Saturday, September 24, 2016

(බොක්සින් සමාදි 2)........................මේ දෙන්නගෙ ගැටුම සාමදානයකට පත්වුනේ අම්මා එතැනට පැමුනුනාට පසුවයි....අයියගෙ මුහුන දෙස බැලූ අම්මා සමාදි අසලට ගොස් ඇගේ මුහුන හරහා අත්ලෙන් එල්ල කල කරටේ පාරවල් දෙක තුන නිසා....සමාදිගේ බොක්සින් වලල්ල වටා තරු විසිවෙන්න ඇතිබව ඇගේ හැඩීමෙන් මම තේරුම් ගත්තෙමි..........මහත්තය තමා මේ ඔක්කොම කරන්නෙ මම කිව්වනෙ කෙල්ලන්ට ඕව හරියන්නෙ නෑ කියල.හවස තාත්තා ගෙදර ආ පසු......දහවල් ඇතිවූ බොක්සින් තරගයේ ප්‍රතිඵල අම්මා තාත්තාට පවසන්ට වූවාය.....සමාදි මෙහාට එනව.....තාත්තා.....සමාදි වෙත හමුදා අන නිකුත් කලේය......මේ තමුන් හිතේ තියාගන්නව බොක්සින් කියන්නෙ ක්‍රීඩාවක් කියල. ඕක පාවච්චි කරල අතේ පයේ හයිය පෙන්වනව එහෙම නෙවෙයි.මීට පස්සෙ මේ වගෙ වැඩ කරල තිබුනොත් බලාගෙනයි.....තාත්තා යුද හමුදාවේ ආග්ඤාවක් නිකුත් කරන්නාක් මෙන් පවසන්ට විය.
මායි සමාදියි ගියේ එකම පාසැලට ඉගෙන ගත්තෙ එකම පන්තියේ.අයියත් ගියේ ඒ පාසැලටමයි...එයා අපිට වඩා පන්ති දෙකක් ඉහලින් හිටියෙ. පන්තියෙද සමාදිගේ දඩබ්බර බව පෙනෙන්ට තිබුනි. පොඩි දේකට පවා කලබල වී රන්ඩුවට යෑම ඇගේ පුරුද්දක් විය. ඇය වැඩිපුරම රන්ඩුවට ගියේ පිරිමි ලමුන් සමගය. පන්තියේ ගැහැනු ලමයෙකුට පිරිමි ලමයෙකු අතින් කරදරයක් වූ විට පවා ඇය ඒ වෙනුවෙන් ඉදිරි පත් විය. එම අවස්තා වලදී පිරිමි ලමයාට දිනපතා බොක්සින් පුහුනුවන ඇගේ සියුමැලි අත්වල පහස විදගෙන පැත්තකට වී සිටීමට සිදුවිය. ගැහැනු ලමයෙකුගෙන් ගුටි කෑව කියල කාට කියන්නද. ඇය ගැහැනු ලමයෙකු බැවින් ඇයට ගහන්නෙත් කොහොමද....පිරිමි ලමුන් තුල මෙම හැගීම ඇතිවුනු බව මට තේරුනි. සමාදි කාට සැරවුවද මාසමග සාමදානයෙන් විසීම මගේ සිතට සහනයක් විය. එහෙම අතිවූයේ අපි දෙදෙනා එකට හැදී එකටම මෙලොව දුටු නිසා බව මට තේරුනි. වෙනත් පිරිමි ලමයෙකුගෙ අතින් මට වැරැද්දක් වූ විට ඇය ඉදිරිපත් වීම නිසා මා සමග ගැටලු ඇතිකර ගැනීමට අනිත් පිරිමි ලමුන් බියවිය.
අපේ නිවස පිහිටා තිබුනු වත්ත තරමක් විශාල බැවින් අඹ රබුටන් වෙරලු ආදී පලතුගස් තිබුනි....පලතුරු කාලෙට ගස්වලට නැග ඒවාකඩන්නේද සමාදිය.....මේ ලමයට කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ ගස් නගින්න එපා කියල.ඔයා හෙට අනිද්ද ලෝකු ලමයෙක් වෙන්න ඉන්න ගැහැනු ලමයෙක් නේද.....අම්මා මෙසේ පවසන විට....ඒ අම්මලට පේන හැටි මම ගැහැනු ලමයෙක් නෙවෙයි පිරිමි ලමයෙක්......මොකද මටත් අයියල වගේ පිරිමි ලමයෙක් වගේ ඉන්න බැරිද......අම්මාට පැවසුවාය.....පුලුවන් ඔයාටත් පිරිමි අංග තියෙනවනම්......ගහැනු අංග තියාගෙන කොහොමද ලමයො කොල්ලෙක් වෙන්නෙ.....ඔය හැසිරීම් අයින් කරල කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න බලනව......අම්මා ඇයට දිගටම දොස් කියනවිට ඇය එතැනින් කරබාගෙන ගියේ තව ටිකක් වෙලා හිටියොත් අම්මාගේ අල්ලේ පහරවල් ඇගේ බොක්සින් පහරවලට වඩා දරුනු බව දන්නා නිසාය........අම්මා කෙතෙක් අව්වාද කලත් ඇය ඇගේ කොලු ගති අත හැරියේ නැත. ඔයා ඔය විදියට ඉන්නව දැක්කම මටයි එක එක්කෙනා දොස් කියන්නෙ...දුවව හදල තියෙන හැටි කියල......අම්මා නිතර පැවසුවාය...ඉතින් අම්මට තියෙන්නෙ මාව කොල්ලෙක් වගේ හදන එකනෙ.....ඇය කීවාය.පුලුවන්නම් මම ඒක කරනව...අම්මා පැවසූවිට....ඇයි බැරි....අම්මනෙ මට ගවුන් අන්දවන්නෙ... ඉතින් කොහොමද මාව කොල්ලෙක් වෙන්නෙ....මටත් අයියට වගේ කලිසම් කමිස අදින්න දීල මේ කොන්ඩෙත් කොටට කැපුවනම් මාත් කොල්ලෙක් තමා....කොල්ලො කරාබු දාන්නෙත් නෑනෙ ඒවත් අයින් කරන්න.....අය කීවාය....අනේ පලයන් මෙතැනින් යන්න මගෙන් මොකුත් අහගන්නෙ නැතුව.....අම්මා බනින විට ඇය එතැනින් ඉවත්වූවාය.....අම්මා මෙම ගැටලුව තාත්තාට පැවසූවිට......නෝනා...... දැන් කාලෙ කෙල්ල්ලන්ට සාම්ප්‍රදායක ගැහැනු වගේ හැදෙන්න බෑ....එයාලත් මේ සමාජෙ ඉස්සරහට යන්න ඕනැ.....පිරිමි වගේ කරට කර ඉන්න ඕනැ.....තාත්තා එසේ පැවසීම නිසා අනේ මන්ද මොකුත් උනොත් තාත්ත දූල බලාගන්න එකයි පස්සෙ මට දොස් කියන්න එපා....පැවසූ අම්මා.... ඇගේ විරෝධතාව හකුලාගැනීමට සිදුවිය.දවසක් අම්මා නිවසෙහි නොමැති අතර තුර සමාදි අමුතු දෙයක් කරගෙන තිබුනි.අදනම් අම්මගෙන් හොදටම ගුටිකන්න වෙනව....මම එසේ කීවත් ඇය ගනනකට නොගෙන.....ඕනැ තරම් ගහපුවාවෙ...මම මේ කලේ මගේ කැමැත්ත....ඇය ගනනකට නොගෙන කීවාය.....

No comments: