Wednesday, September 7, 2016


(ඉමල්කා 22).......................................ගැහැනු ලමයිගේ මාසික ක්‍රියාවලියට හුරුවුනු මා එය එතරම් කරදරයක් ලෙසට සැලකුවේ නැත. හොදින් හුරුවූ එයට මා හොදින් මුහුනදුන්නෙමි.....මෙය මගේ අලුත් ජීවිතේ කොටසක් ලෙස සැලකුවෙමි. මදුරංගගේ මාස තුනේ දාන දිනය උදවිය. තාත්තාත් අම්මාත් එම දානය සදහා අව්ස්ය උදවු උපකාර කල අතර මමද එහිගොස් උදවු කලෙමි......පිරිමි ලමයෙකු වසයෙන් එහි ජීවත්වූ මට...දැන් එහි ගැහැනු ලමයෙකුලෙසදානයට සහබාගීවීමට සිදුවී ඇත.....එහිදී මගේ අම්මා තාත්තා අයියා සමග හොදින් කතාබහ කිරීමට හැකිවීම ගැන සතුටුවුනෙමි....දානය දින මා පසැල් නොගොස් දානයට සහභාගීවුනෙමි......මදුරන්ගට පින් පමුනුවන හැම අව්ස්තාවකම මා හත් දවසේ බන දවසේ මෙන් ඉමල්කාට පින් පැමුනුවෙමි.......මා වෙනුවෙන් මියගොස් සිටි ඉමල්කාව සිහිකර පින් පැමින වීමට මා හැර වෙන කිසිවෙකුත් නොමැති වීම ගැන මට ඇය කෙරෙහි කනගාටුවක් දුකක් ඇතිවිය....තුන් මාසයේ දානයෙන් පසු මා මදුරන්ග වසයෙන් ලියන ලද සටහන් පොත් ගැන සිහිවිය...මට ආයෙත් ඒ ටික ගන්න ඇත්නම් ...යන සිතුවිල්ල පහල විය.....අම්මෙ මදුරන්ග දක්ෂ ලමයෙක් හින්ද එයා ලිව්ව පොත් ටික මට ඇන්ටිගෙන් ඉල්ල ගන්න බැරිවෙයිද අම්මෙ....මම අම්ම ගෙන් ඇසුවෙමි......බැරිවෙන එකක් නෑ ගිහින් කතා කරමු......අම්මා කීවාය. අපේ මදුරංග පුතා නැතිවුනාට පස්සෙ ඕව තියාගෙන මොනව කරන්නද දුවේ...දුවට ඕනැනම් ඒ පොත් ටික ගෙනියන්න.....පැවසූ මගේ පැරනි අම්මා....ලොකු පුතේ ..මේ නන්ගිට මල්ලි ලිව්ව පොත්ටික ඉල්ලනව.....පුතාටත් වැඩක් නැනෙ නේද.....අයියාගෙන් ඇසුවාය....මට වැඩක් නෑ අම්මෙ....නන්ගිට ගෙනියන්න දෙන්න.....කාමරය තුල සිට පැමිනි අයියා කීවේය.....එහෙනන් මේ නංගිට ඒ ටික තෝරල දෙන්න....අයියාට කීවාය......මාත් අයියත් පොත් තෝරන්ට වුනෙමි...ඒ අතර තුල මා ජීවත්වූ මෙම කාමරය දෙස හොදින් බැලුවෙමි....මා නිතර පාවිච්චිකල ඇදුම් ඇදුම් රාක්කයේ එසේම තිබුනි.....මට දැන් මේවගෙ පිරිමි ඇදුම් අදින්න බෑ....ඒව අදින්න ඕනැත් නෑ ඊට වඩා මේ ගැහැනු ඇදුම් කොච්චර ලස්සනද සැහැල්ලුද....මා කල්පනා කලෙමි....මේ අතර...මගේ සුපුරුදු පොත් ටික හොදින් අදුනා ගන්නා විට.....නන්ගි මේ පොත් මේ තරම් හොදට අදුනන්නෙ කොහොමද ඇසුවේය.....ඇයි අයියෙ එයා අපේ පන්තියෙ හින්ද එයා ගෙනියන පොත් මම දැකල තියෙනවනෙ.....මම පැවසුවෙමි......එහෙම දැක්ක පලියට අදුන ගන්න බෑ....ඔය දෙන්න යාලුවෙලාවත් හිටියද....මගෙන් සෙමින් ඇසූ ඔහු සිනාසුනේය......අනේ නෑ අයියෙ.....මදුරන්ග කෙල්ලෙක් දිහා නිකමටවත් බලන කෙනෙක් නෙවෙයි.....මම කීවෙමි.....ඒකනම් ඇත්ත කී ඔහු......මම හිතාගෙන හිටියෙ ඔයා මහ මහන්තත්ත කෙනෙක් කියල.....දැන් බලනකොට මම හිතා හිටිය විදිය වැරදිනෙ.....ඔහු කීවේය.....එහෙම නෑ අයියෙ මම පිලිතුරු දුන්නෙමි.....මා මම පාවිච්චි කල පොත්ටික තෝරා ගත් මා අයියා ගෙනත් දුන් බෑගයට දමා ගත්තෙමි......අම්මා ටත් අයියා ටත් දන නමා වැන්ද මම ....මම ගිහින් එන්නම් අම්මෙ....ගිහින් එන්නම් අයියෙ... කීවෙමි....දැන් මගේ අම්මා නොවන අම්මාට අම්මයයි කීනිසා ඉමල්කාගේ අම්මට යම් ගැටලුවක් ඇතිවේදැයි සැකයක් ඇතිවිය......මදුරන්ග පුතා නැතිවුන දුකෙන් ඉන්න ඒ අම්මට ඔයා අම්ම කියල කතාකල එක ලොකු දෙයක් දුවේ.....මම කවදාවත් හිතුවෙ නෑ දුව ඔයතරම් මනුස්ස ගුණධර්ම දන්න දුවෙක් වෙයි කියල......ගෙදර යන ගමන් මා කලදේට ප්‍රසංසා කලාය.
අපේ සාමාන්ය පෙල විභාග දිනද කිට්ටු විය සෙවුනි මා සමග නිතර පාඩම් කිරීමට අපේ ගෙදර ආවාය සමහර දිනවල අපේ ගෙදර නැවතුනු ඇය මගේ ඇදේ මා සමගම නිදාගත්තාය......මා කෙල්ලෙක් වූ බැවින් මගේ කාමරේ මගේ ඇදේ කෙල්ලො නිදාගැනීම අරුමයක් නොවුනි.....අපි හොදින් පාඩම් කර විභාගයට මුහුන දුන්නෙමු......අපි හොදින් පිලිතුරු ලියා ඇතිබව පසුව සාකච්චා කරන විට වැටහුනි.......මාස කිහිපයකින් අපේ ප්‍රතිඵල නිකුත් වී තිබුනි.....අපේ පන්තියේ උසස් ලෙසම සමත්වී තිබුනේ මාත් සෙවුනිත් පමනි......බොහෝ දෙනෙක් සමත් වී තිබුනත් විසිස්ට ප්‍රතිඵල තිබුනේ අපි දෙදෙනාට බැවින් හැමගේම ප්‍රසංසාව අපි දෙදෙනාට ලැබුනි......අපේ ප්‍රතිඵල අනුව අපේ උසස් පෙල සදහා කොළඹ උසස් බලිකා විද්යාලයකට ඇතුලු වීමට වරම් ලැබුනි......එහෙත් සෙවුනිට ඇතිවී තිබුනු ආර්තික තත්වය හමුවේ ඇයට එම විද්යාලයට ඇතුලුවී ඉගැනීමට ගැටලු ඇතිවිය.......මා මෙය තාත්තාට පැවසූ විට ......හරි ඔය දෙන්නම ඒකට යන්නකො එයාගෙ වියදම් මම බලාගන්නම්.....තාත්තා සෙවුනි ට වියදම් කිරීමට පොරොන්දු වූනිසා අපි දෙදෙනාටම එකම පාසැලට යෑමට හැකිවිය......අපි දෙදෙනා උසස් පෙල හදාරන අතර තුර වෙනත් ක්‍රීඩා කට වුතුවලටද සහභාගී වීමට වරම් ලැබුනි.......මා කොල්ලෙක් වසයෙන් ඉපිද කෙල්ලෙක් වසයෙන් මේ තරම් දුර ගමනක් ආ එක ගැන සතුටක් ඇතිවිය......මා දැන් ගතකරන මේ සොදුරු දිවිය මදුරංග වශයෙන් සිටියානම් සිහිනයක් පමනක් වන්නට ඉඩතිබුනි....

No comments: