Thursday, September 29, 2016

(බොක්සින් සමාදි 14).....................................ටික වෙලාවක් මා ඇදගෙන සිටි ගවුම හරිගස්සමින් සිටි අම්මා....මෙහෙ එනව....මාව ඇගේ කාමරයට රැගෙන ගොස් කන්නාඩියෙන් මා ඇදසිටි ගවුමේ ලස්සන පෙන්වන්ට වූවාය.....දැන් බලහන් ඔයා ගවුමට කොච්චර ලස්සනද කියල. ඔය පිරිමි ඇදුම් වාගෙද....ඇය මගේ හැඩ පෙන්වමින් පවසන්ට වූවාය....ඇත්තටම ගවුමට මාව ලස්සන වී ඇතිබව මටද වැටහුනි. එහෙත් මා සමාදි වගේ ගැහැනු ලමයෙක් නොව මා පිරිමි ලමයෙකි.....ඉතින් කොහොමද මේවගෙ ගවුන් ඇදගෙන ඉන්නෙ....මේක ගැලපෙන්නෙ සමාදිටමයි ඒත් එයා ගවුන් අදින්න කැමති නෑනෙ.....මා ඇදගෙන සිටි ගවුම දෙසබලමින් කල්පනා කලෙමි.....ඔය පිරිමි ඇදුම් ඇදගෙන පිරිමි ලමයෙක් වගේ ඉන්න එක අතහැරල දාල කෙල්ලෙක් වගේ හිටහන් බන්........අම්මා පැවසුවත් මා කිසිත් නොකියා බලා සිටියෙමි. 
ඇදේ නිදාසිට ඇහැරුනු තාත්තා..... ආ සමාදි කාලෙකින් ගවුමක් ඇදගෙන ඉන්නව දැක්ක.........ලස්සනයි ලස්සනයි......මාදෙස බලා කීවේය.....බලන්න මහත්තය.....මෙයා ගවුමට කොච්චර ලස්සනද කියල.....ඒත් මෙයාට ගානක් නෑනෙ.....කීවාය......දැන් කාලෙ කෙල්ලො ඔහොම තමා නෝනෙ කොන්ඩෙ කොටට කපනව කලිසම් අදිනව.....කාලෙ හැටි තමයි......තාත්තා සිනාසෙමින් පැවසුවේය.....ඒක නෙවෙයි අද ප්‍රැක්ටිස් කරන්නෙ නැද්ද....මම මුහුන හෝදගෙන එන්නම් ලෑස්තිවෙලා ඉන්නව......මෙයාව කොල්ලෙක් කරල මදිවට තව බොක්සින් ගහන්නත් උගන්වනව.....අම්මා තාත්තට නෝක්කඩුවෙන් කතාකලාය.....තාත්තා කිසිත් නොකියා කාමරයෙන් එලියට ගියේය. මා ඇදගෙන සිටි ගවුම පිටින්ම සමාදි අසලට ගියෙමි.....ශා ඔයානම් මාර ලස්සනයි අනේ.....ඔය විදියට හැමදාම ගවුන් ඇදගෙන ඉන්නකො.....සමාදි සිනාසෙමින් කීවාය.....මේ විකාර කතා කරන්නැතුව ඉන්නව....අන්න තාත්ත ප්‍රැක්ටිස් වලට කතා කලා.....ඇත්ත තමා ඒකට ලෑස්ති වෙන්න ඕනැ....මේ ඕක ගලවහන් ඉක්මනට . නැත්නම් ඔය මම නෙවෙයි කියල අහුවෙයි......මම ගවුම ගලවා ඇදගෙන සිටි ඇදුම් ඇදගත්තෙමි....
සමාදි බොක්සින් ප්රැක්ටිස් කරන අතර තුර මා ජීවිතයේ පලමුවරට ගවුමක් ඇදීම ගැන කල්පනා කලෙමි.සමාදි ඒවට කැමති නැති වුනාට මටනම් තේරෙන්නෙ ඒ ඇදුම් මගෙ ඇදුම් වලට වඩා සනීපයි කියල . ඒවගෙම ලස්සනයි. මම සමාදි වගේ කෙල්ලෙක් උනානම් කවදාවත් පිරිමි ඇදුම් අද්න්නෙ නෑ.....එච්චර ලස්සන ඇගට සනීප ඇදුම් තියෙද්දි ..මේ ගොරෝසු කිසි හැඩයක් නැති පිරිමි ඇදුම් අදින්නෙ මොකටද?......ඒත් අම්මා පැවසූ දවස් විසි අටේ කතාව මතක් විය.....දවස් විසි අටකට සැරයක් කෙල්ලන්ට ලේ යනවලු....ඒක තමා එදා සමාදිටත් වෙලා තිබුනෙ.....ඒක දිගට වෙන්න ඕනැලු.....අපෝ එහෙම වෙනවනම් කෙල්ලො වෙන එක හරිම කරදරයක් නේ.....එහෙමනම් කොච්චර ලස්සන වුනත් මටනම් කෙල්ලෙක් වෙන්න ඕනැ නෑ.....හොදවෙලාවට මම පිරිමියෙක් වෙලා උපන්නෙ.....මට ඒ ගැන සතුටක් ඇතිවිය.
සමාදි බොක්සින් පුහුනු වෙන කොට්ටයට වැරෙන් පහර දෙනු දුටුවෙමි. මෙම පහරක් මුහුනකට වදුනොත් තරු කීයක් පෙනෙයිද.....ඇගේ අත් දෙක මැසින් එකක් මෙන් වේගයෙන් චලනය වේ. මෙම වේගය වැලැක් වීමට අපේ පන්තියේ යෝදයා යනුවෙන් හැදින්වෙන. කල්හාරටද නොහැකි බව මා හොදින් දනිමි.....හේතුව ඇය පුහුනු වන්නේ යුධ හමුදා බොක්සින් පුහුනු කරුවෙකුවන අපේ තාත්තා ගෙනි......මේකි කවද හරි බොක්සින් කප් එක ගන්නව. ඊට ඉස්සෙල්ල මේකි කීදෙනෙකුගේ නහයවල් කඩයිද දන්නෙ නෑ.....මම කල්පනා කලෙමි. මොකද හති අරින්නෙ පුරුශ ධෛර්ය අරන් ගහනව......තාත්තා සමාදිට විහිලුවට මෙන් කියනු ඇසුනි.....පුරුශ ධෛර්ය නම් තියෙනව තාත්තෙ ගැහැනු ධෛර්ය තමා නැත්තෙ...අම්ම බලාපොරොත්තු වෙන්නෙ මගේ ගැහැනු ධෛර්යනෙ...සමාදි හති අරිමින් පවසනු ඇසුනි....ඒකනම් ඇත්ත....තාත්තා සිනාසුනේය......ජනිත් මේ වැඩේට එන්නෙ නෑනෙ එයත් ආවනම් හරිනෙ....තාත්තා මා දෙස බලා කීවේය.....අපෝ මෙයාටද මෙයාට ගැහැනු ධෛර්යත් නෑ පුරුශ ධෛර්යත් නෑ.... ඇහුනද සමාදි කිව්ව දේ.....තාත්තාත් සමාදිත් මට එසේ පැවසීම නිසා මගේ සිත තුල ලැජ්ජාවක් ඇතිවී ඉක්මනින් එතැනින් ඉවතට ගියෙමි.....

No comments: