(ඉමල්කා 14)....................... ................දහම් පාසැල ඇරුනු පසු මල්ලී ඉක්මනින් වාහනයේ පසුපසට නැග..අද අක්කත් ඇවිත් ඉන්නෙ ..කීවේය....දහම් පාසැලෙන් එලියට එන ගැහැනු ලමුන් දෙස බැලූ මම . මටත් මේවගේ ලමා සාරියක් ඇදගෙන දහම් පාසැල් යන්න ඇත්නම් යන හැගීම ඇතිවිය. මටත් දහම් පාසැල් යන්න ආශයි මල්ලි....මම කීවෙමි.....ඔයාමනෙ කිව්වෙ යන්න බෑ කියල ..අව්රුදු කීයද ගියේ....අපි කොයිතරම් මහන්සිවුනාද දුවව දහම් පාසැල්යවන්න ඒත් බැරි උනානෙ......දැන් මට තේරෙනව තාත්තෙ මම කරගත්තෙ ලොකු වැරැද්දක් කියල....මම කීවෙමි...අනේ අක්කත් එන්නකො එතකොට මටත් තනි නෑනෙ...මල්ලිද කියන්ට යිය. මම දහම් පාසැල් ගියේ අපේ නිවස අසල පන්සලටය . මා මියගියපසු මට ඒ දහම් පාසැල අහිමිවී ඇතිබව දනිමි.....ඒ වෙනුවට මෙම පාසැලට එන්න පුලුවන්නම් හොදයයි මට තේරුනි.....දුව ආයෙත් එන්න කැමතිනම් හාමුදුරුවන්ට කතා කරල දාල දෙන්නම්.....තාත්ත පැවසූ විට...මම කැමතියි තාත්තෙ කීවෙමි....එහෙනම් ලබන සුමානෙ ලෑස්තිවෙන්න...ඔහු පැවසුවේය.....අප නැවත ගෙදර යනවිට මා ඉගෙන ගත් දහම් පාසැලේ ශෝක බැනරයක් මා සිටි නිවස ඉදිරිපස සවිකර තිබෙනු දක්නට ලැබුනි......දැන් වෙන්න ඇති මේක ගහන්න ඇත්තෙ..මට සිතුනි........මගේ මිනීය ගේ ඇතුලෙ ඇති තාත්තල හවසට එහෙ ගියත් මම කොහොමද එහෙ ගිහින් මගේම මිනීය දිහා බලන්නෙ....මගේම අම්ම තාත්ත අයිය අඩන දිහා බලන්නෙ...නිවස අසලින් යනවිට බියක්ද ශෝකයක්ද ඇතිවුනි......අපි ගෙදර ගියපසු අම්මා බත් උයා කෑමට සූදානම් කර තිබුනි......මල්ලි කෑම කමුද.....මම කන්නෙ නාගෙන ඉවරවෙලා...මල්ලි කියනු ඇසුනි....එහෙනම් මාත් නාගෙන එන්නම්...පැවසූ මම නාගැනීමට කාමරයට ගියෙමි......ඉස්සරට සිරුරට වඩා මම මේ ගැහැනු සිරුරට ආශා කරන බැවින් එය හොදින් පිරිසිදුකර ලස්සන කර තබා ගත යුතුයයි ...නාන අතර තුර කල්පන්නා කලෙමි. කොහොමත් ගැහැනු ලමයෙක් උනාම ලස්සනට පිරිසිදුව ඉන්න ඕනැ....මට සිතුනි. ගැහැනු ලමයෙකුට රූමත් කමයි එයටම ඔබින හොද ගතිගුනයි තිබුනාම කොයිතරම් වටිනවද.....මට සිතුනි......නාගත් මා සායක් සහ බ්ලවුසයක් ඇදගෙන කුස්සිය දෙසට ගියෙමි......කෝ දැන් අක්කගෙ කොට කලිසන් කෑලිටික.....මගේ ඇදුම දුටු මල්ලී කීවේය.....මම මීට පස්ස ඒව අදින්නෙ නෑ.....ඔන්නම් මල්ලිට දෙන්නම් ..ඒව කලිසම් හින්ද අදින්න පුලුවන්නෙ....මම සිනාසෙමින් ඇසුවෙමි.....අපෝ මට ඕනෙ නෑ ඔය කෙල්ලො ඇදපු ඇදුම්......මල්ලී ගැහැනු කම පහත් කර කතා කරනු ඇසුනි.....කොල්ලො දන්නෙ නෑ මේ ගැහැනු කමේ සුදරත්වය මමත් හිතාගෙන හිටියෙ කෙල්ලො කියන්නෙ වැඩක් නැති ජැරා ජාතියක් කියල. මාවත් කෙල්ලෙක් උනාට පස්සෙ තමා දැනගත්තෙ ගැහැනු කමේ තියෙන වටිනා කම. ඒත් මම කොහොමද මේක කාටවත් පැහැදිලි කරල දෙන්නෙ.....සිතමින් මම මල්ලිත් සමග කුස්සියට ගියෙමි......ඒ වනවිටත් තාත්තා කෑම ගනිමින් සිටි අතර.....දුව මල්ලිත් එක්ක කෑම කන්න.....කීවේය.....මම මල්ලිට කෑම පිගාන බෙදා ඔහු දෙස බලා කවන්නද ඇසුවෙමි.....මල්ලී සිනාසෙමින් හා යනුවෙන් හිමින් පැවසුවේය.......මම මල්ලිට කවන්න සූදානම් වනවිට......දැන් අක්කයි මල්ලියි පිට් වගේ නේද.....තාත්තා ඇසුවේය.....ඔව් තාත්තෙ දැන් අපි දෙන්න යාලුයි.....මල්ලි පැවසූ විට ......අපේ දුවගෙ ඔලුවෙ හිටිය යකා දැන් පැනල ගිහින්නෙ...අම්මා කියනු ඇසුනි.....ඔය යකා ආපහු ආවෙ නැත්නම් හොදයි.....තාත්තා පැවසීය.....ඒක යකෙක් නෙවෙයි ඒ යක්ශ වේසයෙන් හිටියෙ ඉමල්කා කියන යක්ශනියෙක්....ඒ යක්ශනී දැන් කොහේ ගිහින්ද කියල දන්නෙ නෑ.....දැන් ඉන්නෙ මොදුරන්ග කියන දෙවියෙක් දැන් එයා දෙවියෙක් නෙවෙයි දේවතාවියෙක්.....මම මේ ගෙදරට දේවතාවියෙක් වෙන්නම් අම්මෙ තාත්තෙ මල්ලියෙ......ඒ වගේම කවද හරි මට පුලුවන් උන කාලෙක මගේ අම්ම තාත්තටයි අයියටයි ඉස්ට දේවතාවියෙක් වෙන්නම්........මෙසේ හිතමින් මල්ලිට බත් කට කට කැවුවෙමි.....ඔහු මගේ අතින් කවාගන්න කැමතිබව දැනගත් තේ අද උදේය.....දැන් ඉතින් මට හැමදාම මල්ලිට කවන්න වෙයිද දන්නෙ නෑ.....මේ හුරතල් මල්ලිට හැමදාම කෑම කැවුවත් මොකද ..මට සිතුනි.......දුව කවන කොට මල්ලි හොදට බත් කනවනෙ...අම්මා කියනු ඇසුනි......ආදරෙත් එක්ක මිශ්‍ර කරල කවන කොට රස ඇතිනෙ අම්මෙ..... මම කීවෙමි.......එතකොට අම්ම කවනකොට ආදරේ මිස්රවෙන්නෙ නැද්ද......අම්ම සමහර වෙලාවට මට සැරකරනවනෙ......මල්ලී පැවසීය. එතකොට අක්ක සැරකරන ඒව......දැන් අක්ක එහෙම නෑ මට ආදරෙයි......මල්ලී මෙසේ කියන විට මට ඔහුගැන දැඩි සෙනෙහසක් ඇතිවිය.
No comments:
Post a Comment