Saturday, September 3, 2016

(ඉමල්කා 12)....................................රෙදි සෝදා අවසන්කල මම සියල්ල වේලෙන්න දමා ගෙට ගියෙමි. මල්ලිව දහම් පාසැල් ඇරලූ තාත්තා ඒ වෙනවිටත් ආපසු පැමින ඇති බව දුටුවෙමි.අද ඉරිදා නිසා තාත්තාට නිවඩුදිනයක් විය. ..ඉමල්ක උදේට කෑව ද? මාව දුටු තත්තා ඇසුවේය....තාම නෑ තාත්තෙ රෙදිවගයක් තිබිල හේදුව...මම කීවෙමි. ...මොනව රෙදිහේදුව.....පුදුමයෙන් ඇසූ තාත්තා ....සුරේනි ඇත්තද මේ දුව කියන්නෙ.....අම්මගෙන් ඇසුවාය. මා අසලට පැමිනි අම්මා ..අපේ දුව දැන් හොදයිනෙ නේද දුව......ඇය මාව තුරුලට ගෙන කීවාය...එහෙනම් කන්න යමු.....තාත්ත මට අඩගහගෙන කුස්සියට ගියේය......දුව අද ගොඩක් වැඩකලා උදේ ඉදිආප්ප මිරිකුවා අතුගෑව රෙදිහේදුවා.....ඉස්සර හිටිය ඉමල්ක නෙවෙයි දැන් ඉන්නෙ.....අම්මා අපිත් සමග කෑම කන ගමන් කීවාය......ඔව් අම්මෙ දැන් ඉන්නෙ ඔයාලගෙ ඒ නපුරු ඉමල්කා නෙවෙයි. මම හිතන්නෙ එයා මදුරංගගෙ සිරුරත් එක්කම මැරිල. මේ ඉන්නෙ ඒ මැරුන කියන මදුරංග ......මම හිතෙන් කීවෙමි.....ඔය විදියට දුව හැමදාම හිටියොත් අපේ හිතට සැනසීමක්.....පැවසූ තාත්තා දිග සුසුමක් හෙලන අයුරු දුටුවෙමි.....ඉමල්කා කොයි තරම් මෙයාලට වද දීල තියෙනවද තාත්තගේ හැසිරීමෙන් මා සිතා ගත්තෙමි........තාත්ත බයවෙන්න එපා තාත්තෙ මම කවදාවත් ආයෙත් නරක් වෙන්නෙ නෑ....මම කීවෙමි. මදුරන්ග කියන්නෙ කොහොමත් නරක කෙනෙක් නෙවෙයි......මම ඔහුට හිතෙන් කීවෙමි......අර ලමයගෙ බොඩි එක ගෙනල්ල වගේ හවස් වෙලා ඒ පැත්තෙ යමු.....තාත්තා අම්මට කියනු ඇසුනි......දුව බයනම් යන්න ඕනැ නෑ....තාත්තා කීවේය......මම කොහොමද තාත්තෙ යන්නෙ මම කොහොමද මගේ මිනීය බලන්නෙ.....මගේ හිත කියන්ට විය.
හෙට සදුද හින්ද පාසෙල් යන්න තිබෙන බව මතක් විය . කෑම ගත් මම කාමරයට ගොස් පසැලට ගෙනියන පොත් සහ ඇදගෙන යන ඇදුම් ගැන පරීක්ෂා කරන්ටවුනෙමි.....දැන් මම මදුරන්ග නෙවෙයි ..මට දැන් ස්කෝලෙ යන්න වෙන්නෙ ඉමල්කා කියන ගැහැනු ලමයා විදියට .ඇදගෙන යන්න වෙන්නෙ ඉමල්කගේ පාසැල් නිල ඇදුම..ඉදගන්න වෙන්නෙ ඉමල්කා හිටිය තැන . ආස්සරේ කරන්න වෙන්නෙ ඉමල්කගේ යාලුවො ටික....මට ඉන්න වෙන්නෙ පන්තියේ කෙල්ලො ටික අතරට වෙලා....මට නොපුරුදු ඒ පරිසරයට මම කොහොම මුහුන දෙන්නෙ. යන්තම් ගෙදර පරිසරය හදාගත්ත. මට හිතෙන්නෙ පාසැල් පරිසරයටත් හුරුවෙන්න පුලුවන් වෙයි......බයනැතුව එන දේකට මුහුන දෙනව....මම හිතා ගත්තෙමි . මම ඉමකා අදින නිල ඇදුම් බැලුවෙමි.ගවුන් හතරක් තිබුණි ..ඒවා සෝදා තිබුනද මැද නොමැති බව දුටු මම එම ගවුන් ටික රැගෙන අම්ම ගාවට ගියෙමි......ඕය ටික තියන්න මම මැදල දෙන්නම් ....අම්මා කීවාය. මම මැද ගන්නම් කියන්න හිතුනත් කවදාවත් ගවුන් මැද නැති මට එය නොපුරුදු දෙයක් බැවින් කිසිවක් නොකීවෙමි....මදින ස්තිරික්කය කොහේ දැයි මා තවමත් දන්නේ නැත.....මගෙ කාමරෙන් තියන්න දුවේ මල්ලිගෙ ඇදුන් ටිකත් එක්ක මදින්න ඕනැ.....ස්තිරික්කය තිබුනේ අම්මා සාරිය ඇන්ද කාමරේ බව මට මතක් විය....මම මල්ලිගේ ඇදුන් ටිකත් සමග ඇදුම් ටික කාමරයෙන් තැබුවෙමි......මගෙ පිරිමි ඇදුම් මම මැද ගත්ත හින්ද මල්ලිගෙ කමිස කලිසන්නම් මදින්න පුලුවන්. මේ ගවුන් ටික මදින්න බැරි හින්ද තියෙල යනව......කල්පනා කල මම . ඇදුම් ටික තබා නැවත මගේ කාමරයට ගියෙමි.....දැන් ඉමල්කගේ පොත් ටික තමා බලන්න ඕනැ......මම ඉමල්කා පාසැල් ගෙනියන පොත්ටික බැලුවෙමි.....ඇය මගේම පන්තියේ හින්ද හොදට ගියා නැත්නම් මොනවද කල පාඩම් කියල කොහොමද හොයා ගන්නෙ....සියලු පොත් ටික තෝරා ගත් මම ඇය පාසැල් ගෙනියන පොත් බෑගයට ඇසුරන්ට සූදානම්ව බෑගය පරීක්ෂා කලෙමි.....එය තුල ලේන්සු කොන්ඩ කටු කොන්ඩෙ බදින රිබන් පටි...ආදිය තිබුනු අතර තවත් පාර්සලයක් අසුවිය.....එය හොදින් ඔතා තිබුනු බැවින් දිග හැරියෙමි.....මේ මොනවද මම ඒ දෙස බලාගෙන කල්පනා කලෙමි. ඒවා හොදින් පරීක්ෂා කල මා නැවත ඔතා මේසය උඩින් තබා බෑගයට පොත් ටික ඇසුරුවෙමි.....ඒ අතර ඉමල්කා ලියන ලද සටහන් පොතක් බැලුවෙමි......ඉමල්කගෙ අකුරුත් ලස්සනයිනෙ ..ඇයගේ අත් අකුරු දෙස බැලූ මට හිමින් කියවුනි....මගේ අකුරු වලට වඩා ඉතාමත්ම ලස්සනට ලියන ලද ඒ අත් අකුරු මට ලිවීමට නොහැකි බව සිතුනි. හිස් කොලයක් ගත් මා එම අත් අකුරු ලිවීමට උත්සාහ ගත්තෙමි.......

No comments: