Sunday, September 25, 2016

(බොක්සින් සමාදි 4).................................අම්මලා පිටවගොස් පැය දෙකකින් පමන පසුව නැවත ආවේ ට්රීවීල් රතයකිනි. මේක හොයාගන්න මෙච්චර වෙලා ගියාද. හන්දියට ගියානම් ට්රීවීල් ඕනැතරම් තියෙන්නෙ. ඒවුනාට ඒවයෙ තුවාල කාරයො ගෙනියන්න බෑකියන්න ඇති...මා මෙසේ  සිතන විට ඔව්න් පැමිනි ත්රීරෝද රථයද ආපසු ගියබව දුටුවෙමි .මට හිතෙන්නෙ ඩොස්තර කෙනෙක් හම්බවෙලා සමාදිට සිද්ද වුනුදේ කියල බෙහෙත් අරන් එන්න ඇති. ..... කල්පනා කලෙමි. ඔවුන් පැමිනුනු විගස සමාදි සිටි කාමරයට ගොස් කරන කතා මට හිමින් ඇසුනත් ඒවා තේරුම් ගනීමට නොහැකිවිය. කාමරයෙන් පිටතට පැමිනි රීටා ඇන්ටි..... .....ගිහින් එන්නම් පුතේ කියමින් මගේ හිස අතගා ඇගේ නිවස දෙසට ගියාය.අයියා උදෑසන පන්ති ගොස් පැමිනෙනු දුටු මම......අයියෙ සමාදිට මොකක් හරි වෙලා කාමරේ ඇතුලෙ දොරවහගෙන. අම්මයි එහාගෙදර සෙනුරි අක්කයි....එයාගාව ඉන්නව......රීට ඇන්ටිත් ඉදල දැන් තමා ගියේ.....මෙසේ පැවසූවිට.....සිනාසුනු අයියා.....එහෙනම් අපිට හොද පාටියක් කන්න පුලුවන්.... කියමින් ඔහුගේ කාමරය තුලට ගියේය.......රීට ඇන්ටි කියනව කිරිබත් කැවුම් කන්න පුලුවන්ලු....දැන් අයිය කියනව පාටියක් කන්න පුලුවන් කියල....මේ වෙලාව පාටිකන වෙලාවක්ද.....එක්කො මෙයාලට පිස්සු නැත්නම් මට පිස්සු....මම හිමින් මගේ හිසට තට්ටුකර බැලුවෙමි......ලොකු පුතේ.....අයියා පැමිනෙනු බව දැනුනු අම්මා අයියට කතා කරන හඩ ඇසුනි.....කාමරයෙන් එලියට පැමිනුනු අම්මා....අයියා අසලට ගොස්......අනේ පුතේ මහන්සි බලන්නෙ නැතුව ආච්චිට පනිවිඩයක් කියල එන්නකො.......මොකක්ද අම්මෙ...අයියා ඇසුවේය.....ආචිට කියන්න නංගි ලොකුවෙලා කියල ඉක්මනට එන්න කියල.....බාප්පගෙ ගෙදර අයටත් ඒ එක්කම කියන්න.......ආච්චිගෙ ගෙදර පිහිටා තිබුනේ අපේ ගෙවල්වලට කිලෝමීටර දෙකක් පමන දුරිනි.....අයියා පන්ති ගිය ඇදුම පිටින්ම ආචිගේ ගෙදර යෑම සදහා බයිසිකලය අතට ගනු දුටු අම්මා.. මේ වෙලාවෙ ආයෙත් අඩව්වක් අල්ලන්නද හදන්නෙ. ඕක තියල පයින් යන්න වැඩිදුරක් නෑනෙ ලමයො......අම්මා එසේ පැවසූ විට මුහුන පුලුටුකරගත් අයියා බයිසිකලය ආපසු තැබුවේය.....මීට මාස තුනකට පමන පෙර අයියා කානිවල් එකේ දුටු මාරක ලිදේ සයිකල් පදින්නාක් මෙන් පාර අයිනේ තිබුනු මාරක කානුවේ සයිකල් පදින්ට ගොස් මාසයක් පමන ඔහුගේ වම් අත බෙල්ලේ එල්ලාගෙන සිටිබව මතක් වුනු අම්මා අයියාට එසේ පවසන්ට ඇත.ආච්චිගේ නිවසට පාරෙන් දුර වූවත් වෙලෙන් ගියවිට එම දුරෙන් භාගයක්වත් නැත....එහෙත් අයියා වෙලෙන් යන්න එතරම් කැමැත්තක් නොදක්වූ බව පෙනෙන්ට තිබුනි.....මටද වෙලෙන් ගොස් සිදුවුනු අකර තැබ්බයක් මතක්විය.....සමහර දිනවල මා තනියම ආචිචිගේ ගෙදර යෑමට පුරුදුවී සිටියෙමි....දිනක් වෙලෙන් යනවිට. ලියදි මඩවා නියරවල් වල මඩ දමා තිබුනි.....මට එගොඩට යෑමට නියරක් හියාගෙනීමට අසීරුවිය....බාගෙට වියලුනු නියරක් සොයාගත් මම එයදිගේ ගමන් කලෙමි. වෙලෙන් බාගයක් පමන මඩේ එරෙමින් ගමන් කල මගේ පය එකවරම ලිස්සා වෙලට වැටුනි. හොදින් මඩවී තිබුනු වෙලේ මඩ මගේ ඇගපුරාම තවරී ඇතිබව දුටුවේ අමාරුවෙන් නැගිට්ට පසුය....හෝදා ගැනීමට හරිහැටි වක්කඩක් නොමැති බව දුටුමට ආච්චිගේ නිවස අසල ලිද සිහියට නැගුනි.....කමක් නෑ මේ කැලෑ පාර හින්ද කාටවත් මාව පේන්නෙ නෑ එහාටම ගිහින් හෝදගන්නව.....මෙසේ සිතුනු මම මඩ පිටින්ම ආච්චිගේ නිවස දෙසට ගියෙමි.......එම නිවසේ කුස්සිය දෙසට ගිය මම මඩ නිසා නිවස තුලට නොගොස් මිදුලේ සිටගත්තෙමි......කුස්සිය තුල සිටි ආච්චි....ඇස්දෙක ලොකු කර මාදෙස බලා ගේ ඇතුලට දිවගොස් ඉදිරි දොරෙන් පිටවෙන අයුරු දුටුවෙමි......සුදුනෝනේ මෙහාට වරෙන්කෝ......අපේ පන්සලේ බහිරව රූපෙකට පන ඇවිත් මෙහාට ඇවිල්ලා......ආචිගේ කට හඩ ඇසුනි.....සුදුනෝනේ යනුවෙන් ඇමතිවේ අපේ බාප්පා බැදල හිටිය පුන්චි අම්මාටය. අපි ඇයට කිව්වේ සුදු පුන්චි කියාය.....මා දුටු ආච්චි මාව බහිරව රූපයක් කියා රැවටී භයවී ඇතිබව තේරුම් ගත් මා...ඉක්මනට ලිදෙන් වතුර බාල්දියක් ඇද ඇග සේදීමට පටන්ගත්තෙමි.....මා අසලට පැමිනි සුදු පුන්චී......මේ අපේ ජනිත් පුතානෙ. මොකද පුතේ මඩනාගෙන වෙලේ මඩකරිවත් ඇල්ලුවද.....නෑ පුන්චි වෙලේ එනකොට ලිස්සල වැටුනනෙ....මම මට සිදුවූ ඇබැද්දිය කීවෙමි. අර ආච්චි හොදටම බයවෙලා භහිරව රූපයක් ඇවිල්ල කියල ....සුදු පුන්චි සිනාසෙමින් පවසන්ට වූවාය.....කලිසමෙයි කමිසෙයි හොදටම මඩ ගෑවිලා නේද...කෝ ඕව ගලවලවන්න හෝදල දෙන්න. මම කමිසය ගලවා....කලිසම ගැලවීමට සූදානම් වනවිට....ඔයා තාම පොඩි ලමයෙක් කියලද හිතාගෙන ඉන්නෙ. ඔහොම ඉන්න පොඩ්ඩක්... ඇදගන්න සාලුවක් අරන් එනකන්. මගේ කමිසය රෙදි හෝදන ගල උඩ තැබූ ඇය තුවාය රැගෙන ඒමට ගියාය.....මොකද බන් උඹ ඇගපුරා මඩගාගෙන ඇවිත් මාව බයකලේ......ආචිටද මට වූ අකර තැබ්බය පවසන්ට සිදුවිය. මදෑ ඔයින් ගියා අතක් පයක් කඩාගන්නෙ නැතුව.................ආච්චී පැවසුවාය.

No comments: