මා ගවුම ගලවා යට ඇදුම් ඉවත් කලෙමි. බෙරෙසියරය ගැලවූවිට යම්කිසි පහසුවක් දැනුනේ මා මිට පෙර මෙවැනි හිර ඇදුම් ඇද පුරුදු නැති නිසා විය යුතුය. නිමල්කාගේ නයිට් ගවුම ඇදගත් මම නැවත කැඩපත ඉදිරියට ගොස් හැඩ බැලුවෙමි. මාව කෙල්ලෙක් උනාට පස්සෙ කීපාරක් කන්නාඩියෙන් මගේ හැඩ බැලුවද. මේ කෙල්ල දිහා මට ඕනැවෙලාවක් බලා ඉන්න පුලුවන්. ඒකෙල්ල දැන් මමනෙ...සිතූ මම මගේ පපු පෙදෙස අතගෑවෙමි. නිදා ගැනීම සදහා ඇදමත දිගාවුනු මට මදුරංග නමින් ජීවත් වී මියගිය මගේ මල සිරුර සිහිවූ අතර මට නැවත මෙම සිරුර අතහැර යෑමට සිදුවේයයි බයක්ද දැනෙන්ට විය. එය අමතක කිරීමට උත්සාහකලද නොහැකිවිය....මගේ මල සිරුරත් මාව මෙතැනින් අයින් වෙන ආකාරයත් දැනෙන්ට විය....මගේ බිය තව තවත් වැඩිවිය.....මට තනියම කාමරේ සිටීමටද නොහැකිවිය...බෙඩ් සීට් එකත් කොට්ටයත් ගත්ත මම ..අම්මා නිදා ගත් කාමරය දෙසට ගොස් එහි දොර වසා තිබුනු බැවින් හිමින් දොරට තට්ටු කරමින් ...අම්මේ...යනුවෙන් හඩ නැගුවෙමි. දුව නේද කතාකරන්නෙ ....කාමරය ඇතුලෙන් පිරිමි කටහඩක් යන්තමට ඇසුනි.එය තාත්තාගේ කට හඩ බව තේරුම් ගත්තෙමි.....ඇයි දුවේ .....දොර ඇරිය අම්මා ඇසුවාය....මට අද තියම නිදා ගන්න බයයි අම්මෙ පැවසූ මම කාමරය තුලට ඇතුල් වූනෙමි. දුව බයවෙලා...අම්මා තාත්තට කීවාය...ඇයි ඉමක මොකද වුනේ තාත්ත මට ඔහු ලගට අඩගසනු දුටු මම ඔහු අසලින් වාඩිවුනෙමි.අම්මාද මා අසලින් වාඩිවූවාය.තාත්තා මගේ හිස අතගාමින් මොකද අද බයවෙලා. ඔයා මෙච්චර කාලයක් කොල්ලෙක් වගේ යකෙකුටවත් බය නැතුව නේද හිටියෙ.....තාත්තා අසන්ට විය......ඒකතමා මාත් මේ බැලුවෙ....අම්මා කීවාය. මට අද තනියම කම්මරේ නිදාගන්න බයයි අම්මෙ මම මෙතැන නිදාගන්නම් ..මම බෙඩ් සීට් එක බිම එලන්න සූදානම් වනවිට එය වැලැක්වූ අම්මා...ඇගේ කොට්ටය අතට ගෙන....යමු මම ඔයත් එක්ක නිදාගන්නම් කීවාය.සුරේනි ඔයා ගිහින් දුවත් එක්ක නිදාගන්න.පවු කෙල්ල හොදටම බයවෙලා....කී තාත්තා ඇදෙහි දිගාවිය.එතකොට ඉමල්කගෙ අම්මගෙ නම සුරේනි මා නොදන්නා එම නම මතක තබා ගැනීමට උත්සාහගනිමින් අම්මත් සමග මගේ කාමරයට ගියෙමි.මා ඇදෙහි ඇලවුන අතර අම්මාද මා අසලින් ඇලවී මාව ඇයට තුරුලුකර ගත්තාය....ඇගේ ආදරනීය උනුසුම දැනුනු මට ඇතිවී තිබුනු බියජනක හැගීම් තරමක් දුරට අඩුවිය. මීට අවුරුදු ගනනාවකට පෙර මේ අයුරින්ම මා පිරිමි ලමයෙකු ලෙස මගේම අම්මට තුරුලුව නිදාගත් අයුරු සිහිවිය.එහෙත් අද මා ගැහැනු ලමයෙකු ලෙස ඉමල්කාගේ අම්මාගේ තුරුලේ නිදන්ටවුනෙමි....මගේ බිය ටිකෙන් ටික අඩුවිය...මා නොදැනුවත්වම මට නින්ද ගොස් තිබුනි. නැවත නින්දෙන් ඇහැරුනු මා මගේ සිරුර අතගාමින් මට වෙනසක් සිදුවී ඇත්දැයි බැලුවෙමි.ඇද සිටි නයිට් ගවුමත් එයට යටින් ඇති පියයුරු යුවලත් අතට අසුවූ බැවින් බිය අඩුවී නැවත නින්දට වැටුනෙමි.කාමරයට වැටුනු විදුලි ආලෝකය නිසා මට ඇහැරුනි.එහෙත් නින්දත් නොනින්දත් අතර සිටිමා...අම්මා මා අසලට පැමිනෙන අයුරුත් මගේ සිරුරෙන් ඉවතට ගොස් තිබුනු පොරවනය මට හොදින් පොරවා. මගේ මුහුන සෙමින් සිප විදුලි පහන නිවාදමා කාමරයෙන් පිටවෙන බව දුටුවෙමි.මා සුලු වෙලාවක් ඇදෙහි දිගාවී සිට.ඇදෙන් බැස විදුලි ආලෝකය දල්වා කන්නාඩිය අසලට ගොස් මගේ රුව නැරබුවෙමි.මාව වෙනසක් වී නැත මට තවමත් තිබුනේ ඉමල්කාගේ සුන්දර රුවම බව දැක ගැනීමට ලැබුනි.බාත් රූම් එකට ගිය මම ඩත් මැද මුහුන සෝදාගෙන . කුස්සිය දෙසට ගමන් කලෙමි. අම්මා කුස්සිය තුල පිටි වගයක් අනමින් සිටිනු දුටු මම....අම්මෙ මොකද කරන්නෙ අසමින් ඇය අසලට ගියෙමි.....ආ දුවත් ආවද මම හිතුවෙ වෙනද වගේ දහයට විතර නැගිටියි කියල...බොහොම හොදයි ඔන්න ඔහොම තමයි ගෑනුලමයෙක් උනාම හැදෙන්න ඕනැ....කිව්ව ඇය ....මම මේ ඉදිආප්ප ටිකක් තම්බන්න හැදුව..කියමින් පිටිවල පදම බැලුවාය. මීට පෙර මා මදුරංග වසයෙන් සිටිකල අපේ අම්මට ඉදිආප්ප මිරිකා දුන් බව සිහිවූ මම....අම්මෙ පිටිටික අනල දෙන්න මම මිරිකල දෙන්නම්.....කීවෙමි.මාදෙස උපහාසයෙන් මෙන් බැලූ ඇය..මිරිකයි මිරිකයි....කවද්ද ලමයො ඔයා ඕව කලේ මෙච්චර කල් කුස්සිය පැත්ත පලාතෙවත් ආවද. ඒ ඒ දවස්වලනෙ අම්මෙ පැවසූ මම ඉදිආප්ප වන්ගෙඩිය අතට ගෙන එයට පිටිපුරවා මිරිකීමට උත්සාහ ගත්තෙමි.එහෙත් එහි අඩුදෙක ඇල්ලීමට අත පලල මදිබව දේරුනු මම එය පසෙක තබා අල්ල දෙස බැලුවෙමි.....පලල්ව තිබුනු මගේ අල්ල දැන් සිහින් වී ඇගිලි දික්වී ඇතිබව දුටුවෙමි....
No comments:
Post a Comment