- (බොක්සින් සමාදි 1) ....................... ............ ........... මගේ නම ජනිත්. මට ඉන්නව නන්ගි කෙනෙක් එයාගෙ නම සමාදි...නම එහෙම උනාට එයාගෙ ඇති සමදියක්නම් නෑ. මම එයාට නන්ගි කිව්වට අම්මනම් කියන්නෙ එයා මගේ අක්කද නන්ගිද දන්නෙ නෑ කියල. අපි දෙන්න ඉපදිලා තියෙන්නෙ එකදවසෙ. අපි ඉපදෙන කොට අම්මට සිහිය තිබිල නෑ කියල...මට හිතෙන්නෙ අපිව ඔපරේසන් කරල ගත්ත අයටත් ඒ වෙලාවෙ සිහිය තිබිල නෑ.....එක්කෙනෙක් කිව්වලු කෙල්ල ඉස්සෙල්ල හම්බවුනේ කියල තව කෙනෙක් කිවලුලු ඉස්සෙල්ල හම්බවුනේ කොල්ල කියල.....සිහිය ආවට පස්සෙ මේ කතාව ඇහුව අම්මට ආයෙත් සිහිය නැති උනාලු.මම නන්ගිට නන්ගි කියනවට කැමති උනේ නෑ එයා කියන්නෙ එයා තමා අක්ක කියල. මම එයාගෙ මල්ලිලු මට කියනව මම එයාගෙ මල්ලි හින්ද එයා කියන විදියට ඉන්න කියල....මේ ගැටලුවට අම්ම හොද විසදුමක් දුන්න. අපිට කිව්ව අපේ නම්වලින් කතා කරන්න කියල. ඒ හින්ද මම නන්ගිට සමාදි කියල කතා කරනව. එයත් මට කතා කරන්නෙ ජනිත් කියල.අපි පුන්චි කාලෙ මට ලොකු ගැටලුවක් තිබුන. ඇයි සමාදි මට වඩා වෙනස් කියල. සමාදිගෙ කොන්ඩෙ වවනව මගෙ කොන්ඩෙ කොටට කපනව.සමාදිගෙ කන් විදල කරාබු දාල. මට ඒ මොකුත් නෑ. අදින්නෙත් කෙල්ලො අදින ඇදුම්. අපි එකට උපන්නනම් අපි දෙන්න එක වගේ වෙන්න ඕනැනෙ. ඇයි එයාට වෙනම සැලකිල්ලක්......අපි දෙන්න එක දවසෙ උපන්නනම් ඇයි අම්මෙ සමාදිට වෙනම සැලකිල්ලක්.....දවසක් මම අම්මගෙන් ඇහුව.....මට ඔය දෙන්නම එකයි පුතේ....අම්ම කිව්ව.....ඒ උනාට සමාදි මට වඩා වෙනස්නෙ එයාගෙ කොන්ඩෙ වවනවනෙ කෙල්ලෙක් වගේනෙ....ඉතින් එයා කෙල්ලෙක් තමයි.....අම්මගේ ඒ පිලිතුරු දුන්න. ඉතින් එයා කෙල්ලෙක් නම් මාත් කෙල්ලෙක් වෙන්න ඕනැනෙ....මම කිව්ව.....ඔයා කෙල්ලෙක් වෙන්නෙ කොහොමද පුතේ. ඔයාට චූකරන්න බටයක් තියෙනව..ඒ හින්ද ඔයා කොල්ලෙක් එයාට චූකරන්න බටයක් නෑ...ඒ හින්ද එයා කෙල්ලෙක්...අම්ම සරල විදියට ඒ වෙනස කියාදුන්න....මේ කතාව අහගෙන හිටිය සමාදි.....මගෙ චූ කරන බටේට මොකද උනේ අම්මෙ....ඇසුවාය. ඔයා ල හම්බවුනේ ඔපරේසන් කරලනෙ පුතේ ඒ වෙලාවෙ ඩොස්තර අතින් ඒක කැපිල.....අම්ම විහිලුවට කිව්ව දේ සමාදි ඇත්තට පිලිඅරන්.....මේ ඩොස්තර අන්කල්ල තියන්න වටින්නෙ නෑනෙ මගෙ බටේ කපල දාලනෙ......සමාදිගේ සමාදිය බිදී ඩොස්තරලට බනින්න විය. ඇයට සමාදි කිව්වත් ඇගේ සමාදිය බිදගන්නා වාර අනන්ත විය. ඇගේ සැරපරුස කතා විලාසයත් දගකාර හැසිරීමත් නිසා .........මේකිටනම් තියෙන්නෙ කොල්ලෙකුට තියෙන විසේ...මම විහිලුවට කිව්වට ඇත්තටම ඩොස්තර මේකිට තිබුන පිරිමි එක කැපුවද දන්නෙ නෑ......මේකි උප්පත්තියෙන් කෙල්ලෙක්නම් වෙන්න බෑ.....අම්මා කියනු ඇසුණි.
අපේ තාත්තා යුද්ධ හමුදාවෙ බොක්සින් පුහුනු කරු හැටියට සේවය කලා. ඒ හින්ද අපේ ගෙදර බොක්සින් උපකරන තිබුන. සමාදි නිතරම බොක්සින් අත් වැසුම් දාගෙන තාත්ත වගේ බොක්සින් ගහනව දැක්ක තාත්ත. එයාට එය පුහුනු කරන්න පටන්ගත්ත....එත කොට අපේ වයස අව්රුඩු දහයක් විතර ඇති......ජනිත් පුතේ ඔයත් මේක පුහුනු වෙන්න....තාත්ත මටත් බොක්සින් පුහුනු වෙන්න කතාකලා.....මම ඉස්සර ඉදම්ම සාම කාමීව ඉන්න පුරුදු වෙලා හිටිය හින්ද ඔයවගේ ගහගන්න දේවලට කැමැත්තක් තිබුනෙ නෑ....ඒකට සමාදි...එයාට ගහගන්නව කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ...හරියට සුර පප්ප කාටුන් එකේ ජිම් පප්ප වගේ....මේ වඩේට අම්ම එච්චර කැමැත්තක් තිබුනෙ නෑ.....ඕව ගැහැනු ලමයින්ට ගැලෙපෙන්නෙ නෑ මහත්තය.....අම්ම තාත්තට කිව්ව.....කොල්ලො කෙල්ලො කියල නෑ මේව ඉගෙන ගත්ත කියල අහක යන්නෙ නෑ......අපේ කොල්ලො දෙන්නෙක් ඉන්නව උන් දෙන්නටම මේක ඉගෙනගන්න වුවමනාවක් නෑනෙ......තාත්තා කියන්ට විය.....අපේ අයියා අපිට වඩා අවුරුදු දෙකකින් පමන වැඩිමල් විය. ඔහුටද බොක්සින් ක්රීඩාව පුහුනු කිරීමට උත්සාහ ගත්තද ඔහුද එයට අකමති වීම නිසා තාත්තාගේ බලාපොරොත්තුව බිද වැටී තිබුනු බව පෙනෙන්ට තිබුනි.දවසක් සමාදි අපේ අයියත් සමග රන්ඩුවක් ඇතිකරගෙන ඔහුගේ කම්මුලට බොක්සින් ප්රහාරයක් එල්ල කර ඇති බව ඔහුගේ කම්මුලේ තිබුනු තැලුම් පහරින් පෙනෙන්ට තිබුනි. තෝ කෙල්ලෙක් නොවුනනම් මම අද තොගෙ අඩු කඩනව......අයියා කම්මුල අතගාමින් පවසන්ට විය. පුලුවන්නම් කඩපිය බලන්න. ඊලග සොට් එක දෙන්නෙ දත් ටික බඩට යන්න.....සමදිත් ලේසියෙන් යටත් වෙන කෙනෙක් නොවන බව තේරුනි......
No comments:
Post a Comment