනි පොතක ලියල තිබුන පුනර්භව වාර්තාවක් ගැන මට පවසන්ට වූවාය......
මේවගෙ දෙයක් මට පමනක් නොව ඕනැ කෙනෙකුට විය හැකි බව මම මෙයින් තේරුන් ගත්තෙමි....
හොද වෙලාවට මාව පාසැලේ හිටිය ලස්සනම කෙල්ල බවට පත්වුනා......බැරි වෙලාවත් මීට වඩා වෙනස් දෙයක් උනානම්??????????????......................අවසානයි..........

No comments: