Wednesday, September 7, 2016

(ඉමල්කා 23)..............................................මගේ අලුත් පන්තියේදී යෙහෙලියන් කීහිප දෙනෙක් හදුනා ගැනීමට හැකිවිය.ඔවුන් ලංකාවේ නොයෙක් පෙදෙස්වලින් විය. පිරිමි පසැලක ඉගෙන ගැනීමට උරුමකී මට ගැහැනු පාසැලක ගැහැනුලමුන් අතර ගැහැනුලමයෙකුවී ඉගෙනීමට ලැබීම මගේ දෛවයෝපගත් සිද්ධියක් විය.....ටික දවසකින් මා පිරිමි ලමයෙකුව සිටියාදැයි යන්න අමතක වී ගිය බවක්ද දැනුනි.....මා කරන කියන හැම දෙයක්ම උප්පත්තියෙන්ම ගැහැනුලමයෙක් වී සිටි කෙනෙක්ට සමාන වී ඇත්දැයි සිතුනි.......අපි හොදින් ඉගෙනීමේ කටවුතුවල නිරත වෙමින් සිටින අතරතුර මගේ අයියා උසස් පෙල ඉහලින් සමත්වී ඇතිබව දැන ගැනීමට ලැබුනි.....මාත් අම්මත් ඔහුගේ ගෙදරට ගොස් ඔහුට සුබපැතුවෙමු.....ටික දිනකින් ඔහු කොළඹ වෛද්‍ය පීටයට ඇතුලත් වීමට වරම් ලැබී ඇතිබව ආරන්චිවිය.....මගේ අයිය දැන් අනාගතේ ඩොක්ට කෙනෙක්...මට සතුටක් ඇතිවිය. මාත් සෙවුනිත් මහන්සිවී පාඩම් කල බැවින් අපි දෙදෙනාටම උසස් පෙල සමත්වීමට හැකිවිය....අපිටද මගේ අයියා යන වෛද්‍ය විද්යාලය ටම ඇතුලත් වීමට ඉඩ ලැබුනි......අපි වෛද්‍ය විද්යාලයේ ඉගෙන ගන්නා අතර තුර පත් වීමක් ලැබුනු අයියා කුරුනෑගල රෝහලට ගියබව දැන ගැනීමට ලැබුනි......වෛද්ය විද්යාලයේ දී මගැන උනන්දුවෙන් පිරිමි ලමුන් කිහිපදෙනෙක් පසුවූවත් මා ඒ එකකටවත් කැමතිවුනේ නැත.....එහෙත් සෙවුනි සමග ලමයෙක් යහලුවිය.....ඔහු ගැන ආරන්චි කරනවිට ඔහු කුරුනැගල පලාතේ වතුපිටි ඉඩකඩම් තියෙන දනවත් ගෙදරක කෙනෙක් බව දැන ගැනීමට ලැබුනි......සෙවුනි ඔයානම් මාර වාසනා වන්තියක් බන්.....මම සෙවුනිට පැවසූ විට ...මට මේ වාසනාව වුදාවුනේ ඔයා හින්ද ඉමල්කා....මගේ ජීවිතේ තියෙනකම් ඔයාවවත් ඔයාලගෙ ගෙදර අයවත් අමතක කරන්නෙ නෑ.....ඇය ඉතා සන්වේදීව කීවාය....
වෛද්‍ය උපාදිය ලබාගත් පසු අපිටත් කුරුනෑගල රෝහලට යන්ට සිදුවීම පුදුමාකාර සිද්දියක් විය..මගේ අයියා සේවය කරන්නෙ එම රෝහලේ වීම මගේ තවත් සතුටක් විය......අව්රුදු දෙකක් පමන මෙසේ සේවය කරන අතර තුර සෙවුනි ගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට සිදුවිය .....වෛද්ය විද්යාලයේදී හදුනා ගත් මාලින්ග දැන් වෛද්‍යය වරයෙකු වසයෙන් පොල්ගහවෙල සේවය කලේය. සෙවුනි සහ ඔහුගේ විවාහය ට දින නියම කරගෙන තිබුනි....සෙවුනිගේ මංගල උත්සවය සදහා අපේ ගෙදර සියලුදෙනාට ආරාධනා කර තිබුනු අතර අපි සැවොම එයට සහභාගී වුනෙමු......ඇන්ටි දැන් ඉමල්කටත් කාව හරි හෙව්වොත් හරි නේද.....සෙවුනි මගේ අම්මාට පවසනු ඇසුනි.....අනේ මට ඕව ඕනෙ නෑ මට තව ටික දවසක් නිදහසේ ඉන්න ඕනැ...මම කීවෙමි......ඇන්ටි මැරුන මදුරන්ගගෙ අයිය නම් මෙයාට ගොඩක් ගැල පෙනව......සෙවුනි ඇයට මෙසේ කීවාය.....ඒකත් හොද අදහසක්.....කල්පනා කරල බලමුනේද....අම්මා කීවාය. එහෙත් ඔහු මගේ හිටිය එක කුස උපන් අයියා විය ..මම කොහොමද එයා එක්ක විවාහවෙන්නෙ..මට ගැටලුවක් ඇතිවිය.
දින කීපයකට පසු මා ගෙදර ගිය පසු.....දුවේ සෙවුනි කිව්ව අදහස ගැන අපි හිතල බැලුව මදුරන්ගගෙ අයිය කපිල හොද කොල්ල....එයාලට වැඩිය දේපොල නැතත් කපිල දැන් ඩොක්ට කෙනෙක් දුවටත් එයා ගැලපෙනව.....කොහොමත් ඒ දරුව ගැන අපි හොදට දන්නව. අම්මා මට කී එම වචන ගැන මා කල්පනා කලෙමි...මගේම අයිය කොහොමද මම කසාද බදින්නෙ....ඒත් දැන් එයා මගෙම අයිය නෙවෙයි. ඒ හින්ද මම කොහොමද මේකට අකමැති වෙන්නෙ.....මම කල්පනා කලෙමි. එහෙත් අම්මට මාගේ කැමැත්තක් හැගවූවේ නැත.....දින කිහිපයකට පසු අපි මේ ගැන මදුරන්ගගෙ තාත්ත එක්ක කතාකලා එයාල කැමති වුනා ..අපි කේන්දරත් බැලෙව්ව එවත් ගැලපෙනව.....අම්මා මෙසේ කියනවිට අම්මලා මේගැන හුගක් දුර දිග ගොස් සිටි බව අවභෝද විය.
ඉමල්කා මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනැ....මදුරන්ගගේ අයියාවන ඩොක්ට කපිල...පැවසුවේය....කතා කරන්න මම කීවෙමි.....අපේ පවුල් දෙක මංගල්‍යක් ගැන ගැන කතා කරල නේද ....ඔයා දන්නෙ නැද්ද.....ඔව්..මම ගෙදර ගියහම මටත් අම්ම කිව්ව...මම කීවෙමි....ඉතින් ඔයා මොකද මෙකට කියන්නෙ ඔහු ඇසුවේය .....අනේ මම දන්නෙ නෑ අයියෙ.....අපි මෙච්චර කලයක් සහෝදරයො වගේ ආස්සරේ කලේ...ඉතින් කොහොමද මේවගෙ දෙයක් ගැන හිතන්නෙ....මම කීවෙමි.

No comments: