Monday, September 26, 2016

(බොක්සින් සමාදි 5)................................මදෑ ඔයින් ගියා ආච්චිට නූල්බදින්නෙ නැතුව......මට මෙසේ පැවසිමට උවමනාව තිබුනත්.......ආච්චි කියන්නෙ මගේ තාත්තාගෙත් අම්ම නිසා කිසිවක් නොකීවෙමි.
ටික වෙලා වකින් ආච්චිගේ නිවසට ගිය අයියා ආච්චිත් සුදු පුන්චිත් සමග ත්‍රී රෝද රථයකින් පැමිනෙනු දුටුවෙමි. ආච්චි බෑක් එකක් රැගෙන පැමිනියේ මෙහේ දින කීපයක් නැවතීමට බව මට තේරුනි......අම්මා අයියාට පැවසූ පරිදි සමාදි ලොකුවී ඇත. ඒ වෙනුවෙන් උතසවයක් පැවැත්වීමට ඔවුන් උත්සාහදරන බව මට වැටහුනි......ඒකත් ඇත්ත මම වගේ පොඩියට හිටිය සමාදි එක සැරේම ලොකු වුනාම කොයිතරම් සතුටක්ද?....දැන් ඉතින් මම තමයි මේ ගෙදර ඉන්න පුන්චිම එක්කෙනා.....මට දුකක් ඇතිවිය......ඇත්තටම සමාදි කොච්චර ලොකු වෙලාද දන්නෙ නෑ ...මට බලන්න යන්න දෙන්නෙ නෑනෙ......එයා මට වැඩිය පොඩ්ඩක් ලොකු උනාට කමක් නෑ මට වඩා ගොඩක් ලොකු උනොත් තමා ගැටලුව....මම කල්පනා කරන්ටවුනෙමි.
තාත්තා ගෙදර පැමිනි පසු උත්සව කටයුතු ගැන කතා කරනබව මට වැටහුනි. එම උත්සවයට තව දින හතරක් ඇතිබව ඔවුන් කතාවිය.සමාදි ලොකුවුන ආරංචි ගමපුරා පැතිර යෑමට වැඩිවෙලාවක් ගියේ නෑ කියල මට දැනුනි.රීටා ඇන්ටි ප්‍රවුත්තියක් දැනගත් විට එය ගම පුරා පැතිර යනබව අපි පොඩි ලමයි වුවද අපිද දැන සිටියෙමු....එහෙත් පසුදින වනවිට අපේ සියලුම නෑදෑයන් මේ ආරන්චිය දැනගෙන ඇතිබව.....ඔව්න්ගෙන් සමහරු අපේ නිවසට පැමිනීමෙන් වටහාගැනීමට හැකිවිය......පාටිය දවසට අපේ ගෙදර ඉඩත් නැතිවෙයි.....අපේ මාමලගෙ පුන්චිලගෙ කොල්ලොටික එදාට මෙහෙ එයිනෙ මටත් හොදට සෙල්ලම් කරන්න පුලුවන්....මට උත්සවේ දවස එනකම් ඉවසිල්ලක් නැතිවිය.
හැමදාම මේ පොඩිඑවුන්ට කැරට් බීට් බෝන්චි කවල හරියන්නෙ නෑ කැබැල්ල කොල මාලුවකුත් හදල දීයහල්ල....අපේ ආච්චි රෑ කෑම වෙලාවෙ අම්මට කියනව ඇසුනි......අපි ආච්චිගෙ ගෙදර ගිය දිනවලදී කැබැල්ල කොල මාලුව වරදින්නේ නැත. එය උම්බලකඩ දමා සෑදූවිට ඉතාමත් රසවත් බව මටද..තේරුම්ගොස් තිබුනි....ඇයි ආච්චියෙ හැමදාම අපි ආපුවහම කැබැල්ල කොල මාලුව හදන්නෙ....දිනක් මම ආච්චිගෙන් ඇසුවෙමි.....ඔයාලගෙ බඩේ පනුවො ඉන්නවනෙ පුතේ ඒ පනු අමාරුවට මේ කැබැල්ල කොල හොදයි.....ආච්චි ගෙ මේ කතාවෙන්....පොඩි අයගේ කුස තුල පනුවන් ඇතිබවත් සමහර දිනවලදී ඔවුන් වැඩිපුර දගලන බවත් ඒ අව්ස්තාවල දී පොඩි අයද වැඩිපුර දග කරන බවත්....මෙවනි කෑම කෑවිට පනුවන්ද එම කෑම කෑමෙන් ඔවුන් හොදින් නිදා ගන්නා බවත්....එවිට පොඩි අයගේ දැගලිල්ල අඩුවෙන බවත් මට වැටහුනි.....ඒවුනාට සමාදිගෙ බඩේ ඉන්නෙ ඒ ජාතියෙ පනුවො නෙවෙයි.උන්ට කැබැල්ල කොල දීල හරියන්නෙ නෑ උන් ටිකත් සමාදිවගේමයි.....මම එදා කල්පනා කලෙමි.
මේදින කිහිපය පුරාවට අපේ ගෙදර නෑදෑයන්ගෙන් පිරී තිබුනි. එහෙත් අයියත් මටත් වෙනදා මෙන් පාසැල් යෑමට සිදුවිය. සවස් කාලයේදී කුස්සියේ නොයෙක් කෑම වර්ග සාදන අයුරු දුටුවෙමි. ඒ අතර කැවුම් වරගද විය. මාත් අයියත් කුස්සිය පැත්තට ගිය විට අම්මා අපිටද හදන කෑම වලින් කුමක් හෝ දුන්නාය.....
උත්සව දිනට පෙර දින අයියත් තාත්තත් අමුතු කට යුත්තක් කරන බව දුටු මා එතැනට ගියෙමි....අපේ කුස්සිය පිටුපස තිබුනු කොස් පැලයක් වටා කලු ඉටිකොලයකින් ආවරනයක් හදන බව දුටු මා.......මොකක්ද අයියෙ මේ හදන්නෙ.....මම අයියගෙන් ඇසුවෙමි.....නන්ගිව නාවන්න තැනක් හදනව මල්ලි......මෙතැන නාවන්න ඔනැයැ අර බාත්රූම් එකට ගියහම හොදට නාගන්නවනෙ.....වෙන්දටත් එයා නාන්නෙ ඒකෙනෙ.....මම කීවෙමි......එහෙම නාන්න බෑනෙ මල්ලි එයා දැන් ලොකු ලමයෙක් නෙ.....අයියාගේ මෙම කතාව තේරුම් නොගත් මම පැත්තකට වී කල්පනා කලෙමි.....එයා එච්චරට ලොකු වෙලාද යෝදයෙක් වෙලානම් බාත්රූම් එකට යන්න බෑ තමයි.....ඒත් එච්චර ලොකු විච්ච ගැහැනු ලමයි මම දැකල නෑ....අයිය කියන්නෙ බොරුවක්ද කොහේද.....මොකක්ද කියල හෙට බලාගන්න පුලුවන් වෙයි ...මම හිතාගත්තෙමි.සමාදිගේ උස මහත බලාගැනීමට අවසය නිසා පසුදා එලිවන තුරු මට ඉවසිල්ලක් නොමැතිවිය......නාවන්න තියෙන්නෙ උදේ හයයි පහට....අම්ම ආච්චීට පැවසූ එම වෙලාව මම හොදින් මතක තබා ගත්තේ ඇයව නාවනවා බැලීමට තිබෙන තද උවමනාව නිසාය.....පසුදා මා අවදිවන විට පහ මාරට පමන විය....මා නැගිට නාන කාමරයට ගොස් මුහුන සෝදාගෙන සමාදිව නාවනවා බැලීමට සූදානම් වුනෙමි.....

No comments: