Thursday, September 1, 2016


(ඉමල්කා 6).....................................මට මෙසේ ඇයට කීමට සිතුනත් මෙසේ පවසූවිට මට පිස්සු හැදී අත්දැයි ඇය නොසිතයිද?.....මම ගවුම ඇදගෙන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලා සිටියෙමි...සුලුවෙලාවක් ගතවිය....මැදිවයසේ පෙනුම ඇති කාන්තාවක් සිනාසෙමින් මාදෙසට පැමින.....කෝ දුවේ අම්මා...ඇසුවාය....එයා පොඩි වැඩක් ඇන්ටි මම ගිහින් කතාකරන්නද....මම ඇසුවෙමි. නෑ නෑ ඕනෙනෑ බලන්නකො දුවේ සුරේනිගෙ පොඩිපුතා මදුරංග ඊයෙ රෑනැතිවෙලාලුනෙනෙ.ඔයාලටත් ආරන්චිවෙන්න ඇතිනෙ.මම හිස වනා ආරන්චි වූවග හැගෙවුවෙමි...හරිම අහින්සක කොල්ල..ඉගෙනගන්නත් දක්ශයිලුනෙ....දුවගෙ ස්කෝලෙට නේද යන්නෙ......මම නැවත හිසවනා ඔව් යනුවෙන් ඉගිකලෙමි.....මම මේ මලගෙදර යනගමන් දුවේ ඒත් තවම මිනීය ගෙනත් නැතුව ඇති. ඔයාල ගියෙ නැද්ද....මගෙන් ඇසුවාය....හවස්වෙලා යනව ඇන්ටි...මම පිලිතුරු දුන්නෙමි...මම යන්නම් පැවසූ ඇය අපේ ගෙදර දෙසට පිය නැගුවාය.එම ඇන්ටි මදුරන්ග ගැන කල ගුන කතනය මගේ දෙසවන්වල රැව්දෙන්න විය. ඒ මිය ගිය මදුරන්ග මේ යුවතියගේ සිරුර තුල තවමත් ජීවතුන් අතර සිටින බව මා කෙසේ කාට පැවසිය හැකිද?......
මාපාර දෙස බලනවිට මල්ලී බයිසිකලය පැදගෙන මාදෙසට පැමිනෙන අයුරු දක්නට ලැබුනි. ඔහු මා අසලට පැමින අක්කත් රවුමක් යනවද....ඇසූ ඔහු සයිකලය මාදෙසට දිගුකලේය. රවුමක් යන්න තමා අන්න අම්මට හොදටම කේන්තිගිහිල්ල.දැන් ගුටිතමා කන්න වෙන්නෙ....පැවසූ මම නිවස දෙසට ගමන්කලෙමි...මට තමා මේ ඔක්කොම නීති අක්කට ඕනැතරම් බයිසිකලේ අරගෙන රවුම් යන්න පුලුවන්...අමනාපයෙන් පැවසූ ඔහු කෝ අදවෙනද වගේ ඇගට හිරවෙන්න අදින චූටි කොට කලිසම ඒව අම්මට පේනෙ නැද්ද?...කියමින් බයිසිකලය තල්ලු කරගෙන මා පසුපස පැමිනෙන්ට විය.මා කිසිවක් නොකියා ගේ ඇතුලට ගියෙමි.
මල්ලී සයිකලය තබා ගේ ඇතුලට පැමිනි බව දුටු මම ඔහු අසලට ගොස්...බලන්න මල්ලිට දාඩියත් දාලනෙ. ගිහින් නාගෙන කෑම කන්න එන්න...මම මෙසේ පැවසූවිට ඔහු ටිකවෙලාවක් මා දෙස බලා සිටිනබව දුටුවෙමි.....ඇයි ඔය විදියට පුදුමවෙලා වගේ බලන්නෙ...මම ඇසුවෙමි.....නෑ මම මේ බැලුවෙ වෙනද හිටිය අක්කමද කියල....ඇයි මොකුත් අමුත්තක් තියෙනවද.....මම ඇසුවෙමි. වෙනද අක්ක සැරයිනෙ මොකුත් කතා කරන්න බෑ ඇගට කඩා පනිනව .අද හා පැටියෙක් වගේ වෙලානෙ....ඒව වැඩක් නෑ ඉක්මනට නාගෙන කෑම කන්න එන්න...පැවසූමම කාමරය දෙසට ගියෙමි.දැන් ගෙදර අයට මගේ වෙනස තේරෙන්න පටන්ගැනීම නිසා හිතට යම් බියක් දැනෙන්ට විය. එහෙත් නරක ගති ඇති කෙනෙක් හොද වඩ කිරීමට පටන්ගත්විට එය ගැටලුවක් විය නොහැක...මම හිත සැහැල්ලු කරගෙන කැඩපත ඉදිරියට ගොස් නැවත ඉමල්කගේ රූමත් සිරුරෙහි හැඩ බලන්න වුනෙමි.
මල්ලී නාගෙන අවසන් බව තේරුන බැවින් මා කාමරයෙන් පිටට ගොස් මල්ලිට කෑමට කතා කරමින් කුස්සිය දෙසට ගියෙමි.අම්මා අපිට කෑම බෙදමින්....ආ දෙන්නම ආවද....ඇසූ අම්මා...මල්ලී දෙස බලා කොහේද ලමයො ගියේ මම කීදවසක් කියල තියෙනවද මහ පාරෙ බයිසිකලේ පදින්න එපා කියල.කොහේද කියන දෙයක් අහනවද?.....ඇය මල්ලිට බනින්ට වූවාය..අනේ මල්ලිට බනින්න එපා අම්මෙ වැරැද්ද මගේ අතේ මම මීට පස්සෙ ඒවගේ වැරදි කරන්නෙ නෑ...මම හිමින් කීවිට අම්මා මාදෙස බලා සිනාසෙනු දුටුවෙමි.....එතකොට අක්ක මටත් ගහන්නෙ බනින්නෙ නෑ නේද. මාත් එක්ක රන්ඩුවෙන්නෙ නෑ නේද.....මල්ලී බත්කමින් කියනු ඇසුනි.....අනේ නෑ මල්ලියෙ මම මේටපස්සෙ කවදාවත් මල්ලිත් එක්ක රන්ඩුවෙන්නෙ නෑ...ඒත් වැරැද්දක් කලොත් ලොකු ටොක්කක් හම්බවෙයි....මම මල්ලි අසලට ගොස් මලිගෙ හිස අතගාමින් පැවසුවෙමි. අපි කෑමගෙන අව්සන් වූපසු මම කුස්සිය අස්කිරීමට සැරසුනෙමි....මා අස්ලට පැමිනි අම්මා ඔන්න ඔහොම තමයි හොද ගැහැනුලමයි ඉන්න ඕනැ....ඇය මගේ හිස අතගාමින් පැවසුවය....මා වැඩ ඉවරකර කාමරට ගියෙමි....සුලුවෙලාවකින් කාමරයට පැමි අම්මා ...මට දුවත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනැ කියමින් ඇදේ වාඩිවූවාය....අම්ම මොකක් ගැනද දන්නෙ නෑ කියන්න හදන්නෙ....මට බයක් දැනුනි......

No comments: