(බොක්සින් සමාදි 10)......................................අපි ආපසු යනවිට සමාදි හිසට තොප්පිය දැම්මේ නැත. ඇගේ හිසකෙස් කෙටිවුවද ඒවා පිලිවෙලට කපා ඇතිබැවින් අම්මා ඇයට තොප්පිය දමාගෙන යන්න යනුවෙන් බල නොකලාය. දැන් අපි දෙදෙනාම එක සමාන බැවින් බොහෝ දෙනෙක් අපි දෙදෙනා දෙස ඕනෑකමින් බලනු දුටුවෙමි.....එක වගේම කොල්ලො දෙන්නෙක්.. නිවුන්නු වෙන්න ඇති.....ඔවුන් එසේ සිතන බව මට වැටහුනි. කොල්ලෙක් ලෙස හැසිරීමට ලැබීම නිසා සමාදි ඉතා සතුටින් ගමන් කරන බව මා දුටුවෙමි. මේ අතර අම්මටද ඇගේ ජන්ම පුරුද්ද මතුවිය. ගැහැණුන්ගේ ජන්ම ගතිය වූ රෙදි කඩයක් දුටු විට එයට නිකමට හෝ ගොඩවීම ගැහැනියෙක් වූ අම්මාටද සාධාරණ විය. අම්මා අපිත් සමග විසාල රෙදි සාප්පුවකට ගොඩවිය. ඇය කෙලින්ම ගියේ කාන්තා ඇදුම් තිබෙන පැත්තටය. සමාදිට හරියන ලස්සන ඇදුම් එම ස්ථානයේ තිබුනත් සමාදි ඒවා දෙස නිකමටවත් නොබලන බව මා දුටුවෙමි.... අපිට වාගෙ නෙවෙයි කෙල්ලන්ට කොයිතරම් ලස්සන ඇදුම් තියෙනවද සමාදිට ඒව අදින්න වාසනාව නෑනෙ.....ඇය කෙල්ලෙක් මෙන් ලස්සන ගවුම් ඇඩගෙන නොසිටීම ගැන මගේ සිතට දුකක් ඇතිවිය. ටික වේලාවක් ඇයට සුදුසු ඇදුම් අත ගාමින් සිටි අම්මා. හිස් අතින්ම සමාදිගේ ප්‍රමානයේ ඇදුම් පරීක්ෂා කිරීමට පටන් ගත්තාය...... සම්මාදි මේක ඔයාට හරිද බලන්න......ගවුමක් අතට ගත් අම්මා සමාදිට කතාකරනු දුටුවෙමි.....සමාදි ලැජ්ජාවෙන් මෙන් ඇබරෙමින්....මම ගවුන් අදින්නෙ නෑනෙ අම්මෙ....කීවාය. එය අසාසිටි සාප්පුවේ වැඩකරන අක්ක කෙනෙක්....අම්මට විකාර නේද මල්ලි කොල්ලො ගවුන් අදින්නෙ නෑනෙ නේද......සමාදිට සෙමින් කියනු ඇසුනි.....සමාදිද...ඒක තමයි අම්මගෙ විකාර....කියා ඇගේ කීම අනුමත කරමින්....ඇය දෙස බලා සිනාසුනාය.....ඒ අක්කා සමාදි ඇත්තටම කොල්ලෙක් යනුවෙන් සිතා සිටි බව මා තේරුම් ගත්තෙමි.......අම්මා සමාදිට ගැලපෙනවා යනුවෙන් සිතුනු ඇදුමක් අතට ගෙන හැඩ බලා අතේ තබා ගත්තාය.....සමාදි කැමති නැති වුවද බලෙන් හෝ ඇන්දීමට එය මිලදී ගැනීමට සූදානම් වන බව මට වැටහුනි. ඉන් අනතුරුව අපි ගියේ පිරිමි අයගේ ඇදුම් තිබෙන පැත්තටය.......සමාදි ඉතා ඕනෑ කමින් එහිතිබුනු ඇදුම් පරීක්ෂා කරන්ට වූවාය.....කලිසම් ගෙන ඇගේ ඉනට තබමින් බැලුවාය. පිරිමි ලමයෙකු වූ මටද එම ඇදුම් කෙරෙහි එතරම් උනන්දුවක් නොමැති වුවද. පිරිමි ඇදුම් වලට ඇයට තිබුනු උනන්දුව ඉතාමත් ඉහල විය....මේ සමාදි ඔයා පැත්තකට වෙන්න. මේව බලන්නෙ ජනිත්ට මිසක් ඔයාට නෙවෙයි.....අනේ අම්මේ මටත් අරන් දෙන්නකෝ....ඇය නහයෙන් අඩන්ට වූවාය....අඩන්න එපා මල්ලි දෙන්නම එකවගේ හින්ද කොයිකත් අදින්න පුලුවන්. එතන සිටි අයියා කෙනෙක් පැවසුවේය......මේ හැම කෙනෙකුටම සමාදිව පේන්නෙ කොල්ලෙක් වගේ සමාදි ඇත්තටම කොල්ලෙක්ද?.....මටද ඇය කොල්ලෙක් ද කෙල්ලෙක්ද යන සැකය ඇතිවිය.......මට කතාකල අම්මා කලිසමක් දී එය ඇද බලන ලෙස දැන්වීය. එය ඇදිමට ඇදුම් අදින කාමරයට යනවිට සමාදිද මා පිටුපසින් පැමින කාමරයට රින්ගුවාය......කෝ මෙහාට දෙනව ඕක...ඇය මගෙන් කලිසම උදුර ගත්තාය.....මේක ඔයාට නෙවෙයි මටයි අරන් දුන්නෙ....පැවසූ මා කලිසම ගැනීමට උත්සාහ කලත් ඇය එය නොදී ඇදීමට පටන් ගත්තාය.......මේ ඔයා ඇදගෙන ඉන්න සර්ට් එක මගෙ එකට වඩා වෙනස් හින්ද්යි අම්ම මම සමාදි කියල අදුන ගන්නෙ අපි සර්ට් දෙක මාරු කරගම්මු එතකොට එයා හිතයි මමයි ජනිත් කියල. එතකොට මට මේ ඇදුම් අරන් දෙයි.....මා ඇගේ යෝජනාවට අකමැති වුනද ඇගේ බලකිරීම මත එසේ කිරීමට සිදුවිය. ඇය අම්මා තෝරා දුන් කලිසම ඇදගෙන මගේ කමිසයද ඇද ගත්තාය....මා ඇය අදගෙන සිටි කමිසය ඇදගෙන එලියට ගියෙමි.....හරි වගේ නේද....අම්මා සමාදි ඇදසිටි කලිසම දෙස බලා පැවසුවාය.....ඇය විශාල නිදානයක් ලැබුනා මෙන් නැවත කාමරයට ගොස් ඇදුම මාරු කරගෙන අලුත් කලිසම අම්මාට දුන්නාය......කොහොම හරි අම්මත් රැවටිනා නේද...සමාදි මා අසලට පැමින පැවසුවාය.....රැවටුනා නෙවෙයි .....මේක දැනගත්තොත් මටත් එක්ක තමයි ගුටිකන්න වෙන්නෙ. ....මම කීවෙමි.සමාදිට තෝරා ගත් ගවුමත් මා වෙනුවෙන් තෝරාගත් කලිසමත් රැගෙන අම්මා මුදල් ගෙවන ස්තානයට ගියත් අම්මා වැඩි වෙලාවක් ගත කල අම්මලාගේ ඇදුමක් නොගැනීම ගැන මා පුදුමයට පත් විය......ඇයි අම්මෙ අම්මට මොකුත් ගත්තෙ නැත්තෙ......මම ඇසුවෙමි.....එතැන හරි ඒව නෑ .....ඇය කිව්වාය......හරි ඒව නැද්ද අපිට ඇදුම් ගත්තට පස්සෙ සල්ලි ඉවර වුනාද...ගැටලුවක් ඇතිවූ මට ඇය කෙරෙහි දුකක් ඇතිවිය.....
පොඩි දුරයිනෙ පයින් යමු..... අම්මා යෝජනා කල නිසා අපි පයින් ගමන පටන් ගත්ත්මු. සමාදී වෙනදවගේ පාරපුරා දගලන්නෙ නැතුව යන්න. පාරෙ වාහන එනව....ඇය සමාදී යයි සිතාගෙන මට පැවසූබව වැටහුනි.....මා සාමාන්‍යයෙන් දග නොකරන චරිතයක් බැවින් එම අවවාදය මට අදාල නොවුනි......මේ වැඩිය දගලන්නෙ නැතුව යන්න ....නැත්නම් අම්මට අහුවෙයි. අපි දෙන්නගෙ මේ හොර වැඩේ......මම සමාදිට හිමින් පැවසුවෙමි.....හරි හරි මම යන්නම්......එහෙත් ඇගේ සිරුර පාර පුරා දැගලීමට නලියන බව මා දුටුවෙ
No comments:
Post a Comment