Wednesday, September 7, 2016


(ඉමල්කා 21)......................................... බන අවසන් වී අපි ගෙදර යන්න සූදානම් වනවිට මගේ අම්මට තාත්තට දන නමා වදින විට ඉමල්කගේ අම්මා මදෙස පුදුමයෙන් බලා සිටින අයුරු දුටුවෙමි....මගේ මල්ලීද මාව අනුගමනය කරමින් ඔවුනට වදින්ට විය.....මම අද ගියාට මම ඔයාලව අමතක කරන්නෙ නෑ හැමදාම ඔයාල මගෙ ඒ හින්ද පුලුවන් හැම වෙලාවෙම මම ඔයාල බලන්න එනව මම ඔයාලට සලකනව.....සිතූ මම දුකෙන් එමගෙදරින් එලියට ගියෙමි....
ඉමල්කා වසයෙන් දිනෙන් දින මගේ ජීවිතය ඉතාසතුටින් ගෙවීයන්ට විය...අපේ ගෙදර සැවෝම සතුටින් සිටින බව දුටු මට මා මේ නිවසට පමිනි පසු මගෙන් ඉටුවූ සේවය ගැන මා කල්පනා කලෙමි.අම්මාද තාත්තාද මට ඉතාමත්ම හොදින් සලකන බව වැටහුනි. මට අවශ්‍ය කුමක් උවත් මා ඔව්න්ට පැවසූ විට ඔව්න් ඉතුකර දෙන බව මට පැහැදිලි විය....එහෙත් මා ඒවා යොදා ගත්තේ යහපතට මිස අයහපතට නොව.....සෙවුනි ඇතුලු පන්තියේ යෙහෙලියන් සැවෝම මා සමග හිතවත් විය එහෙත් ඉමල්කාගේ ඇසුර නිසා නරක පැත්තට ඇදීගිය ඇගේ යෙහෙලියන් දෙදෙනා ගේ ගතිගුන වෙනස් කිරීමට තරමක් අපහසුවිය.....ඉමල්කා නොමැති ඔව්න් දෙදෙනා පන්තියේ තනිවූ බවක් දැක ගැනීමට ලැබුනි. සෙවුනිට දැන් කිසිවෙකුගේ භාදාවල් ඇතිවුනේ නැත. කවුරු හෝ සෙවුනිට විරුද්ධව කතා කලොත් මා එයට මැදිහත් වී ඇයව බේරා ගත්තෙමි.නයා මුගටියා වෙන් සිටි ඉමල්කාත් සෙවුනිත් කිරි පැනි ලෙස ගජ යෙහෙලියන් ලෙස සිටීම කාගෙත් විමතියට කරුනක් විය....පන්තියේ දක්ෂම සිස්සයාවූ මදුරන්ගගේ තිබුනු ඒ දක්ෂකම මා තුලින් මතුවන්ට විය.මගේ දක්ෂකම් ඇගයූ ගුරුවරුන් මට ප්‍රසංසා කරන්ට විය.....ඉමල්ක දැන් ගොඩක් හොදයිනෙ අපි හිතුවෙ මදුරන්ග නැතිවුනාට පස්සෙ මේ පන්තියට දක්ෂ දරුවෙක් නැතිවෙයි කියල දැන් බලන කොට ඔය දරුව මදුරන්ගටත් වඩා හොදයි වගේනෙ පේන්නෙ......ගුරුවරු මට පවසන්ටවිය...එහෙත් ඔව්න් මා තවමත් ඒ මදුරංගම බව කිසිවෙක් හදුනන්නේ නැත....එදා සිටි මදුරංගට වඩා දැන් සිටින ඉමල්කා හොද බව මටද වැටහී ගොස් තිබුනි.එදාට වදා මට දැන් හොදින් පාඩම් හිටින බව වැටහුනු අතර ගනිතය විෂය තරමක් පසුබෑමකට ලක්වී ඇතිබව තේරුනි.....ඉස්සර ඉක්මනින් ගනිත ගැටලු විසදන මට දැන් එයට තරමක කාල්යක් ගතවෙන බව තේරුනි......මට දැන් ලස්සනට අකුරු ලියන්නත් පුලුවන් එදාට වඩා හොදට පාඩම් කරන්නත් පුලුවන් ඕනැ දෙයක් හොදට මතක හිටිනව ඒත් ගනන් හදන කොට තමා පොඩ්ඩක් ප්‍රශ්නෙ .....මම නිතර කල්පනා කලෙමි.....කෙල්ලෙක් උනාම ගනන් හදන්න අමරුද දන්නෙ නෑ..මට පේන්නෙ කොල්ලො තමා ගනන් වලට දක්ෂ ...මට සිතුනි.......මේ අතර මට තවත් වෙනස් කමක් වී ඇති බව තේරුනි.ඉස්සර ගෙදර පාඩම් කරනවිට ටී වී බැලීම භාධාවක් විය.එහෙත් දැන් ටී වී බලන ගමන්ම පාඩම් කිරීමට හැකි බව තේරුනි......කෙල්ලෙක් උනාම වැඩ දෙක තුනක් එක සැරේ කරන්න පුලුවන් වගේ ....මගේ හැසිරීම් රටා වලින් තේරුම් ගත්තෙමි.....මා ගැහැනු ලමයෙකු වසයෙන් මට ලැබුනු පිරිමිකල මට නොතිබුනු එම අපූරු හැකියාවට මා බෙහෙවින් ඇලුම් කලෙමි.....
සාමාන්‍යය පෙල විභාගය නිසා මට අමතර පන්තිවල අව්ස්ය තාවය පැන නැගුනි....දුව ඔය පන්ති වලට යන්න ඕනෙ නෑ....ගෙදරට ගුරුවරු එක්ක ඇවිත් උගන්නන්නම්....තාත්තා කීවේය. තාත්තා නිසා මට පන්තිවලට යෑමට අව්සය තාවයක් පැන නොනැගුනි....සෙවුනිත් අපේ ගෙදර පන්තිවලට සහභාගීවීම මගේ සතුටට හේතුවිය.....සෙවුනිගේ වියද සෙවුනිගේ වියදම්ද අපි විසින් දැරීම නිසා ඇයටද පහසුවක් විය......දුවේ ඔය ගැවුමෙ ලේ ගැවිලා නේද උදෑසන නැගිට්ට මට අම්මා පැවසුවාය......ඒ මක්වෙලාද..... පැවසූමම...... බියට පත්වූ මම ගවුම් සායේ පිටුපස බැලුවෙමි. මොකුත් වෙලානෑ මෙන්සන්ස් වෙලා ගිහින් හෝදගෙන පෑඩ් එක තියාගන්න......අම්මා කියනු ඇසුනි......මම ඉක්මනින් බාත්රූම් එකට ගොස් ඇදුම ගැලවුවෙමි.....කකුල් වලත් ලේ ගැවිලා.....මේක තමා ගැහැනු ලමයින්ට වෙන්නෙ ...මෙන්සස් කියන වචනෙ අහල තිබුනට තේරුම දැනගෙන හිටියෙ නෑනෙ.....මම කල්පනා කලෙමි.මෙහෙම ලේ යනහින්ද තමා අර පෑඩ් කියන ඒව තියාගන්නෙ.....සෝදාගත් මම පොත් බෑගයේ තිබුනු පෑඩ්වල පුලුන්වලට ලේ උරාගැනීමට හැකිවනසේ තබා පැන්ටිය ඇද ගත්තෙමි.....ගැහැනු ලමයි මේ විදියට වෙන්න ඇති තියාගන්නෙ....මට සිතුනි....සියල්ල අව්සන් කල මම නැවත කුස්සිය ඩෙසට ගියෙමි....ඕක වෙන දිනේ මතක තියා ගන්නවනම් අව්ලක් වෙන්නෙ නෑනෙ.....දවස් විසිඅට මතක තියාගන්න....අම්මා මට කී අතර ඊව පැකැට් තියනවද ඇසුවාය.....දන්නෙ නෑ අම්මෙ මම කීවෙමි. ..නැත්නම් ගේන්න ඕනැනෙ.....ඔය දෙක මොනව කරන්නද දව්සකට කීයක් මාරුකරන්න ඕනැද? එකක් පැය හතර පහකට වැඩිය තියාගන්න එපා මාරුකරන්න......අම්මා මට මෙසේ උපදෙස් දෙන විට මා නොදත් කාරනා කීපයක් දැන ගැනීමට ලැබුනි......කොල්ලො දන්නෙ නැති කෙල්ලො විතරක් දන්න රහස් තව කොච්චර ඇත්ද?...මාවත් කෙල්ලෙක් උනාට පස්සෙ තමා ඒව දැනගන්න පුලුවන්වුනේ......මම කල්පනා කලෙමි......

No comments: