Tuesday, September 27, 2016

(බොක්සින් සමාදි 9)......................................මා ඇය කෙස්ටික කැපීම ගැන කේන්තියෙනුත් දුකෙනුත් සිටින අතරතුර අම්මා පැමිනියාය. ඔන්න දන් තමයි නියම යුද්දෙ ඇවිලෙන්නෙ.....සිතූ මා දොර ඇරියෙමි.....කෝ සමාදි වෙනදා මා අසල සිටින සමාදි නොදුටු බැවින් මගෙන් ඇසුවාය....සමාදී....මට වචන පිට කර ගැනීමට නොහැකිවිය.....සමාදි අම්මාට බියවී හැන්ගී ඇති බව මට තේරුනි.....මොකද කෙදිරි ගන්නෙ...කෝ අයිය. ...ඇසුවාය....කාමරේ ඉන්නව ...මම කීවෙමි....එතකොට සමාදි.....ඇය නැවත ඇසුවාය....දැන් හිටිය....මම කීවෙමි......සමාදී...අම්මා ඇයට අඩගැසුවාය......සමාදි කොල්ලෙක් වගේ අම්මා අසලට පැමිනෙනු දුටු මගේ හදවත ගැහෙන්ටවිය.....දන් මොනව වෙයිද දන්නෙ නෑ....මම බියපත්ව බලා සිටියෙමි. මොකක් මොනවද මේ කරගෙන තියෙන්නෙ ...කොන්ඩෙ කපල නේද.....මම නැති අතරෙ මොනවද මේ කරන්නෙ....ජනිත් ටත් බැරිවුනාද මේක නවත්තන්න....ඇය මටද බැන...ලොකු පුතේ මේ බලපන් නන්ගි කරගෙන තියෙන දේ..උඹටවත් බැරිවුනාද මේක නවත්තන්න......මම දැක්කෙත් නෑ අම්මෙ...අයියා පැවසූ විට.....බොහොම හොදයි මම ගෙදර නැති අතරෙ නංගියි මල්ලියි බලාගන්න හැටි.....ඇය අයියාටද බනින්ට වූවාය......අයියා අසරනව අපි දෙස බලා සිටියේය......මම තොට ගහනව ඒත් තොට ගහල හදන්න පුලුවන් එකියක් නෙවෙයි......අම්මා කේන්තියෙන් අත මිටමොලවන අයුරු දුටුවෙමි.....අම්මාට මෙතරම් කේන්ති ගිය දවසක් මට මතක නොතිබුනි. ඇය ඇතිවෙනකන් බැන....බලපන් උබේ කොන්ඩෙ හැටි ඔහොම පාරෙ බැහල යන්න පුලුවන්ද හරියට උදුගොව්ව කාලවගේ.....යමු සලුන් එකට ඕක හදාගන්න.....අම්මා ඇයට සැලුන් එකට යෑමට කතාකලාය.....ජනිත් උබත් ලෑස්තිවෙයන් උබෙත් කොන්ඩෙ වැවිල හින්ද මේ එක්කම කපාගෙන එන්න පුලුවන්....අම්මා මටද සැලුන් එකට යෑමට කතා කලාය.......මම මගේ කලිසම අදින්න සූදානම් වනවිට සමාදිද මගේ කලිසමක් ඇදීමට සූදානම් ඌවාය.....ගවුමක් ඇද ගන්න සමාදි අම්මට කේන්ති ගිහින් තියෙන අතරෙ ආයෙත් බැනුම් අහන්න හදනව.....මම සමාදිට කීවෙමි.....ඒත් ඇය මා කීදෙය නොඅසන බැවින්....අම්මා අසලට ගොස්.....අම්මෙ සමාදිත් කොල්ලෙක් වගේ මගේ ඇදුම් අදිනව....කීවෙමි....ඕනැ එකක් ඇදගත්තාවෙ දැන් වෙන්න ඕනැ එක වෙලා ඉවරනෙ.....ඇය කේන්තියෙන් පැවසුවාය. සමාදි කොල්ලෙක් වගේ ඇදගෙන අම්මා අසලට ආවාය......ඔය උදුගොව්ව කාපු ඔලුව වැහෙන්න තොප්පියක් දාගනින්......අම්මා සමාදිට කීවාය ....සමාදි මගේ තොප්පියක් දාගෙන කන්නාඩියෙන් බලන බව දුටුවෙමි......කරාබු දෙක ගලව ගත්තනම් නියම කොල්ලෙක් වගේ නේද......මා දෙස බලා පැවසූ ඇය ...කරාබු දෙක ගලවන්ට වූවාය......දැන් අපි දෙන්නම එක වගේ....සතුටින් මා දෙස බැලූ ඇය එලියට ගියාය......ලොකු පුතේ අපි මේ දෙන්නගෙ කොන්ඩෙ කපන්න යනව . ගෙයි දොරවහගෙන පරිස්සමින් ඉන්න අපි ගිහින් එනකන්. ඇය අපිත් සමග ටවුමට යෑමට පිටත් වූවාය. ත්‍රී රෝද රතයක් නවත්වාගත් ඇය අපිට එයට ගොඩවෙන ලෙස පැවසුවාය...
සැලුන් එකේ එතරම් සෙනග නොසිටි බැවින් සමාදිගේ කොන්ඩය ඉක්මනින් කැපීමට සූදානම් වූ බාබර් අයියා.....මොකද මේ මල්ලිගෙ කොන්ඩෙට වෙලා තියෙන්නෙ... ඇසුවේය........මේ එයා හිතුවක් කාර කමට තනියම කපාගන්න ගිහින්නෙ.....අම්මා එසේ පැවසූ විට.....මල්ලි අපේ ජොබ් එකත් නැතිකරන්නනෙ හදන්නෙ......පවසා රෙදි ආවරනය පෙරෙව්වේය......බාබර් අයියා සමාදිට මල්ලී යනුවෙන් ඇමතීම ඇයට මහත් සතුටක් ගෙනදෙන්න ඇත......ඔහු ඇගේ කන්පෙති දෙක පරීක්ශා කලානම් ඇය මල්ලි කෙනෙක් නොව නන්ගි කෙනෙක් යනුවෙන් හදුනා ගැනීමට ඉඩ තිබුනි......අම්මාද එය නිවැරදි කිරීමට උත්සාහ නොගත්තාය...කොන්ඩෙ කපාගෙන තියෙන හැටියට ටිකක් කොටකරන්න වෙයි ඇන්ටි... නැත්නම් මට්ටමට ගන්න අමාරුයි....බාබර් අයියා එසේ පැවසූ විට බැරිනම් තට්ටෙ ගාන්න පුතේ හිතුවක් කාරකමට එහෙම කරන්න ඕනැ....අම්මා තරහෙන් පැවසූ බව දැනගත් බාබර් අයියා.....එහෙම කරන්න ඕනෙ වෙන එකක් නෑ.. මම කොහොම හරි හදල ගන්නම් ...පැවසීය....සමාදිගේ කොන්ඩය කපා අව්සන් වූ වහාම මටද කතාකලේය...මල්ලිල දෙන්නම එක වගේමයි නිවුන්නුද ඇන්ටි.....බාබර් අයියා අම්මාගෙන් ඇසුවේය.....නිවුන්නු....පැවසූ ඇය නිස්සබ්ද වුවාය.....මගේ කොන්ඩය කපා අවසන්වූ පසු මගේ කොන්ඩයට වඩා සමාදිගේ කොන්ඩය කොටට කැපී ඇත්දැයි සිතුනි......

No comments: