Thursday, June 23, 2016

(ජීවිත්ය සුන්දරයි 20)..................................යකෝ සල්ලිවලට අම්ම තාත්තවත් විස්වාසකරන්න එපා...ගැනල ගනින්.....මුදලාලි මෙහෙම කිව්වම සල්ලි ටික ආපසු අරන් ගනන් කෙරුව....කීයක් තියෙනවද ...මගෙන් ඇහුව....හයදාහක් තියෙනවව ..... මම කිව්ව ...ඕක පරිස්සම් කරල තියාගනින්.....මහෙම කිව්ව මුදලාලි ආපහු ගියා......ඔය ලමයට ඔහොමවත් දුන්න ඇති...මමනම් හිතුවෙ කීයක්වත් දෙන එකක් නෑ කියල....මාම කිව්ව......මට දැන් සල්ලි ටිකක් තියෙනව සාප්පුවට ගිහින් ගවුමක් දෙකක් ගන්නවද.....තාම මෙහාට ඇවිත් මාසයයි මෙහෙ තත්වෙ තාම හරියට දන්නෙ නෑ කලබල වෙන්නෙ නැතුව තව ටික දවසක් ඉන්නව...මම හිතාගත්ත...ඈ ලමයො කොන්ඩෙ වැවිල නේද කපාගන්න අදහසක් නැද්ද.....මගේ කොන්ඩෙ දිහා බැලුව මාම ඇහුව...මම හිතා ඉන්නෙ කොන්ඩෙ වවන්න....මම කොන්ඩෙ අතගාමින් පැවසුව...ආපෝ රස්තියාදු කාරයො වගේ....මාම නොකැමැත්ත ප්‍රකාශ කලා.....ඔය සින්දු කියන අයත් වවන්නෙ....මම කිව්ව....එහෙනම් සින්දු කියන්නද හදන්නෙ....හොදා හොදා....මාම හිනාවුනා....ටික දවසකින් මගෙ කොන්ඩෙ ටිකක් දික්වුනා...කොන්ඩෙ වැවුවට කමක් නෑ කොලුවො කෑමවලට කෙස්ගස් දානව නෙවෙයි...මගේ වැවුනු කොන්ඩෙ දැකල මොදලාලි කිව්ව....ඊට පස්සෙ මම කුස්සියෙ ඉන්න වෙලාවට තොප්පියක් දාන්න පුරුදුවුනා....දැන් මාස තුනක් විතර ගියා මුදලාලි මට මාසෙට හය දහස ගානෙ පඩි දුන්න හින්ද ගානක් එකතුවෙලා තිබුන....දැන්නම් ගවුන් ටිකක් ගන්න හොද කාලෙ රෑට කවුරුවත් මගෙ කාමරේට එන්නෙ නැති හින්ද ඒව ඇදගෙන නිදාගන්න පුලුවන්....මම කල්පනාකලා. හවසට නිකන් ඉන්න ගමන් සාප්පුවට යන්න ඕනැ...හිතුව මම පහුවදා සාප්පුවට ගියා...ඒත් ගෑනු ඇදුන් තෝරන්න ලැජ්ජාවක් ආව ...කෙල්ලෙක් වෙන්න මේවගේ ලැජ්ජ වෙලා බෑ ...මගේ හිතට ධෛරිය ගත්ත.....ගවුමක් තෝරන කොට මම ගාවට සාප්පුවෙ වැඩකරන කෙල්ලෙක් ආව....කාටද මහත්තය බලන්නෙ....මගෙන් ඇහුව...මගෙ අක්කට...මම උත්තර දුන්න....සයිස් එක කොහොමද දන්නෙ නෑ...එයා ඇහුව....මගේ සයිසෙක වගේ .....මම එසේ පවසූවිට මේ ටික බලන්න...මට ගවුන් ටිකක් පෙන්නුව....මම ගවුමක් සමග සුදු සායකුයි බ්ලවුසයකුයි ගත්ත...මේව අක්කට හරිගියෙ නැත්නම් මාරු කරන්න පුලුවන්ද...මම ඇහුව....දවස් තුනක් ඇතුලත අරන් එන්න...මට කිව්ව...දැන් යට ඇදුම් ගන්නෙ කොහොමද මම කල්පනා කලා.....හිමින් සැරේ සාප්පුවෙ අක්කට කියන්න ඕනැ....මම ලැජ්ජාවෙන් ඇය ගාවට ගිහින් අක්කට යට ඇදුම් ටිකකුත් ගන්න ඕනැ....කිව්ව....ඇය හිනාවෙලා.....බ්රෙසියර් යට සායවල් පැන්ටි පෙන්නුව .....මට හිතෙන්නෙ ඔයාගෙ අක්කට මේව හරියයි....එයා ඒව තොරල මට දුන්න මම එක ජාතියකින් දෙක ගානෙ ගත්ත...මේව ගත්ත වගේ නෙවෙයි කාටවත් පේන්නෙ නැතිවෙන්න තියාගන්නෙ කොහොමද....මම කල්පනා කලා.....අගුලු දාන්න පුලුවන් බෑක් එකක් ගත්තොත් හරි....බෑක් කඩේකට ගියා...බෑක් එකක් අරගෙන ගත්ත ඇදුම් ටික ඒකට දාල අගුලු දැම්ම....මම ආපහු ගිහින් කාමරෙන් බෑක් එක තියෙල මාමත් එක්ක හවස් වරුවෙ වැඩටික පටන්ගත්ත....
රෑ නාගෙන නිදාගන්න ගියා කාමරේ දොර ඇතුලෙන් ලොක් කරල බෑක් එක ඇරිය...කවුරු හරි කොහෙන් හරි බලයිද දන්නෙ නෑ....මම කාමරයේ සිදුරු තියෙන තැන් වැහුව.....ඇදගෙන හිටිය කලිසම ගැලෙව්ව.....මේක ඉස්සර වගේ බැදගන්න මොකක් හරි රෙදි පටි කෑල්ලක් හියාගන්න බැරි වුනානෙ....මම කාමරේ බඩු අතර හොයන්න උනා...පරන පයිප්ප වගයක් රෙදි පටියකින් ගැටගහල තියෙනව දැක්ක...ඒක ලෙහාගත්ත. මගෙ ලේන්සුවක් තියල ඒකෙන් ගැට ගහ ගත්ත ...පැන්ටිය ඇන්දම ඒ දවස්වල වගේ මට්ටම් වෙලා පෙනුන ..යට ගවුමයි සායයි ඇදල ගවුම ඇන්ද....අම්මෝ මාස ගානකින්....මගේ සතුටේ නිමාවක් නැතිවුනා...මගෙ ලස්සන බලන්න තිබුනෙ පොඩි කන්නඩියක්...ලොකු එකක් තියෙනව නම් හොදට බලන්න තිබුන....හෙට ලොකු එකක් ගේන්න ඕනැ මම හිතාගත්තා.....නයිට් ගවුමකුත් ගත්තනම් හරි හෙට ඒකත් ගන්න ඕනැ....මම තීරනය කලා....වැඩි වෙලාවක් ලයිට් එක දාගෙන ඉන්න බැරි හින්ද ඒක නිවල දැම්ම. ජනේලෙ වීදුරුවෙන්..මුදලාලිගෙ ගෙදර ලයිට් එලිය කාමරේට වටෙන හින්ද සාමාන්‍ය එලියක් තිබුන...මම ඒ එලියෙන් මගේ ගැහැනු කමේ සතුට විදගන්න පුලුවන් උනා....කන් පෙතිත් විදගෙන කරාබු ජෝඩුවකුත් දාගත්තනම් නියමයි...මට හිතුන. මම වගේ කොන්ඩෙ වවාගෙන එක කරාබුවක් දාගෙන අපේ හෝටලේට නිතර එන අයිය කෙනෙක් මට මතක්වුනා...එයාගෙන් අහගන්න ඕනැ කන විදින හැටි.....පහුවදා මම ඒ අයිය එනකන් බලා හිටිය...එයා කෑම කාල ඉවර උනාට පස්සෙ එයා ගාවට කිට්ටුවුනා...අයිය කන විදගත්තෙ කොහෙන්ද....මම ඇහුව....ඇයි මල්ලිටත් විද ගන්න ඕනැද.....එයා ඇහුව....පාමසියෙන් ඉන්ජෙක්සන් කට්ටක් අරන්දුන්නොත් මම විදල දෙන්න.....එයා කිව්ව....ඒ එක්කම සර්ජරි ස්පිරීට් කුප්පියකුත් ගේන්න....කිව්ව.... මම හා කිව්වට...එයාට කිය්ල විදගන්න ඕනැවුනේ නෑ මට ඕනැවුනේ විදින්නෙ කොහොමද කියල දැනගන්න විතරයි.....සර්ජිකල් ස්පිරීට් ටිකක් ගාල ඉන්ජෙක්සන් කට්ටෙන් විද්දම හරි....මම කන විදින හැටි තේරුම් ගත්ත.....පහුවදා පාමසියට ගියමම කන විදින ඒව අරගත්ත...නයිට් ගවුමක් ලොකු කන්නඩියක් ගත්ත මම. කනවිද්දට පස්සෙ දාගන්න ඉමිටේසන් කරාබු ජෝඩුවකුත් ගත්තා. හවස වැඩ පටන්ගන්න ඉස්සෙල්ල යන්න ඕනැ හින්ද ආපහු හෝටලේට ගියා....මට හිතයි මාමෙ කන්විදල කරාබු දාන්න...මම උයන ගමන් මාමට කිව්ව....මොකක්ද බන් උඹට වෙලා තියෙන්නෙ කොන්ඩෙ වැව්ව දැන් කරබුදාන්න හදනව ....හෙට අනිද්ද චීත්තෙකුත් අදියි......මාමා සිනාසෙමින් කිව්ව......

No comments: