එදින උත්සවය සරුවට තිබුනි. ගෙදරට එන සෑම වැඩිහිටියෙකුට දන නමා වැද පිලිගැනීම සමාදිට පවරා තිබුනු වැඩක් විය. දවල් වන විට මගේ වයසේ යහලුවන් කිහිපදෙනෙක් පැමිනීම නිසා ඔවුන් සමග දුව පැන සෙල්ලම් කිරීම මිස වෙන දෙයකට හිත නොනැමුනි.......සවස් වනවිට තාත්තාගේ යහලුවන්ද පැමිනි බව දුටුවෙමි....තාත්තා ඔවුන්ට වෙනම පාටියක් සූදාම් කර තිබුනු බව මා දුටුවෙමි......මීට අවුරුද්දකට පමන පෙර සීයා මියගිය දිනවල දීද තාත්තා ඔවුන්ට මෙවැනිම පාටියක් සූදානම් කර තිබුනු බව මට මතක් විය......එදා තාත්තා ඔවුන් සමග මෙම බීම ජාති බිව්වේ සීයා මියගිය සොවින් අඩමින්ය.....අද එම බීම ජාතියම ඔවුන් සමග බොන්නේ මහා හඩින් සිනාසෙමින්ය......මේකනම් පුදුම බීම ජාතියක් අඩ අඩා බොන්නත් පුලුවන් හිනාවෙමින් බොන්නත් පුලුවන්......දුකටයි සතුටටයි බොන්න පුලුවන් එකම බීමජාතිය......මට සිතුනි....
උත්සවයට පසුදින ආච්චීත් අම්මත් සුදු පුන්චිත් සමාදිට දැඩිලෙස අවවාද කරන අයුරු මම අසා සිටියෙමි....දැන් ඔයා පොඩිලමයෙක් නෙවෙයි ඔයා ලමිස්සියෙක්. ගස්වල නගින්න තනියම එහෙමෙහෙ යන්න තහනම්.. පරිස්සමින් ඉන්න ඕනැ.....මේ මොන අවවාද දුන්නද ඇය ඒවා අසාගෙන සිටියේ ඉතා අමාරුවෙන් බව.....මාත් එක්කම හැදී වඩුනු නිසාදෝ මට තේරුනි.....එහෙත් ඇය ඒ සැම අවවාදයක්ම හොදින් අහගෙන ඒවා පිලිගන්නාක් මෙන් සිටීම අම්මාගේත් අනිත් අයගේත් සතුටක් විය.....මේ ජනිත් ඔයා දන්නවනෙ මට ඔය කියන ඒව කරන්න බෑ කියල....මොකද මට කියල නිදහසක් නැද්ද...ඔවුන් ගියපසු...ඇයට දුන් අවවාදවල ගුනාත්මක බාවය ඇය මට පවසන්ට වූවාය.
පසුදා සිට අපිට සුපුරුදු ජීවිතය ගෙනයෑමට හැකිවිය. සමාදි වෙනදට වඩා තරමක තැන්පත් බවක් ඇතිබව මට තේරුනි. එහෙත් එම තැන්පත් බව තව දින කීයක් තියාගනීද යන සැකය මා තුල ඇතිවිය.....මට කිහිප දවසක් සමාදිගෙන් අහන්න හිතාගෙන හිටියදේ අද අහන්න ඕනෑයයි හැගීමක් ඇතිවිය.....මේ සමාදි උඹට මොකක් වෙලාද බන් කමරේට වෙලා දවස් ගානක් හිටියෙ.....

No comments:
Post a Comment