(ඉමල්කා 15)....................... ...............අපි කෑමගෙන අවසන්වූ පසු කුස්සිය අස්කිරීමට අම්මාට උදවුකර යනවිට මල්ලී පෙනෙන්ට සිටියේ නැති බැවින් ඔහුගේ කාමරය දෙස බැලුවෙමි..... කෑවගමන් නිදි නේද....මල්ලී ඇදේ නිදා සිටිනු දුටු මම කීවෙමි. ඉතින් අක්කත් මේ වෙලාවට නිදාගන්නෙ.....මල්ලී කීවේය..ඒ ඉස්සර අක්කනෙ දැන් අක්ක එහෙම නෑ.....මම පැවසූවිට....එතකොට ඉස්සර හිටිය අක්ක නෙවෙයිද මේ ඉන්නෙ....ඒවගෙ වෙන කෙනෙක්ද?......මගේ වෙනස හදුනා ගනීද යන බියක් දැනුනු නිසා......එයා තමයි ඒත් මම කිව්වනෙ එයා දැන් ඉස්සර වගේ නෙවෙයි කියල.......මම කීවෙමි.මා කියන එක ඇසූ මල්ලී ඇදෙන් නැගිට.....පොඩ්ඩක් නිදා ගන්න කියල හැදුවෙ ....අක්ක මට දැන් ගහන්නෙ බනින්නෙ නැති වුනාට මට දැන් නීති දානවනෙ....මල්ලී අමනාපයෙන් කියනු ඇසුනි.....ඉස්සර ගැහුවෙ බැන්නෙ මල්ලිත් එක්ක තිබුන තරහට දැන් නිති දාන්නෙ මල්ලිට තියෙන ආදරේට.....අපෝ මට ඔය නිති එපා....මල්ලී කියනවිට.....එහෙනම් ආයෙත් ගහන්නද බනින්නද......අපෝ එපා මම අක්ක කියන ඒව කරන්නම්.....මල්ලී නැගිට එලියට ගොස් ටී වී එක දමා කාටුන් බලන්ට විය.....මෙහෙ ටී වී එකට චන්ද්රිකා තාක්සනය වොදා තිබුනු බැවින් ඕනෑම චැනල් එකක් නැරබීමට පහසුකම් තිබුනි.....අපේ ගෙදර මෙවැන්නක් නොතිබුනු බැවින් ඒ ගැන කිසිවක් මා දැන සිටියේ නැත....එහෙත් ඉමල්කාට මෙම ටීවී එක ක්රියාත්මක කිරීමට දැන සිටින්න ඇතිබව සිතුනෙමි. දැන් ඒවා ගැන මා නොදන්නා බව මේයාලා තේරුම් ගත්තොත් මට කුමක් වී ඇද්දැයි සැක කිරීමට පුලුවන......මේ නිසා මෙය ක්රියාත්මක කිරීම මල්ලීට බාරදී ඔහුට හොරෙන් ඔහුගෙන් ඉගෙන ගැනීමට කල්පනා කලෙමි....ටික වෙලාවකට පසු අම්මලා මලගෙදර යෑමට සූදානම් වන බව දුටු මම අම්මා සාරිය අදින කාමරයට ගියෙමි.....ඇය සාරිය අදින ආකාරය බලා සිටි මටත් සාරියක් ඇදීමට ආශාවක් ඇතිවිය...මේ නිසා මම ඇය සාරිය අදින පිලිවෙල බලා සිටියෙමි.....මොකද මා දිහා බලා ඉන්නෙ.....අම්ම සාරියට හරි හැඩයි අම්මෙ....මම කීවෙමි.......දැන්ද අපේ හැඩ පේන්නෙ ගත්තෙ.....අම්මා කීවාය......ඉමල්කා කවදාවත් අම්මට තාත්තට මල්ලිට සැනසිලි දායක වචනෙකින් කතා කර නැති බව මට තේරුනි.....දුව ඔය තරම් බයවෙලා ඉන්න එක හරි නෑනේද ඒ ලමය දුවගෙ පන්තියෙ ලමයෙක්නෙ . ඉතින් නොගිහින් ඉන්න එක හරි නෑ නේද.....යමු දුව ඔයා බයනම් මම අදත් රෑට ඔයා ගව නිදාගන්නම්...අම්මා පවසන්ට වූවාය.....අනේ බෑ අම්මේ.....මට දුකයි බයයි දෙකම තියෙනව.....හරි හරි එහෙනම් අදත් අපි ගිහින් එනකල් මල්ලිත් එක්ක දොරවහගෙන ඉන්න.......කීවාය. අම්මලා මල ගෙදර ගියාට පස්සෙ මමත් මල්ලිත් ටීවී එක අසල සිටියෙමි......මල්ලී කාටූන් බැලීමට බෙහෙවින් ප්‍රියකලත් මම එතරම් ප්‍රිය නොකලෙමි....මා ඉමල්කා ලියන ලද සටහන් පොතක් ගෙන කියවීමට පටන් ගත්තෙමි.......ඇයගේ ලස්සන අකුරු නිශා එම සටහන් කැමැත්තෙන් කියවීමට හැකිවිය....දැන් ඇත්ත ඉමල්කට වගේ මේ අකුරුවලින් ලියන්න පුලුවන් මට සතුටක් ඇතිවිය......ඉමල්කාගේ නරක ගති විතරක් නැතිවී ඇය සතු සියලු හොද දේවල් මා සතුවීම මගේ වාසනාවක් විය....අම්ම තාත්ත එන්න පරක්කු වෙන බව දැනුනු මම.....මල්ලි කාටුන් බැලුව දැන් ඇති නේද ස්කෝලෙ වැඩ කරන්නෙ නැද්ද ඇසුවෙමි.......අනේ මන්ද දැන් අක්ක වෙනස් වෙලා මට නිතරම නීති දානවනේ....හරි මම ඔයාට නීති දන එක නවත්තලා ඉස්සර වගේ ඔයාට අල්ලගෙන තඩිබාන්නම්....මම කීවෙමි.......අම්මෝ එපා මම කාටුන් බැලිල්ල නවත්තන්නක් කී ඔහු ටීවී එක නිවා දැම්මේය......ඉමල්කා ඔහුට ගහනවට කෙතරම් බයද යන්න මට පැහැදිලිවිය.......දැන් මාලග තියෙනව මල්ලි හිතුවක්කාර වුනොත් බය කරන්න ආයුදයක් .. ආයෙ ඉමල්කා වගේ නපුරු වෙනව කිව්වම හරි.....මල්ලීද මා මෙන් පාඩම් පොතක් ගෙන පාඩම් කිරීමට පටන් ගත්විට මා ඔහු අසලට ගොස් ඔහුගේ මුහුන සිපගෙන... මගේ හොද මල්ලි ඔහොම තමා ඉන්න ඕනැ......කීවෙමි. මගේ ආදරය නිසා ඔහු සතුටු වුනු බව දුටුවෙමි.....මල්ලිට හුගක්ම ඕනැ වෙලා තිබුනෙ ආදරේ......දැන් මට මෙයාට අක්ක කෙනෙක් හැටියට ඒ ආදරේ දෙන්න පුලුවන්...
ටික වෙලාවකින් අම්මා තාත්තා පැමිනෙනු දුටුවෙමි......ඔන්න දුවේ අපි දෙන්නට වැඩක් තියෙනව.....දුව ඉන්න හින්දයි මම මේ වැඩේ බාර ගත්තෙ......අම්මා පැවසුවාය.....මොකක්ද අම්මෙ....මම ඇසුවෙමි.
No comments:
Post a Comment