Tuesday, September 27, 2016

(බොක්සින් සමාදි 8)........................................සමාදිගේ කෙස්වැටියේ නඩුව තාත්තා ගෙදර පැමිනි පසු නැවත කැදවීය......මම කිව්වෙ නෑ සමාදිට කොන්ඩෙ කපන්න කියල මම කිව්වෙ අම්මගෙන් අහල ඕනෙනම් කපාගන්න කියල......තාත්තා සාක්කි දුන්නේය. ...ඒකනෙ තාත්ත කියල නෑනෙ ඔයාගෙ කොන්ඩෙ කපන්න කියල නෑ.....ඒ හින්ද කපන්න එපා.....අම්මා දුන් අවසාන තීන්දුව නිසා සමාදි මුහුන බෙරිකරගෙන කාමරයට ගියාය.සමාදි තීරනයක් ගත්විට එය කෙසේ හෝ ඉටුකරගන්නා බව දන්නා මා ඇය මෙම තීන්දුව ගැන සෑහීමකට පත් නොවුන බැවින් මීලගට ගන්නා තීරනය ගැන මට කිසිවක් කීමට නොහැක. එහෙත් ඇය මගේ ඇදුම් ඇද තොප්පියක් පැලද කොල්ලෙක් මෙන් සිටීමේ පුරුද්ද අත් නොහැරියාය. දුව ලමිස්සියෙක් උනාට තාම ඉස්සර වගේ කොල්ලෙක් වගේනෙ ඉන්නෙ. ඔය හැසිරීම වෙනස් කරගෙන ලමිස්සියෙක් වගේ හැසිරෙන්න පුරුදුවෙන්න.....රීටා ඇන්ටි ඇයට නිතර පැවසුවද කිසිම කෙනෙක් කියන කිසිවක් ඇය කනටවත් ගත්තේ නැත.
එදා සෙනසුරාදා දිනයක් නිසා අපිට නිවාඩු දිනයක් විය.අම්මා ගෙදරට අවසය දෙවල් ගෙන ඒම සදහා කඩයට ගොස් සිටියාය. එදා ගෙදර සිටියේ මාත් ලොකු අයියාත් සමාදිත් පමනි. සමාදි අම්මාගේ කාමරය තුලට වී දොරවසා ගත්තාය. මොකක්ද සමාදි දොර වහගෙන කරන්නෙ....මම කාමරයෙන් පිටත සිට ඇසුවෙමි..මම පොඩි වැඩක්...ටිකක් ඉන්නවකො පන්ඩිතය වෙන්නෙ නැතුව.....ඇය කාමරය තුල සිට ටිකක් සැර වාග් ප්‍රහාරයක් එල්ල කරන්ට වීම නිසා මම එතැනින් ඉවත් වූවෙමි. ටික වෙලාවක් ගතවිය. සමාදි බෑක් එකකට කුමක් හෝ දමාගෙන මා අසලට පැමින දැන් හොදයිද?..... ඇසුවාය. මා ඇය දෙස බැලුවෙමි....මගේ ඇස් අදහා ගත නොහැකිවිය.තොප්පිය නොමැති ඇගේ හිසේ කෙස් කොටවී ඇතිබව දුටුවෙමි. මාර වැඩේ වෙන්නෙ අදනම් ඔයාට අම්මගෙන් හොදටම ගුටිකන්න තමා වෙන්නෙ. ...පැවසූ මම ඇගේ හිස දෙස හොදින් බැලුවෙමි.....ඇය කොන්ඩය කොට කර ඇති ආකාරය දෙස බැලූ විට මට ආ සිනහව අමාරුවෙන් නවතා ගත්තෙමි......ඇගේ කොන්ඩය කපා තිබුනේ.....සමහර දිනවල අපේ වත්තේ වැඩට එන ගොලු අයියා වත්ත උදලුගාන ආකාරයටය.
ඔහු වයස තිහක් පමන වන තරුනයෙකි ඔහුට කතා කිරීමට නොහැකි නිසා අපි ඔහුට කිව්වේ ගොලු අයියා කියාය. ඔහු වත්ත උදලු ගානවිට සමහර තැන් හොදට උදලු ගෑවී තිබෙන අතර සමර තැන් වල තනකොට තිබුනි. කිසිම පිලිවෙලක් නැති මේ උදලු ගෑවිල්ල නිසා ඔහු අම්මාගෙන් බැනුම් අසන වාර අනන්ත විය. අපි කතාකරන දේ ඔහුට නොඇසෙන නිසා අම්මා ඔහුට බනින විට අතපය දික්කිරීමට සිදුවිය. ඔහුට බනින විට ඕ ...ඕ...සබ්දය මිස කිසි සබ්දයක් ඔහුගෙන් පිට නොවුනි.....ඔහු වත්තේ වැඩට එනවාට මම සතුටුවිය.....ඒ මටද ඔහුත් සමග අත පයවලින් කතා කිරීමට හැකිවීම නිසාය. හැමදාම කටින් කතා කරන මට මෙසේ කතා කිරීමට ලැබීම විනෝදයක් විය....දිනක් ඔහු සමග වත්තේ සිටින විට මගේ නහයේ මදුරුවෙක් වසා විදින්ට විය. මා මදුරුවා පන්නා නහය කැසුවෙමි....මෙය දුටු ගොලු අයියා එතන තිබුනු පොල්ලක් ගෙන ඕ.. ඕ...කියමින් මට ගහන්න පැන්නේය....මම අනිත් පැත්තට හැරී දුවන්ට වුනෙමි. ඔහු තව දුරටත් මගේ පස්සෙන් පන්නන නිසා ගේ ඇතුලට ගොස් දොර වසා ගත්තෙමි.....ඔහු මිදිලේ සිටගෙන අතපය දික්කරමින් ගොලු භාශාවෙන් බනින බව මා ජනේලයේ වීදුරුවෙන් බලා සිටියෙමි.......මොනවද බලන්නෙ මාව දුටු අම්මා ඇසුවාය....බලන්නකො අම්මෙ ගොලු අයිය මට ගහන්න එලෙව්වනෙ . මම ගෙට ඇවිත් දොර වගගත්ත......උඹ මොකක්හරි කරන්න ඇති නැත්නම් ඌ නිකන් ගහන්න එන්නෙ නෑ ...... අම්මා කීවාය .....මම මොකුත් කලේ නෑ අම්මෙ මගෙ නහය මදුරුවෙක් කාල නහය කැසුව ඒක දිහා බලාගෙන ඉදල මා පස්සෙ එලෙවුව. නලලට අල්ලෙන් ගසාගත් අම්මා.....යකෝ ගොලුවො ඉස්සරහ නහය කසන්න එපා ඒකට උන්ට කේන්ති යනව.....පැවසුවාය.....මම එම නීතිය දැන ගත්තේ එදාය......
මමනම් දන්නෙ නෑ අද අම්ම්ත් එක්ක බේරගන්න එකයි ඇත්තෙ.....මම පැවසූවිට....මේ තියෙන්නෙ මගෙ කෙස්ටික....බෑක් එකකට දැමා තිබුනු එම කෙස්ටික වීරකමක් කලා සේ මට පැන්නුවාය......එම දිගු කෙස් දුටුවිට මට දුකක් ඇතිවිය.....අපරාදෙ කොච්චර ලස්සනට වැවිල තිබුන කෙස්ටිකද?....අම්මට විතරක් නෙවෙයි මටත් දැන් මෙයා ගැන කේන්තියි......එහෙත් ඇගේ කට මට වඩා සැර බැවින් මා කිසිවක් නොකියා කේන්තිය සගවා ගත්තෙමි.......

No comments: